
- 2019 වසරේ පටන් රටවල් 8කට අපගේ කාබනික පොහොර සහ අස්වනු අපනයනය කරනවා
- ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධිත රෝහල් ගණනාවක වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ දායකත්වය මේ සඳහා ලබා දී තිබෙනවා
- අප nuco හෙවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික කාබනික පාලන ඒකකයේ ලියාපදිංචි නිෂ්පාදන ආයතනයක්
- ගෝලීය අන්තර් විශ්වවිද්‍යාල ශිෂයින්ගේ (GSEA) නව සොයාගැනීම් සදහා වන 2021 රන් සම්මානයෙන් පිදුම් ලැබූ පේට්න්ට් බලපත්‍රය හිමි නිෂ්පාදනයක්
අපේ රටේ ස්වභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධිය භාවිත කර, හිතකර ක්ෂුද්‍ර ජීවීන් ගේ අනුසාරයෙන් නිපදවන සුවිශේෂී කාබනික පොහොර සහ යෙදවුම් ලෙස සශ්‍රීක ලංකා නිෂ්පාදන පෙළ හැඳින්විය හැක.
මෙම නව ජෛව නිපැයුම්, මහ පොළොවට හිතකර ව ක්‍රියාත්මක වී, පස සරුසාර කරනුයේ ක්ෂුද්‍ර ජීවී විප්ලවයෙනි. මේ පිළිබඳ, සශ්‍රීක ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, වෛද්‍ය තුලිත රන්වල මහතා පැවසූයේ මෙවැනි අදහසකි.
"අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ, අංක 28 කොළඹ පාර බියගම ලිපිනයේ. පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක් අප සතුයි. දියර පොහොර සහ ඝන කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙන්නේ, ගල්ගමුව කර්මාන්තශාලාවේ. පේටන්ට් බලපත්‍රය හිමි 'ජෛව හරිත පොස්පේට්' පොහොර නිෂ්පාදනය කරන්නේ ඇඹිලිපිටියේ නවතම කර්මාන්තශාලාවේ.
ජෛව හරිත පොස්පේට් කියන්නේ, අප නිෂ්පාදනය කරන විශේෂිතම පොහොර වර්ගය යි. එහි නිෂ්පාදන නාමය වන්නේ, රයිසොසාර (Rhizosaara). එය වෙනම ක්‍රියාවලියක් අනුව නිෂ්පාදනය වන පොහොර වර්ගයක්.
ඇත්තෙන්ම, ජෛව හරිත පොස්පේට් ගැන මේ රටේ ජනතාව දැන ගත යුතුයි. ලංකාවේ එප්පාවල පොස්පේට් නිධිය ගැන හැමෝම දන්නවා. ලෝකයේ අනෙකුත් පොස්පේට් නිධි එක්ක සංසන්දනය කරන විට බැර ලෝහ අඩු පිරිසුදු භාවයෙන් ඉහළ වටිනා පොස්පෝට් නිධියක් ලංකාව සතුයි. නමුත් ඒකෙන් තවම හරි ප්‍රයෝජනයක් රටට ගන්නේ නැහැ.
හැබැයි අනිත් පැත්තෙන්, මේ පොස්පේට් ඍජුව පසට යෙදීමේ හැකියාවක් නැහැ. මොකද, Plant Solubility හෙවත් ශාක මුල්වලට අවශෝෂණය කර ගැනීමේ හැකියාව අඩු නිසා. මේ හේතුව නිසා මේ නිධියෙන් ගන්නා පොස්පේට්වලින්, කෙටි කාලීන බෝග වන වී සහ එළවළුවල පොස්පේට් අවශ්‍යතාව සපුරාලන්නට බැහැ. ඒ නිසා ආනයනික රසායනික පොස්පරස් භාවිත කරන්නට ලංකාවේ ගොවීන් පුරුදු වී තිබෙනවා. නමුත් ඒවායේ බැර ලෝහ පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙන බව දැන් රටම දන්නවා.
