කහවත්ත ගුරුගේ මැණික් ජනාධිපති සම්මාන දිනයි | සිළුමිණ

කහවත්ත ගුරුගේ මැණික් ජනාධිපති සම්මාන දිනයි

කහවත්ත ගුරුගේ මැණික් පෞද්ගලික සමාගම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කළ ජනාධිපති සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. මැණික් පතල් කැණීමේ වැඩිම බලපත්‍රලාභියාට හිමි ලෝකඩ සම්මානය සහ පතල් කැණීමේ විශේෂඥයාට හිමි විශිෂ්ටතා සම්මානය ගුරුගේ මැණික් සමාගමට හිමි විය. ගුරුගේ මැණික් සමාගමේ කළමනාකාර අධ්‍යක් ගයාන් ගුරුගේ මහතා විසින් සම්මාන ලබා ගන්නා ලදී. ගුරුගේ මැණික් ව්‍යාපාරයේ නිර්මාතෘ ජිනදාස ගුරුගේ මහතා විසින් කුඩා පරිමාණයෙන් ආරම්භ කරන ලද ගුරුගේ මැණික් සමාගම කිහිපයක සිය අණසක පතුරවා ඇත. අංක 169/ක්, විද්‍යාල මාවත, කහවත්ත ලිපිනයේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රදර්ශනාගාරය පිහිටුවා ඇත.

දේශිය වශයෙන් මැණික් ව්‍යාපාරයේ නිරත වීමට අමතරව ක්ෂේත්‍ර විදේශවලට මැණික් අපනයනය කිරීමට ගුරුගේ මැණික් සමාගම කටයුතු කරයි. තායිලන්තයේ බැංකොක්, හොංකොං, ඇමරිකා එක්සත් ජනපදය එලෙස මැණික් අපනයනය කරන ප්‍රධාන රටවල්ය. වඩාත් විශ්වාසවන්තව මැණික් අලෙවි කිරීමට සහ මිල දී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස කහවත්ත ගුරුගේ මැණික් සුවිශාල කීර්ති නාමයක් දිනා සිටියි. ගුරුගේ මැණික් නාමය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති ඉහළ විශ්වාසයට ලැබුණ උපහාරයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකි බව කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් ගුරුගේ මහතා පවසයි.

මැණික් ව්‍යාපාරයට අමතරව වැවිලි කර්මාන්තයට සහ හෝටල් කර්මාන්තයට ප්‍රවිෂ්ට වීමටද ගුරුගේ මැණික් කළමනාකාරිත්වය කටයුතු කර තිබේ. හම්බන්තොට පීකොක් බීච් හෝටලය ගුරුගේ මැණික් සමාගමේ සහෝදර සමාගමකි.

Comments