Mother Sri Lanka වැඩසටහනේ 2021/22 වසරේ ජයග්‍රාහී පාසල් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් දා අරලියගහ මැදුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ආචාර්ය ජානකී කුරුප්පුගේ සංකල්පයක් අනුව ඇරඹි Mother Sri Lanka භාරය විසින් 'අපෙන් රටට-රට නැඟුමට'යන තේමාව යටතේ ක්‍රියාත්මක Project RUN වැඩසටහනේ සමස්ත ලංකා පළමු ස්ථානය චුන්නාකම්, යා/මයිලිනි සිව මහා විද්‍යාලටත්, දෙවැනි ස්ථානය නින්දවූර්, අම්/අල්-මස්හර් උසස් බාලිකා විද්‍යාලයටත් තෙවැනි ස්ථානය නිකරවැරටිය, කු/මහසෙන් ජාතික පාසලටත් හිමි විය.