ඩෙංගු අධිඅවදානම් කලාප 61ක් | Page 12 | සිළුමිණ

ඩෙංගු අධිඅවදානම් කලාප 61ක්

රට පුරා ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 61ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,963ක් වන අතර, එයින් රෝගීන් 10,749ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 10,484ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඩෙංගු රෝගය වැලඳීමෙන් මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මරණ 31ක් සිදුවී ඇති අතර, ඉකුත් ජුනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,559ක් හඳුනා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Comments