අවුු­රුදු 500කට පෙර ලංකා­වෙන් වති­කා­න­යට ගිය ඇත් සුර­තලා | සිළුමිණ

අවුු­රුදු 500කට පෙර ලංකා­වෙන් වති­කා­න­යට ගිය ඇත් සුර­තලා

චිත්‍ර ශිල්පී රෆා­‌ෙයල් විසින් අඳින ලද හැනෝගේ සිතු­වමේ ආකෘතිය

වති­කානු මාලිග අංග­ණයේ හස්ති­ය­කුගේ ඇට­කටු මිහි­දන්ව තිබීම ප්‍රශ්නා­ර්ථ­යක්ව වසර ගණ­නක් තිස්සේ යට­පත්ව පැව­තිණි. අව­සා­නයේ එහි රහස සොයා ගනු ලැබුවේ සුප්‍ර­කට ‘ස්මිත්සෝ­නි­යන්’ සඟ­රාවේ ඉති­හා­ස­ඥ­යකු වූ සිල්වියෝ බෙඩිනි විසිනි. වති­කානු මාලිගා පරි­ශ්‍ර­යට හස්ති ඇට­කටු ලැබීමේ අතීත පුරා­වෘ­ත්තය සොයා­ගැ­නීමේ ගෞර­වය හිමි වන්නේ ඔහු­ටය. එසේම එම සොයා ගැනීම පාප් වහ­න්සේගේ ඉති­හා­සයේ සුවි­ශේෂ පරි­ච්ජේ­ද­යක තොර­තුරු හෙළි කර­ගැ­නී­මක් හා සමාන විය. පසු­කා­ලී­නව ග්‍රන්ථ­යක් ලෙසද එළි දැක්වුණු මේ කතාව ලොව පුරා ප්‍රච­ලිත වූයේය.

රෝමයේ වති­කානු මාලි­ගයේ සේවක පිරි­සක් දිනක් මාලිගා පරි­ශ්‍රයේ පොළොව හාර­මින් සිටියේ මාලි­ගා­වට අලු­තින් එක් කෙරෙන උණු­සුම් හා සිසිල් කිරීමේ පද්ධ­ති­යක් සඳහා නළ එළීමේ කට­යු­ත්තක් වෙනු­වෙනි.

ඒ 1962 වසරේ පෙබ­ර­වාරි මාස­යේය. එලෙස හාරා­ගෙන යද්දී ඔවුන්ට පොළොව යට තිබී විශේ­ෂිත යමක් හමු­විය. ඒ විශාල ඇට කටු සමූ­හ­යකි. ‍ෆොසිල නොවූ එම ඇට­කටු සොයා­ගැ­නී­මත් සම­ඟින් සැවොම මවි­ත­යට පත්වූයේ ඒවා ඩයි­න­සෝ­ර­ය­කුගේ ඇට කටු යැයි සිත­මිනි. එහෙත් ඇට කටු මතු­වූයේ එත­රම් යට­කින් නොව අඩි කීප­යක් නොදු­රෙනි. වති­කානු පුස්ත­කා­ලයේ භාර­කාර මණ්ඩ­ලය මේ පිළි­බඳ කළ විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­වල දී තහ­වුරු වූයේ එම ඇට කටු ඩයි­න­සෝර් ඇට කටු නොවන බවය. දිගු දළ යුග­ලක් හා දැවැන්ත හකු­පාඩා කැබලි සමඟ එතැන වූයේ හස්ති­ය­කුගේ ඇට­ක­ටුය.

වති­කානු මාලි­ගය මැද්දේ පිහිටි අංග­ණ­ය­කට හස්ති­ය­කුගේ ඇට­කටු පැමි­ණියේ කෙසේද? කවු­රුත් විම­ති­යට පත්වූහ. ලෝකයේ සැඟ­වුණු රහස් හා කුතු­හ­ලය දන­වන තොර­තුරු හෙළි කරන ‘Atlas Obscura’ සඟ­රා­වට ඒ පිළි­බඳ තොර­තුරු ප්‍රථ­ම­යෙන්ම වාර්තා කළේ සාරා ලස්කොව් ලේඛි­කා­වය.

