![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/21/Biz03.jpg?itok=3i2mI_oQ)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - සිය වත්තේගම පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය Agency Business Development Center අංක 73/සී මහනුවර පාර, වත්තේගම යන ස්ථානයේ දී විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ලලිත් ද සිල්වා , ප්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය රක්ෂණ) ජගත් වෙල්ගම, සහකාර සාමාන්‍ය අධිකාරී/ප්‍රධානි ජාතික විකුණුම් (ජීවිත) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිගන ශාඛාවේ කාර්ය මණ්ඩලය ද, එම ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ පාරිභෝගිකයන් සහභාගී විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුළින් පාරිභෝගිකයන්ට තවදුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.