
මේ ආණ්ඩුවම ඉවත් කරපු බදු අයකරගන්න දැන් උත්සාහ කළත් අද වන විට මේ රටේ සමාගම් සියල්ලම වාගේ බිඳවැටී ඇති බව ද ආණ්ඩුවේ බදු අය කිරීම නීතියක් සහ නිසි ක්‍රමවේදයක් අනුව සිදු කළ යුතු බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සිළුමිණට කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.
‘‘ රජය ගේන බදු ක්‍රම සාධාරණ නැහැ. හැම නව බදු ක්‍රමයක් සම්බන්ධයෙන්ම අපි අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. රට බංකොලොත් කළේ මේ ආණ්ඩුව. දැන් බදු අයකරන්න හැදුවට වැටුණ සමාගම් කොහොමද බදු ගෙවන්නේ. ඒ තත්ත්වයට රට පත් කළේ මේ ආණ්ඩුව. රජයේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකියි‘‘.