රෝම­යට මුලින්ම හස්තීන් පැමිණ ඇත්තේ ක්‍රිස්තු පූර්ව 280 වැනි ශත වර්ෂ­යේය. එකල හස්තීන් හැඳි­න්වී­මට නමක් නොදත් රෝම­ව­රුන් උන් හඳුන්වා ඇත්තේ ‘ලුසා­නි­යන් ගව­යන්’ලෙසය.

රෝම අධි­රා­ජ්‍යය පැවැති අව­දියේ යුද්ධ කට­යුතු සඳ­හාත් සිය සශ්‍රී­ක­ත්වය පෙන්වීම සඳ­හාත් රෝම­න්ව­රුන් හස්තීන් තබා ගත්තද රෝම අධි­රා­ජ්‍යය බිඳ වැටී­මෙන් පසු ඉතා­ලියේ අහල ගම් හත­ක­ට­වත් හස්ති­යකු ළඟා වී නැත.

වති­කානු මාලිග අංග­ණයේ හස්ති­ය­කුගේ ඇට­කටු මිහි­දන්ව තිබීම ප්‍රශ්නා­ර්ථ­යක්ව වසර ගණ­නක් තිස්සේ යට­පත්ව පැව­තිණි. අව­සා­නයේ එහි රහස සොයා ගනු ලැබුවේ සුප්‍ර­කට ‘ස්මිත්සෝ­නි­යන්’ සඟ­රාවේ ඉති­හා­ස­ඥ­යකු වූ සිල්වියෝ බෙඩිනි විසිනි. වති­කානු මාලිගා පරි­ශ්‍ර­යට හස්ති ඇට­කටු ලැබීමේ අතීත පුරා­වෘ­ත්තය සොයා­ගැ­නීමේ ගෞර­වය හිමි වන්නේ ඔහු­ටය. ‘පාප් වහන්සේගේ හස්තියා’ නමින් බෙඩිනි හෙළි කළ තොර­තුරු ඉතා අංග සම්පූර්ණ පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යක් විය. එසේම එම සොයා ගැනීම පාප් වහ­න්සේගේ ඉති­හා­සයේ සුවි­ශේෂ පරි­ච්ජේ­ද­යක තොර­තුරු හෙළි කර­ගැ­නී­මක් හා සමාන විය. පසු­කා­ලී­නව ග්‍රන්ථ­යක් ලෙසද එළි දැක්වුණු මේ කතාව ලොව පුරා ප්‍රච­ලිත වූයේය.

පාප් වහන්සේ ගේ හස්තියා පිළි­බඳ කතාව 15 වැනි ශත වර්ෂයේ මුල් අව­දිය තෙක් විහි­දෙ­න්නකි. අපේ රට ද මේ කතා­වට ඈදෙන්නේ ඒ සම­ඟය.

තෑගි ලෙස පණ ඇති සත්තු

එකල ලොව බල­වත් රට­වල ක්‍රිස්ති­යානු පාල­කයෝ සිය රාජ්‍ය තාන්ත්‍රික කට­යු­තු­ව­ලදී වති­කා­නුවේ සුවි­ශේෂ අනු­ග්‍ර­හය ලබා ගැනීම සඳහා ධුරය දැරූ පාප් ව­හන්සේ වෙත විවි­ධා­කාර වූ තාන්න මාන්න පිළි­ගැ­න්වීම සිරි­තක් ලෙස සිදු කළහ.

මේ අව­ධිය පෘතු­ගා­ලය දේශා­ට­නයේ යෙදෙ­මින් සිය මුහුදු මාර්ග පුළුල් කර­ගැ­නීමේ ප්‍රය­ත්නයේ යෙදී සිටි මුල් කාල වක­වා­නු­වයි. එකල පෘතු­ගා­ලයේ රජ කළ පළමු වැනි මැනු­වෙල් රජු ඉතා බල­ස­ම්ප­න්නව රාජ්‍ය විචා­ර­මින් සිටි­යේය. ඉන්දි­යාව කරා වැටී ඇති මුහුදු මාර්ග­යන්හි පාල­නය සිය ප්‍රති­වා­දීන් අබි­බවා සිය­තට ගැනීම ඔහුගේ ඒකා­යන පර­මා­ර්ථය වූයේය. ඒ වෙද්දී ලෝකයේ කුළු­බඩු වෙළෙ­ඳාමේ ඒකා­ධි­කා­රය පැව­තියේ ඊජිප්තු වෙළෙ­ඳුන් අතය. ඉන්දි­යාව හා නැගෙ­න­හිර ඉන්දි­යානු දූපත් හා ගනු­දෙනු කර­මින් කුළු­බඩු වෙළෙ­ඳාමේ ආධි­ප­ත්‍යය සිය­තට ගැනීම සඳහා මැනු­වෙල් රජු ප්‍රයත්න දර­මින් සිටි­යේය.