මේ පසුබිමත් එක්ක තමයි එප්පාවල රොක් පොස්පේට්වල, Plant Availability හෙවත්, ගහකට අවශෝෂණය කර ගැනීමේ හැකියාව රසායනික ක්‍රමවේදවලින් තොරව වැඩි කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ අප පර්යේෂණ කළේ.
පොස්පේට්වල ද්‍රව්‍යතාව එලෙස වැඩි කර ගැනීමේ ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක්, සාන්ද්‍ර අම්ල සමඟ රසායනිකව ප්‍රතික්‍රියා කර එයින් රසායනික පොහොරක් හදන එක.
අනික, phosphoros solubilizing micro organisms හෙවත්, පොස්පරස් ද්‍රාව්‍ය කරන බැක්ටීරියා භාවිතයෙන් ද්‍රවතාව වැඩි කර කාබනික පොහොරක් හදන එක. අපට පේටන්ට් බලපත්‍රය හිමිව තිබෙන්නේ මෙන්න මේ දෙවැනි ක්‍රියාවලිය වෙනුවෙන්. ඒ කියන්නේ ලංකාවේ ස්වභාවික එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර, ක්ෂුදු ජීවීන් අනුසාරයෙන් ශාකයට උරා ගන්නා තත්ත්වයට පත්කිරීම. මේ සදහා අප් දැනට පොස්පරස් ද්‍රාවීකරණ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 8ක සම්මිශ්‍රණයක් යොදා ගන්නවා.
යුරෝපා සංගමයේ කාබනික යෙදවුම් තත්ත්ව සහතිකකරණ (European Union Organic Certificate For Organic Inputs) හා ISO 9001:2015 තත්ත්ව සහතිකකරණය යටතේ ලංකාවේ පොස්පේට් තුළ ද්‍රවතාව වැඩි කර "ජෛව හරිත පොස්පේට් " නිෂ්පාදන ක්‍රියාවලිය වසර 6ක් මුළුල්ලේ අප විසින් සිදු කරනු ලබනවා.
එම ක්‍රියාවලිය පාවිච්චි කර අපේම රසායනාගාරවල වැඩිදියුණු කරන ලද සහ ගුණනය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් භාවිත කර, ගහට අවශෝෂණය කිරීමේ හැකියාව වැඩි දියුණු කරන ලද පොස්පරස් තමයි එලෙස ජෛව හරිත පොස්පේට් - රයිසොසාර නමින් ගොවීන් අතට පත් වන්නේ.
2014 වසරේ පටන් ලංකාවේ සියලුම පළාත්වල ගොවීන්ට කුඩා ප්‍රමාණවලින් ලබා දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, අද වන විට ලංකාවේ සියලුම ගොවි සමිති සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහ අපේම ගොවිපළවලටත් මේ පොහොර සහ යෙදවුම් යොදනවා. ඉහළ ප්‍රතිඵල ලබා තිබෙනවා. මෙය අපි ගොවීන්ට හඳුන්වා දෙන්නේ, මූලික අවස්ථාවේ පසට යොදන ජෛව මඩ පොහොරක් ලෙසින්.
මෙම සුවිශේෂී පොහොර වර්ගය සඳහා iso 9001:2015 තත්ත්ව සහතිකකරණය යටතේත්, යුරෝපා සංගමයේ කාබනික කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් සඳහා වන තත්ත්ව සහතිකකරණ යත් අප ලබා ගෙන තිබෙනවා. ඒ වගේම, 2016 වසරේ සිට අඛණ්ඩව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ව කටයුතු කරනවා.
තවත් පැත්තකින් SLS, ITI සහ අවශ්‍ය අනෙකුත් පුද්ගලික රසායනාගාර වාර්තා ලබා ගෙන මෙහි ගුණාත්මක භාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර හතරකට ආසන්න කාලයක් කෘෂිකර්ම පාර්තමේන්තුව වී සහ එළවළු වගාව සඳහා කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ මගිනුත් මෙහි ක්‍රියාකාරීත්වය තහවුරු කර තිබෙනවා.
