
මා ගිය විනෝද චාරිකාව වන්නේ නුවරඑළිය ප්‍රදේශය නැරඹිමටෙ ගිය ගමනයි. මෙම ගමන සඳහා අම්මා තාත්තා ආච්චි හා නංගි ගියහ. අපි ගමන ගියේ රාත්‍රි දුම්රියෙන්ය.
“අපි යන්නේ නිදන මැදිරියේ“ තාත්තා කීවේය. මම දිව ගොස් උඩ තිබෙන ඇඳට ගොඩ වුයෙමි. නංගී මා සිටි තැනට එන්නට ඕනෑ යැයි කියමින් බෙරිහන් දුන්නාය. අපි නංගී ද ඇඳට පැමිණි පසු තාත්තා අපේ ඡායාරූපයක් ගත්තේය. ටිකකින් නලා හඬක් ඇසුණි. දුම්රිය බදුල්ල බලා පිටත් විය. ටිකකින් මට නින්ද ගියේය. දුම්රියේ ශබ්දය නිසා වරින් වර ඇහැරුණි.
හැටන් දුම්රිය ස්ථානයේදි අම්මා අප අවදි කළාය.
අපි නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස්සෙමු. ඒ උදෑසන තාත්තා අපට සිරිපාදය ද පෙන්නුවේය. අප නානුඔය දුම්රිය ස්ථානයෙන් බසින විට වේලාව පාන්දර හතරය. වාහනයකින් අපි නවාතැන වෙත ගියෙමු. අපි නුවරඑළිය මල් වත්ත, ස්ට්‍රෝබරි වගාව, ග්‍රෙගරි වැව බලන්න ගියෙමු. සීතල නුවරඑළියේ දවසක් ගත කළ අපි පසුදා යළිත් කොළඹ ආවෙමු.
දනුලි අමල්මි මලවිසූරිය
4 ශ්‍රේණිය බී
සෝමවිර චන්ද්‍රසිරි විද්‍යාලය
පිළියන්දල.