1513 දී ජියො­වානි මෙඩිසි, දස­වැනි ලියෝ ලෙස පාප් තන­තු­රට පත්වූයේ මේ අත­ර­වා­ර­යේය. සිය දේශ­පා­ලන බලා­ධි­කා­රය පතු­රුවා ගැනී­මට කල්යල් බල­මින් සිටි මැනු­වෙල් රජු නව පාප් ව­හ­න්සේගේ සිත දිනා­ගැ­නීම සඳහා අමු­තුම උප­ක්‍ර­ම­යක් යෙදීය. ඔහු පාප් ව­හන්සේ වෙත පෙර­දිග රට­ව­ලින් එක් කර­ගත් මුතු මැණික් සේද රෙදි­පිළි රන් ආභ­රණ සුවඳ ද්‍රව්‍ය හා කුළු­බඩු සමඟ ත්‍යාග ලෙසින් පණ පිටින් සතුන් කීප දෙනකු ද එවීය. චීටෙක්, අඳුන් දිවි­යෙක්, කතා කරන ගිර­වෙක්, අමුතු වර්ග­යක සුන­ඛ­යෙක්, පර්සි­යානු අශ්ව­යෙක් හා පුහුණු කරන ලද වඳු­රෙක් ද ඒ අතර වූහ. එහෙත් ඒ සිය­ල්ල­ටම වඩා වැද­ගත් වූයේ ඒ සතුන් සම­ඟින් මැනු­වෙල් රජු පාප් ව­හ­න්සේට යැවූ හස්ති­යාය. එම හස්තියා ගෙන ගොස් ඇත්තේ අපේ රටෙනි.

ඇත් පැටවා පිටුපස ජන පෙරහරක්

මේ හස්තියා පිළි­බඳ කතාව ද අපූ­රුය. 1505 දී පෘතු­ගීසි ජාතික දොන් ලොරෙන්සෝ ද අල්මේදා සෙනෙ­වියා කොළම්තොටට ගොඩ­බට පසු එකල කෝට්ටේ රජු හොඳ­හිත පළ කිරී­මක් වශ­යෙන් ඔහුට කුරුඳු හා හස්ති­යකු ත්‍යාග කළ බව සඳ­හන්ය. ත්‍යාග දී පිටත් කර හැරීමේ අද­හ­සින් දුන්නද පෘතු­ගී­සිහු අප රටේ පැළ­ප­දි­යම් වූහ.

පෘතු­ගී­සීන් මේ හස්තියා පසුව ගෝවට ගෙන ගොස් එතැ­නින් ලිස්බන් නග­ර­යට නැව් ගත කර තිබේ. ඉන්ප­සුද අපේ රටෙන් වරින් වර හස්තීන් නැව්ගත කළ බව ඉති­හා­සයේ සඳ­හන් වේ.

පෘතු­ගා­ලයේ ආසි­යානු පාල­නය ගැන ලියූ ප්‍රකට ලේඛ­ක­යකු හා පෘතු­ගීසි ඉති­හා­ස­ඥ­යකු වූ ගැස්පර් කොරෙයා පසුව අපේ රටෙන් රැගෙන ගිය හස්ති­යකු ගැන මෙසේ ලියා ඇත.

“දොන් ලෙරෙන්සෝ ලංකා­වෙන් රැගෙන ආ කුඩා ඇත් පැට­වකු ගෝවේ ප්‍රති­රා­ජයා විසින් පෘතු­ගා­ල­යට එවනු ලැබ ඇත. පෘතු­ගා­ල­යට එවැනි ඇත් පැට­වකු රැගෙන ආ පළමු අව­ස්ථාව මෙයයි.” පාප් වහ­න්සේගේ හොඳ හිත සඳහා මැනු­වෙල් රජු ත්‍යාග කර ඇත්තේ මේ ඇත් පැට­වාය. පෘතු­ගා­ල­යේදී මේ ඇත් පැටවා නම් කර තිබුණේ ‘ඇනෝන්’ ලෙසය.