එප්පාවල රොක් පොස්පේට් එක අපගේ ඇඹිලිපිටියේ තිබෙන ජෛව හරිත පොහොර නිෂ්පාදන ආයතනයේ දී නවීන තාක්ෂණය යොදා ගෙන සිදු කරන අතර, එය නුදුරේදී ග්‍රැනියුලා ආකාරයෙන් වෙළෙඳපොළට නිකුත්කරන නිසා ඉතා පිරිමැසුම්දායක සහ ගොවීන්ට පහසුවෙන් යෙදිය හැකියි.
මෙය අවශෝෂණ ශක්තිය ඉහළ දැමූ ජෛව හරිත පොස්පේට් එකක් නිසා රසායනික ව යොදන පොහොරවලට වඩා කිහිප ආකාරයකින් ශාකයට පෝෂණය සහ ශක්තිය ලබා දෙනවා.
අපගේ සෙසු නිෂ්පාදන වන රයිසොසාර ජෛව දියර පොහොර සහ රයිසොපියර් ජෛව ඝන පොහොර කියන්නේ, ගුණාත්මක බවින් යුතු කොම්පෝස්ට් වර්ගයක්. ඒ වගේම, ජෛව බීජ ප්‍රතිකාරක සහ ජෛව කෘමි විකර්ශකත් අප හඳුන්වා දී තිබෙනවා.
රයිසොසාර ජෛව දියර පොහොර පසටත් පැළ මතටත් පස සැකසීම, පීදීම සහ වර්ධනය යන අවධි තුනේදී ම යෙදිය යුතුයි. මෙහි පස මත සිටිය යුතු ම හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ග 12 කට අධික ප්‍රමාණයක් අඩංගු යි. විශේෂයෙන් නයිට්‍රජන් තිර කරන ක්ෂුද්‍ර ජීවීන් සහ පොස්පරස් ද්‍රාව්‍යකරණය කරන බැක්ටීරියා ඇතුළු සංකලනයක් මෙහි අන්තර්ගතයි. හරියටම කිව්වොත් දියර පොහොර එක මිලි ලීටරයක හිතකර ක්ෂුද්‍ර ජීවීන් මිලියන 10,000ක ප්‍රමාණයක් වර්ධනය කර තිබෙනවා.
මෙවැනි විශාල හිතකර ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් මහ පොළොවට වැටෙනවා කියන්නේ, එතැන් පටන් ඔවුන් තව තවත් ගුණනය වී පස සාරවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා කියන එකයි. ඊට අමතරව, අපගේ ජෛව ඝන පොහොරත් NPK අවශ්‍යතාව ලබා දෙන ගුණාත්මක කාබනික පොහොර වර්ගයක්.
වැදගත්ම දේ තමයි මේ සියලු පොහොර වර්ග 100%ක් කාබනික පොහොර ලෙස යුරෝපා සංගමය සහතික කර තිබීම. ඒ නිසා 100%ක් කාබනික අස්වැන්න බලාපොරොත්තු වන සහ අස්වනු පිටරට යවන්න බලාගෙන වවන සියලුම ගොවීන්ට සහ වගාකරුවන්ට මඩ පොහොර යොදන මූලික අවස්ථාවේ සිට පීදීම දක්වා සියලුම කාබනික පොහොර හා යෙදවුම් අවශ්‍යතාව සශ්‍රීක ලංකා පොහොර නිෂ්පාදන පෙළ වෙතින්ම ගොවීන්ට පහසුවෙන් සපුරා ගත හැකියි. එවිට යුරෝපා සංගමයේ කාබනික සහතිකකරණය හෙවත් European Union Organic Standerd පිළිගැනීම ලබා ගැනිම පිළිබඳ ගැටලුවක් මතුවන්නේ නැහැ.
ඒ වගේම, අපගේ පේටන්ට් බලපත්‍රය යටතේ තමයි අපගේ මූලික ක්ෂුද්‍ර ජීවීන් ගුණනය කිරීම අප සිදු කරන්නේ.
