ගේ ඉස්සරහ යකඩ තට්ටුවක් මත රැඳවූ බෝට්ටුවක් දෙකක් ඇතැම් නිවෙස්වල පෙනෙන්නට තිබේ. එවැනි අයකු තරමක ධනවතකු ලෙස සැලකේ. ග්රීෂ්ම ඍතුවේ නිවාඩු සමයේ වාහනයේ පිටුපස අටවාගත් ට්රේලරයක බෝට්ටුවක් එල්ලාගෙන බෝට්ටු පදින්න පවුල් පිටින් ඈත ප්රදේශවලට යෑම සුලබ දසුනකි.
ඒ ඉරිදා උදෑසන අවදි වෙද්දි වෙන දිනවලට වැඩි වෙනසක් පරිසරයේ දකිද්දි සිතට දැනුණේ පුදුමාකාර සතුටකි. අඳුරු මීදුම් මන්දාරම් ගතිය හමාර...