පෘතු­ගා­ලයේ හර්කි­යු­ලස් වරායේ සිට රෝමය දක්වා සැත­පුම් 70ක දුරක් ‘ඇනෝන්’ කැටුව ආ ගමන ගැන ස්මිත්සෝ­නි­යම් ඉති­හා­සඥ බෙඩිනි මෙසේ පව­සයි.

“ඇත් පැටවා ඉතා­ලි­යට පැමි­ණියේ 1514 ශීත කාලයේ. ඌ ලොකු සතෙක් නොවෙයි. උස යන්තම් අඩි හත­රක් පමණ ඇති. ගමන හරිම හෙමින්. ඉතා­ලියේ රළු පාර­වල් දිගේ වති­කා­නු­වට එන අත­ර­ම­ඟදී ඒ පා වේදනා දුන්නා. එහෙත් හස්තියා යන්නේ කොතැ­නද එතැන මිනි­සු­න්ගෙන් පිරී ඉතිරී ගියා. හස්තියා රෝම­යට කැටුව එන ගමනේ මඟ­දි­ගට ඌ පසු­පස පැමිණි ජන­තාව පෙර­හ­රක් මෙන් දිගු වුණා. මිනි­සුන්ට මේ සතා දැක­ගැ­නී­ම­ටත් ඌ සමඟ පැමිණි අමුතු භාෂා­වක් වහ­රන අමු­ත්තන් දැක ගැනී­ම­ටත් තිබුණේ පුදු­මා­කාර නොඉ­ව­සි­ල්ලක් හා කුතු­හ­ල­යක්.”

ඇත් පැටවා වති­කානු මාලි­ග­යට පැමි­ණියේ පෙර­හ­ර­කිනි. නිල වශ­යෙන් පාප් වහන්සේ ඉදි­රි­පි­ටට පමු­ණු­වද්දී මේ සතා අපූරු දෙයක් කළේ ය. පාප් වහන්සේ ඉදි­රියේ නත­රවී ඉදිරි දණ ඔබා නැවී හිස පහත් කර ආචාර කිරී­මය. ඉන් නොනැ­ව­තුණු මේ ඇත් පැටවා ආපසු හැරී­මට පෙර හොඬ ඉහ­ළට ඔසවා තෙව­රක් කුංච­නාද කර තිබේ. අන­තු­රුව අසල වූ දිය බඳු­න­කින් හොඬ­යට දිය ගෙන වතුර මලක් මෙන් ඉහ­ළට දිය විදා හැරි­යේය. මේ දසු­නෙන් අම­න්දා­න­න්ද­යට පත් පාප් වහන්සේ එතැන් පටන් ඇත් පැට­වාට වශී විය. මින් ඉම­හත් ප්‍රීති­යට පත් පාප් ව­හන්සේ පළ­මු­වැනි මැනු­වෙල් රජුට ස්තුතිය පළ කර­මින් සිය­තින්ම ලියූ ලිපි­යක් යැවු­වේය.

වති­කා­නු­වට පැමිණි නොබෝ දින­කින්ම ඇනොන් පාප් වහන්සේ විසින් බවුතීස්ම කරන ලදුව ‘හැනෝ’ ලෙසින් නම් ලැබීය. දිනෙන් දින පාප් වහන්සේ හා හැනෝ අතර බැඳීම වැඩෙද්දී උන්ව­හන්සේ විවිධ සුර­තල් නාම­ය­න්ගෙන් හැනෝ ඇම­තූහ. සිල්ක් සහ රන් නූලෙන් කරවූ ඇඳු­ම්ව­ලින් හැනෝ හැඩ කළහ. හැනෝ එසේ මෙසේ හස්ති­යෙක් නොවීය. එකල පෘතු­ගීසි බලා­ධි­කා­රය ව්‍යාප්ත කිරී­මට මෙන්ම ප්‍රොතෙ­ස්තන්ත ප්‍රති­සං­ස්ක­රණ සඳ­හාත් හැනෝ කිසි­යම් වූ බල­පෑ­මක් කළේය. ඒ සිය­ල්ල­ටත් වඩා හැනෝ යනු එකල රෝම­යට ආශ්ච­ර්යක් හා පුදු­ම­යක් විය. රෝම අධි­රා­ජ්‍යය බිඳ වැටී­මෙන් පසු හස්ති­යකු නොදුටු ඉතාලි ජන­තාව හැනෝ ගේ දර්ශන මාත්‍ර­යක් සඳහා මහා පෙරැ­ළි­යක් කළහ.

