ලොක්කන් දූෂිත නම් පනත් කෙටුම්පතෙන් පලක් නැහැ | සිළුමිණ

ලොක්කන් දූෂිත නම් පනත් කෙටුම්පතෙන් පලක් නැහැ

අල්ලස හා දූෂණය නැති කිරීමට කොපමණ නීති, පනත් සහ ආයතන තිබුණද අල්ලස දූෂණය වැළැක්වීමේ බලය දූෂිත පාලකයන් අත පවතින තෙක් දූෂණ විරෝධී පනත් කෙටුම්පත ද තවත් එක් පනතක් ලෙස පැත්තක තිබෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සිළුමිණට ප්‍රකාශ කළේය.

අල්ලස දූෂණය පිළිබඳ රටේ ප්‍රශ්න ඇත්තේ ඒවා වැළැක්වීමේ නීති නැති නිසා නොව එම නීති ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන ලොක්කන්  දූෂිත නම් තව කොතෙක් නීති, පනත් කෙටුම්පත් ගෙන ආවද ඒවායින් කිසිදු පලක් නොවන බව ද හෙතෙම අවධාරණය කළේය. නීති හැදීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණ ද නීති ක්‍රියාත්මක කිරීමේ බලය ඇති පාලකයන් දූෂිත නම් රටේ ජනතාවට එවැනි නීති පල රහිත බව ද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත වැඩිදුරටත් පැවසීය.

Comments