ටයිටන් සබ්මැරීනයත් ටයිටැනික් ගිය මඟම යයි | Page 12 | සිළුමිණ

ටයිටන් සබ්මැරීනයත් ටයිටැනික් ගිය මඟම යයි

අත්ලාන්තික් සාගරයේ මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව පිළිබඳව සොයා බැලීම පිණිස ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා එහි ගමන්ගත් 5 දෙනාම මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තහවුරු කර තිබේ. ටයිටැනික් නෞකාවට අඩි 1,600කට ඈතින් මෙම සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකි වී ඇත.

ඒ අනුව සබ්මැරීනය යම් ලෙසකින් පුපුරා විනාශ වී එහි ගමන්ගත් පස් දෙනාම ක්ෂණිකව මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

එහෙත් සබ්මැරීනය පුපුරා ගිය නිශ්චිත වේලාවක් හෝ හේතුව මෙතෙක් නිසියාකාරව අනාවරණය වී නොමැත.

Comments