පාප් වහන්සේගේ ‍ආද­ර­ය හා කරු­ණා­ව

දස­වැනි ලියෝ පාප් වහන්සේ හැනෝ සඳහා වති­කානු මාලිගා අංග­ණ­යේම විශේෂ නිව­හ­නක් තැනවූ අතර රෝම ජන­තා­වට සති අන්ත­ව­ලදී හැනෝ නැරැ­ඹී­මට ද ඉඩ­කඩ සලසා දුන්හ.

හැනෝ සහ පාප්ව­හන්සේ අතර වූ මේ අධි­ක­තර වූ සෙනෙ­හස හා බැඳීම එකල කතෝ­ලික පල්ලියේ නොස­තු­ටට ද හේතු වූ බව බෙඩිනි සඳ­හන් කරයි.

පාප් වහන්සේ ‍කෙතරම් ආද­ර­යක් හා කරු­ණා­වක් දක්ව­මින් රැක ­බලාගත්තද හැනෝගේ වති­කානු ජීවි­තය එත­රම් කාල­යක් නොපැ­ව­ති­යේය. වයස අවු­රුදු හත­රක පැට­වකු ලෙස වති­කා­නු­වට පැමිණි හැනෝ දෙව­ස­ර­කට පමණ පසු සෞඛ්‍ය­යෙන් පිරි­හෙ­න්නට වූයේය. වහා කැඳ­වනු ලැබූ වෛද්‍ය­ව­රුන් ප්‍රති­කාර ඇරැ­ඹු­වද හැනෝගේ ජීවි­තය බේරා ගත නොහැකි විය.

හැනෝගේ මර­ණ­යට හේතුව ගැනද නොයෙ­කුත් මත­වාද පවතී. ඇතැම් තැනක සඳ­හන් වන්නේ හැනෝ මිය ගියේ නිව්මෝ­නි­යා­වෙන් බවය. තවත් පුව­ත­කින් කියැ­වෙන්නේ හැනෝ ගංගා­වක ගිලී මිය­ගිය බවකි. කෙසේ වෙතත් පාප් ව­හන්සේ හැනෝගේ දිවි රැක­ගැ­නීම සඳහා රන් කැබලි 5000කට වඩා වැය කළ බව බෙඩිනි සඳ­හන් කරයි.

හැනෝ වෙනුවෙන් ශෝක කාලයක්

හැනෝගේ මර­ණ­යෙන් පාප්ව­හන්සේ දැඩි කම්ප­න­යට පත්වූ බවත් ඒ දුක තුනී කර­ගනු පිණිස කාව්‍ය පට­බැඳි බවත් සඳ­හන් වේ. උන්ව­හන්සේ හැනෝ වෙනු­වෙන් ශෝක කාල­යක් ද ගත කළහ. ඉතාලි පුන­රුද සමයේ මහා සිත්ත­රකු හා ගෘහ නිර්මාණ ශිල්පි­යකු වූ රෆා­‌ෙයල් සන්සියෝ මේ අව­දියේ වති­කා­නුවේ චිත්‍ර නිර්මා­ණයේ යෙදී සිටි­යේය. පාප් ව­හන්සේ රෆා‌ෙ­යල් ලවා වති­කානු මාලිගා කොරි­ඩෝවේ බිතු­සි­තු­ව­මක් ද කර­වීය. එහි මුල් කෘතිය දැන් නැතත් රෆා­‌ෙයල්ගේ සිසු­වකු විසින් කරන ලද ආකෘ­ති­යක් බර්ලින් කෞතු­කා­ගා­ර­යක ඇත.

ඒ අකෘ­තියේ ලක්ෂණ අනුව ද හැනෝ ආසි­යානු හස්ති­ය­කුගේ ස්වභා­වය පෙන්නුම් කරයි. එප­ම­ණක් නොව හැනෝ හා දස­වැනි ලියෝ පාප් ව­හන්සේ අතර වූ බැඳීම ශුද්ධ වූ නග­ර­යට කෙත­රම් බල­පෑම් කළේද යත් මර­ණ­යෙන් වසර ගණ­නක් ගත­ වන තුරුත් හැනෝගේ රුව රැගත් ආකෘති ප්‍රතිමා හා බිතු සිතු­වම් නගර‍යේ දිය මල්, දොරටු හා පවුරු අලං­කා­රය සඳහා යොදා­ගනු දක්නට ලැබිණි.

