Shrewsbury School ඉන්දියාවටත් | සිළුමිණ

Shrewsbury School ඉන්දියාවටත්

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම පාසලක් වන Shrewsbury School ඉන්දියාවේ ස්ථාපිත කිරීම සඳහා ඉකුත්දා ගිවිසුම් අත්සන් කරනු ලැබූ අතර, මේ සඳහා හවුල්කාරීත්වය දරන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන Jagran Social Welfare Society ය. මේ සඳහා Shrewsbury ප්‍රධාන ආචාර්ය ලියෝ වින්ක්ලි , Shrewsbury School හි ප්‍රධානීන් සහ Jagran Social Welfare Society සභාපති සහ උප සභාපතිවරුන් ද සහභාගී වුහ.

Jagran Social Welfare Society වසර 21ක කාලයක් පුරා පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන පිහිටුවීමෙන් ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ලාභ නොලබන සංවිධානයකි.Shrewsbury School 1552 වසරේදී එංගලන්තයේ රාජකීය ප්‍රඥප්තිය විසින් ආරම්භ කරන ලද වසර 471ක් පැරණි පාසලක් වන අතර, එය 1861 වසරේ Clarendon කොමිසම විසින් එංගලන්තයේ විශිෂ්ටතම පාසල් නවයෙන් එකක් ලෙස පිළිගෙන ඇත. ජාත්‍යන්තර කීර්තියක් දිනා තිබෙන මෙම පාසලේ චාල්ස් ඩාවින්, ශ්‍රීමත් පිලිප් සිඩ්නි, ශ්‍රීමත් මයිකල් පාලින් සහ තවත් බොහෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අධ්‍යාපනය හදාරා ඇත.

Comments