
මෙරට එකම කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත එල් පී ගෑස් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමක් සිදුකර තිබේ. ජුලි මස ලෝක වෙළෙඳපොළ ගෑස් මිල පහත වැටීමේ වාසිය සෘජුවම පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණෙන් සිදුකරන ලබන මෙම මිල සංශෝධනයට අනුව ජුලි මාසයේ මෙරට ගෑස් සැපයුම්කරුවෙකු වන ගෘහස්ත සිලින්ඩර සඳහා සිදු කළ වැඩිම මිල අඩු කිරීම ලාෆ්ස් ගෑස් විසින් පාරිභෝගිකයාට ලබාදී තිබේ. ඒ අනුව ගෘහස්ත කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3990 සිට රුපියල් 3690 දක්වා රුපියල් 300 කින්ද කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1596 සිට රුපියල් 1476 දක්වා රුපියල් 120 කින්ද මිල අඩුකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.