
පරිසරය යනු අප අවට ඇති ගහකොළ, ඇළදොළ, ගංගා ආදිය වේ. සමහරු ගස් කපා දමති. ගස් කැපීම නිසා සෙවණ, දැව, ආහාරපාන වැනි දෑ අපට නැති වේ. ජලය හිඟ වේ. පරිසරය සුරැකීමට නම් සැවොම එකමුතු විය යුතුය. අපට ප්‍රයෝජනවත් පරිදි ආහාරයට ගත හැකි භෝග වර්ග, බෙහෙත් වර්ග පැළෑටි සිටුවමු. ගංගාවල වැලි ගොඩ දැමීම නොකළ යුතුය. අවට පරිසරයේ ඇති අපද්‍රව්‍ය සුදුසු පරිදි විනාශ කිරීමට හා වළදැමීම ද කළ යුතුය. එසේ කිරීමෙන් මදුරුවන්ගෙන් බෝවන රෝගවලින් වැළකිය හැකිය. පුංචි අපි සියලු දෙනාම එකතු වී පරිසරය සුරකිමු.
කේ. යොමාෂා නෙත්මිණි ප්‍රනාන්දු
6 ශ්‍රේණිය සී,
වාද්දුව මධ්‍ය මහ විදුහල,
වාද්දුව.