අනික ලංකාවේ තිබෙන ලොකු ගැටලුවක් තමයි, සත්ත්ව පාලනයේ දී සහ ගොවිපළ ආශ්‍රිතව බහුලව antibiotic හෙවත් ප්‍රතිජීවක සතුන්ට ලබා දීම. ඒ නිසා ඒ සතුන්ගේ මළ පහ ඇතුළු අපද්‍රවවලත් ඒවා අඩංගු වනවා. ඉතින් නයිට්‍රජන් බහුල අමුද්‍රව්‍යයක් වුණත් මහා පරිමාණ කුකුළු ඇතුළු සත්ත්ව ගොවිපළවලින් ලබා ගැනීමේ හැකියාව තිබුණත්, එම හේතුව මත කාබනිකව වවන අයට මේ කුකුළු හෝ ගොම පොහොර ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද, කාබනික කෘෂිකර්මාන්තයේ දී ප්‍රතිජීවක ඖෂධ අන්තර්ගත සත්ත්ව අපද්‍රව්‍ය යෙදුවොත් එය 100%ක් කාබනික අමුද්‍රව්‍ය වන්නේ නැති අතර, එවිට ජාත්‍යන්තර ප්‍රමිති සහතිකකරණ වලදීත් එවැනි බෝග වර්ග ප්‍රතික්ෂේප වනවා. මෙය කාබනිකව වවන බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක්.
එයට විසඳුමක් ලෙස 2014 වසරේ සිට අප යම් ක්‍රමවේදයක් ආරම්භ කළා. එනම්, සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපළවල සතුන්ගේ කෑම සහ බොන වතුරවලට මිශ්‍ර කළ හැකි Probiotic Feed Addictive එකක් ලෙස ක්‍රියා කරන නිෂ්පාදනයක් හඳුන්වා දෙන්නට. එයින් සතුන්ගේ ආහාර මාර්ගයේ නැවත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ආරම්භ වී එමඟින් ආහාර ද්‍රව්‍ය අවශෝෂණය කරන මට්ටමට පත් වී, ප්‍රතිජීවක භාවිත කිරීමට සිදු වන අවස්ථා අඩු කරනවා. ඒ ආකාරයට සත්ත්ව ගොවිපළ සමඟ අප ගිවිසුම්ගතව ඔවුන්ට අපගේ මෙම නිෂ්පාදනය ලබා දී, මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් අනතුරුව, එම සතුන්ගේ අපද්‍රව්‍ය ලබා ගන්නවා. එම සත්ත්ව අපද්‍රව්‍ය නැවත අපගේ ක්ෂුද්‍ර ජීවීන් මඟින් වැඩි දියුණු කර, රසායනිකව රයිසොසාර සහ රයිසොෆියර් පොහොර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නවා.
2010 දී පමණ ජෛව ජනන හරිත තාක්ෂණ ආයතනය හෙවත් Bio Green Technology Research Institute ආයතනය අප ආරම්භ කළේ, සත්ත්ව පාලනය හා පශු වෛද්‍ය අංශයේත්, කෘෂිකාර්මික අංශයේත් ප්‍රාමාණිකයින් කිහිප දෙනකුත් සමඟ අපගේ වෛද්‍ය කණ්ඩායමක් එකතුවෙන්.