පියෙට්‍රෝ ආර්ටිනෝ යනු එකල ඉතා­ලියේ ඉතා ප්‍රසිද්ධ පුද්ග­ල­යෙකි. ගත්ක­තු­ව­ර­යකු, නාට්‍ය රච­ක­යකු, කවි­යකු මෙන්ම රටේ බල­වත් පුද්ග­ල­ය­නට බල­පෑම් එල්ල කළ හැකි පුද්ග­ල­යෙක් විය. හැනෝ මිය­ගිය පසු අන්තිම කැමැති පත්‍රය සකස් කළේ පියෙ­ට්‍රෝය. එසේම එකල රෝමයේ යම් ධූරා­වලි දැරූ­වන්ගේ අව­සන් තෙස්ත­මේ­න්තුව සකස් කළේ ද ඔහුය.

සාන්තු­ව­රුන් ස්වර්ගස්ථ වූ පසු සිරුරු අස්ථි කොටස් පාර්සල් කර යුරෝ­පයේ ප්‍රධාන පල්ලි­ව­ලට බෙදා හැරීම සිදු­විය. ඉති­හා­සඥ බෙඩි­නිට අනුව පියෙට්‍රෝ සැකසූ හැනෝගේ අව­සන් තෙස්ත­මේ­න්තු­වට අනුව සාන්තු­ව­රුන්ගේ සිරු­රු­ව­ලට සල­කන ආකා­ර­යෙන් හැනෝගේ ද හම, දළ, දණ­හිස්, දිව හා වෘෂණ කොටස් ද කාදි­න­ල්ව­රුන් අතර බෙදා හැර තිබේ. නමුත්, හැනෝගේ සිරුරේ වැඩි ප්‍රමා­ණ­යක් තැන්පත් කරනු ලැබ ඇත්තේ වති­කානු මාලිගා අංග­ණ­යේය. දළ පම­ණක් ඉවත් කර වෙන තැනක තැන්පත් කර ඇතැයි ද බෙඩිනි ලියා ඇත. ඒ ඇට­කටු තව­මත් වති­කානු අංග­ණයේ තැන්පත්ව ඇතැයි පැවසේ.

වති­කානු මාලිගා කෞතු­කා­ගා­රයේ සිතු­වම් ඵලක තැන්පත් කර ඇති කලා­ගා­රය ලෝක ප්‍රසි­ද්ධව ඇත්තේ එම සිතු­වම් අතර ක්‍රිස්තුන් වහ­න්සේගේ ජීවිත කතා අඩංගු සිතු­වම්ද ඇති බැවිනි. මෙහි විශේ­ෂිත තැනක ඇති සිතු­ව­මක් ගැන ඉති­හා­සඥ සිල්වියෝ බෙඩිනි සඳ­හන් කරයි.

‘මේ සිතු­වමේ ඇති හස්තියා චිත්‍ර ශිල්පියා විසින් සිතු­වම් කරනු ලැබ ඇත්තේ ඌ පණ­පි­ටින් දැකී­මෙන් බවට සැක නැත. එම හස්තියා පසු­බිමේ සිටින චිත්‍රය සිතු­ව­මට නැඟී­මට දශ­ක­ය­කට හෝ ඊට පෙර හැනෝ නමින් වන හස්ති­යකු වති­කා­නුවේ සිට ඇත. එම හස්තියා ලංකා­වෙන් ගෙන­ගිය බවද වාර්තාවේ.’ එම සිතු­ව­මට යටින් හැනෝ ගැන මෙසේද කරුණු පෙළ ගස්වා තිබේ.

‘ඔහු අවු­රුදු හතක් ජීවත්ව සිටි­යේය., ඔහු මිය­ගියේ ශ්වසන අප­හ­සුතා හේතු­වෙනි., උසින් වියත් දොළ­හකි.’

තොර­තුරු සට­හන් කළේ,

ජියො­වානි බැටිස්ටා බ්‍රැන්කෝ­නියෝ ඩෙල් ඇක්විලා, පාප්ව­හ­න්සේගේ පෞද්ග­ලික සහ­කාර හා හස්ති­යාගේ බාර­කාර මණ්ඩ­ලයේ ප්‍රධානී.

Comments