ශ්‍රීමත්ගේ කටහඬට වසර 25යි | Page 12 | සිළුමිණ

ශ්‍රීමත්ගේ කටහඬට වසර 25යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස වැඩිම නිවේදක නිවේදිකාවන් පිරිසක් මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කොට අගෝස්තු 1 වැනිදාට වසර 25ක් සපිරෙයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 3 ක අත්දැකීම් සපිරි ප්‍රවීණ ගුවන්විදුලි - රූපවාහිනී නිවේදක, පුවත්පත් කලාවේදී, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ සංකල්පයක් මත කටහඬ ආරම්භ කළ අතර කටහඬ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් අගෝස්තු 1 වැනිදා සවස 5ට ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වේ.

ජනතා නියෝජිතයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ කටහඬ ආදි සිසු සිසුවියන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ආබාධිත ජනතාවට රෝද පුටු සහ අසරණ සිසු දරු දැරියන්ට පොත්පත් - පාසල් බෑග් පරිත්‍යාග කිරීම ද පවුල් 100කට වියළි ආහාර මලු ලබාදීමද මෙදින සිදු කෙරේ.

Comments