![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/29/13-6.jpg?itok=hDIXO3SN)
13 වන සංශෝධනයේ මූලික පදනම බලය බෙදීම බව ද එය කළ යුත්තේ කුඩාම ආයතනය ලෙස සලකන ප්‍රාදේශීය සභාව තුළින් බවද එහෙත් ප්‍රාදේශීය සභාද නාම යෝජනා භාර දී ඇප තැන්පත් කිරීමෙන් පසු අක්‍රීය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත සිළුමිණට ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දක්වමින් ජවිපෙ ලාල්කාන්ත මෙසේද කියා සිටියේය. ‘‘ඊළඟ මැතිවරණයට සූදානම් වීමේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙසයි මේ දේවල් ක්‍රියාත්මක වන්නේ. 13 පෙන්වා ඊළඟ මැතිවරණයේදී උතුරු නැඟෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීමේ උත්සාහයකයි මේ ආණ්ඩුව නිරත වන්නේ.‘‘