මහජන බැංකුවට LankaPay Technnovation සම්මානයක් | සිළුමිණ

මහජන බැංකුවට LankaPay Technnovation සම්මානයක්

ඉකුත් දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උලෙළේදී මහජන බැංකුව සම්මානයට පාත්‍ර විය. ඒ, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම (බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන - අන්තර්ජාල බැංකුකරණ) සඳහා People’s Wave යෙදවුමට වෙනුවෙන් සහ වසරේ විශිෂ්ටතම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සක්‍රිය කරන්නා - A කාණ්ඩය’ රන් සම්මාන දිනා ගනිමිනි. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පැවසුවේ, ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උලෙළේදී සිය කණ්ඩායමට රන් සම්මාන දෙකක් සහ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය -බැංකු ආයතන’ වෙනුවෙන් සමස්ත කුසලතා සම්මානය හිමි වීම මහජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ඩිජිටල් බැංකු පහසුකම් වැඩිදියුණු කිරීමට බැංකුව විසින් ගන්නා නිරන්තර උත්සාහයට මෙවැනි ඇගයීම් විශාල උත්ප්‍රේරණයක් බවයි.

Comments