සල්ලි අතට එන ‘වාලම්පුරියක්’ | Page 7 | සිළුමිණ

සල්ලි අතට එන ‘වාලම්පුරියක්’

මන්ත්‍රය ඕං හ්‍රීං ක්ලිං මහා ලක්ෂ්මීඒහි ඒහි සර්ව සෞභාග්‍යයං දේහි මේ එස්වාහඃ

තඹ පත්‍රයකින් අඟල් 1 1/2 ප්‍රමාණයේ ත්‍රිකෝණ හැඩැතිව (පිරමීඩ හැඩැති) යන්ත්‍රයක් දෙකට නැමිය හැකි සේ කපා ගන්න. අනතුරුව ඒ මත නෙළුම් පෙති සහිත රවුමක් ඇඳ ගන්න. එම රවුම මැද මෙම මන්ත්‍රය ලියා ගන්න. යන්ත්‍රය පූජාසනයක තබා යන්ත්‍රය මැද සඳුන් තෙල් පොඟවන ලද කපු පුළුන් රොදක් තබා මෙම මන්ත්‍රයෙන් 108 වරක් හෝ දහස් (1000) වරක් ජප කරගන්න.

ඊට පසු යන්ත්‍ර සුබ නැකතින් වී පිරවූ මැටි බඳුනක තබා උදේ සවස සුවඳ දුම් අල්ලා මන්ත්‍රය 9 වරක් බැගින් කියන්න. ඔබේ දෛනික වැඩ කටයුතු සාර්ථක වේ. මිල මුදල් අතට ලැබේ. වෙළෙඳාම් කරන අයට විශේෂයි. ආර්ථිකමය ලැබීම් සඳහා මෙම යන්ත්‍රය වාලම්පුරියකි. ඉසිවර පාඨකයින්ට තිළිණ කරමි.

අත්හදා බලා ප්‍රතිඵල ලබාගන්න.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

Comments