
හකුරු අප සෑම දෙනාම කෑමට ප්‍රිය කරන රස කෑමකි. පොල් හකුරු, තල් හකුරු, කිතුල් හකුරු වර්ග කීපයකි. මෙම ගස්වල මල් හැම එකක්ම තැළීමට ලක්කර පැණි හකුරු හදන්නේ.
හකුරු හදන්න පැණි ගන්නා ගස්වල මේවා හැදෙන හැටි බලමු. මෙම ගස්වල කොළවලට හිරු එළිය වැටෙන කොට ඒවායේ ග්ලූකෝස් හැදෙනවා. මේ හැදෙන ග්ලූකෝස්, රාත්‍රී කාලයේ ඉතා සියුම් නාළ දිගේ මල වෙත ගමන් කරනවා. මේ මල තළලා (මේ මල්වලට ආවේණික බෙහෙත් වර්ග මල අගට බැඳ) මල ශක්තිමත් ලණුවකින් ඔතලා මල කෙළවරට මුට්ටියක් එල්ලා තබනවා. එවිට අර ග්ලූකෝස් සාරය බින්දුව බින්දුව මුට්ටියට කාන්දු වෙනවා. ඒ වෑහෙන දියරයට තෙලිජ්ජ (මීරා) යන නම්වලින් හඳුන්වනවා. මේ දියරය සීනි සහිත නිසා පැණි රසයි.
මේ දියරය නැවුම් මුට්ටියකට දමා ළිප තබා උණුකර ජලය වාෂ්ප වෙන්ට අරිනවා. ඉන් පසු අපට පැණි ලැබෙනවා. මේ පැණි ඉතාමත්ම රසවත්ය. පැණි ළිපේ තබා ඝනවීමට හැර හකුරු හදනවා. අප රසට කන හකුරුවල කතාව එයයි.
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ - 08.