ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී LankaPay සමාගම ජාතික ගෙවීම් ජාලය ලෙස පිහිටුවන ලදී. එය මහ බැංකුවට සහ රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත්, කලාපයේ වඩාත්ම සාර්ථකම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය සහිත සමාගම ලෙස සැලකේ. ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වීමත් සමඟ LankaPay සමාගම සිය අඛණ්ඩ තාක්ෂණික පරිවර්තන ගමනේ වැදගත් පියවරක් ලෙස එහි යටිතල ව්‍යුහය වැඩිදියුණු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.
LankaPay හි තොරතුරු තාක්ෂණික අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ඩිලන්ත සමරසිංහ මෙසේ ප්‍රකාශ කළේය. “වැඩිවෙන ඉල්ලුමට සහ ධාරිතා වර්ධනයට සරිලන පරිදි පොදු කාඩ්පත් සහ ගෙවීම් පද්ධතිය (CCAPS) වැඩිදියුණු කිරීම අපගේ න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමක පවතිනවා. ජාතික ගෙවීම් ජාලයේ ප්‍රධාන ක්‍රියාකරු ලෙස, දත්ත මධ්‍යස්ථානවල යටිතල ව්‍යුහයේ ඇති වේගවත් බව සහ නිසි පරිමාණයක් සැපයීම සහතික කිරීම වෙනුවෙන් දත්ත මධ්‍යස්ථාන නවීන මෘදුකාංගවලට පරිවර්තනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණය සහ මෑත කාලීන නවීන යටිතල ව්‍යුහවලින් එය වැඩිදියුණු කිරීමට නායකත්වය දීමට අප බලාපොරොත්තු වෙනවා.