මේ ආයතනයේ අරමුණ තමයි, ලංකාවේ ජනතාව පරිභෝජනය කරන එළවළු පලතුරු සත්ත්ව ආහාර රසායනික ද්‍රව්‍යවලින් තොරව ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම. ඒ අරමුණට යද්දී අපගේ ජෛව ජනන හරිත තාක්ෂණ ආයතනය විදියට අදියර තුනකින් සුවිශේෂී දායකත්වයක් දක්වනවා. එනම්, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ කසළ කළමණාකරණය කියන අංශය තුන යටතේයි, අප ජෛව යෙදවුම් කෘෂි නිෂ්පාදන සිදු කරන්නේ සශ්‍රීක ලංකා පුද්ගලික සමාගම යටතේ යි. 2016 වසරේ සිට අපගේ ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනය සමඟ ඒකාබද්ධව, සශ්‍රීක ලංකා ආයතනය ගොවි සමිති හා සංවිධාන දැනුවත් කරමින් මේ කාර්යය රට පුරා දිගටම කරගෙන ආවා. දැනටත් අනුරාධපුර, කුරුණෑගල, අම්පාර, ගම්පහ, ඇඹිලිපිටිය සහ පුත්තලම දිස්ත්‍රික්ක වල අප එම ගොවි සමිති සහ සංවිධාන වෙන වෙනම දැනුම්වත් කිරීමේ වැඩසටහන් කරගෙන යනවා. ඒ තුළ අපගේ ජෛව පොහොර සහ යෙදවුම් නිසි ඵලදායිතාවක් ලැබෙන ලෙස භාවිත කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳ, ගොවින් දැනුම්වත් කරනවා. ඊළඟට, සශ්‍රීක ලංකා වෙතින් තවත් විශේෂ කාර්යයන් කිහිපයක් සිදු කෙරෙනවා. එනම් ප්‍රමිතිගත ගුණාත්මක බව තහවුරු කළ සහ තත්ත්ව සහතික කරන ජෛව පොහොර නිෂ්පාදනය කිරීම.
ජෛව තාක්ෂණ ආයතනය සමග ඒකාබද්ධ ව ගොවීන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ට සහයෝගය දැක්වීම, ගොවියාට අවශ්‍ය රසායනාගාර පාංශු පරීක්ෂාවන් සිදු කර දී, එමඟින් කොපමණ කාබනික පොහොර යෙදවුම් ප්‍රමාණයක් පසට යෙදිය යුතුද, කියන එකත් පර්යේෂණාත්මකව අපි ඔවුන්ට සොයා දෙනවා.
සශ්‍රීක ලංකා හරිත පොළ අනෙක් ක්‍රියාදාමයයි. එය අපගේ කාබනික කෘෂි යෙදවුම් සහතික කළ සහ ඒවා පාරිභෝගියන් අතට පත්කිරීමේ සේවාවක්. ඒ සඳහා ගොවීන් හාරසියයක් පමණ අප සමග එක් වී සිටිනවා. එය සිදුවන්නේ "සශ්‍රීක ලංකා - හරිතපොළ" mobile app එක හරහා. එමගින් කාබනික එළවළු පලතුරු පරිභෝජනය කරන සියලුම පාරිභෝගිකයන්ට තමන් මිල දී ගන්නා කාබනික සහ ජෛව අස්වැන්න කුමන ගොවි මහතාගෙන් කුමන ගොවිපළකින් එන්නේ ද... යන සියලු විස්තර 'සශ්‍රීක ලංකා හරිත පොළ' ඇප් එක හරහා දැන ගන්නට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම එම ජෛව අස්වනු ගෙදරටම ගෙන්වා දීමේ delivery සේවාවක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල අප සිදුකරන්නේ කණ්ඩායමක් ලෙසින්.
විශේෂයෙන් කියන්නට ඕනේ, මේ තරම් සංකීර්ණ ක්‍රියාවලියක් විශාල කණ්ඩායම් හැඟීමෙන් සිදු කරද්දී විවිධ අයගේ සහයෝගය අවශ්‍ය වනවා. අපට මේ වැඩේ දී නව නිපැයුමක් ලෙස පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමේ දී, නව නිපැයුම්කරුවන් ගේ කොමිසමේ විශාල සහයෝගයක් ලැබුණා. අපගේ ඇඹිලිපිටියේ කර්මාන්තශාලාවේ නවීන තාක්ෂණය භාවිත කර ග්‍රැනියුලා ලෙස පොහොර නිෂ්පාදනය කිරීමේ දීත් ඔවුන්ගේ ඒ මැදිහත්වීම අපට ඉතා හොඳින් ලැබුණා. එය අප වැනි කාබනික නිෂ්පාදන ක්‍රියාවලියක නිරත නව නිපැයුම්කරුවන්ට විශාල ශක්තියක්..."