ආර්ථික ප්‍රතිසංස්කරණ සැමට පොදු සහ සාධාරණ විය යුතුයි | Page 2 | සිළුමිණ

ආර්ථික ප්‍රතිසංස්කරණ සැමට පොදු සහ සාධාරණ විය යුතුයි

අනිවාර්යෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවලට යා යුතු වුවද, එය සැමටම පොදු සහ සාධාරණ විය යුතු අතර එහි වේදනාව සැමට බෙදී යාම අවශ්‍ය බව සමගි ජන බලවේගයේ (සජබ) ෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සිළුමිණට කියා සිටියේය. ඇතැම් කණ්ඩායම්වලට පමණක් බර පැටවීමක් නොකළ යුතු බව අවධාරණය කළ සජබ මන්ත්‍රීවරයා සමාජ අස්ථාවරයක් ඇති නොවිය යුතු බව ද ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනා යම් කැපවීමක් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ හෙතෙම මෙසේද කීය. ‘‘මේ සියල්ල සිදු වූයේ මේ රජය නිසි අයුරින් කටයුතු නොකළ නිසා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන්නේ නැහැ කියලයි අපට තොරතුරු ලැබී ඇත්තේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර බැඳුම්කරවලින් 30% සහනයක් ලබා ගැනීමටයි රජය දැනට කතා කරගෙන යන්නේ. නමුත් අපි කියන්නේ අවම ලෙස 50%ක්වත් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි කියලා. එසේ ම දේශීය වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යතාවක් තිබුණා නම් මීට වඩා මෙය සංවාදශීලිව විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සාකච්ඡාවක් කරන්න තිබුණා. ‘‘

පක්ෂයක් ලෙස අප දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. එය කරනවා නම් ඒ වේදනාව සමානුපාතිකව බෙදී යා යුතුයි කියලයි අපි තර්ක කරන්නේ. මෙහිදී ඊපීඑෆ් ඇති සේවකයන්ට විතරක් යම් පීඩනයක් ඇති නොකළ යුතුයි. බැංකු හිමිකරුවන් කොටස්කරුවන් සහ අයිතිකරුවන් බලවතුන්ට කිසිදු පීඩනයක් නොකර මේ දේවල් කිරීම අසාධාරණයක්.‘‘

Comments