ලංකා හොස්පිටල්ස් 'Health Fiesta 2023' | සිළුමිණ

ලංකා හොස්පිටල්ස් 'Health Fiesta 2023'

ලංකා හොස්පිටල්ස් විසින් සංවිධානය කළ සෞඛ්‍ය සේවා හා විනෝදය එකට මුසු කළ නවමු ආකාරයේ වැඩසටහනක් වන 'Health Fiesta 2023' පෙබරවාරි 11,12 දෙදින කොළඹ 06 පිහිටි ලංකා හොස්පිටල්ස් පරිශ්‍රයේදී පැවැත්විණි.එම වැඩසටහනට සහභාගී වූවන්ට වටිනා සේවාවන් රැසක් නොමිලේ ලබා ගැනීමටත්, දිවයිනේ පෞද්ගලික රෝහලක් වෙතින් ලැබිය හැකි ඉහළම වට්ටම් සමඟ සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව උදා විය. සහභාගි වූ සියලු දෙනාට නොමිලේ ලැබුණු සේවාවන් අතර, ඊ.සී.ජී. පරීක්ෂණ, මේද පරීක්ෂණ , රුධිරයේ සීනි පරීක්ෂාව, BMI, දෘෂ්ටි පරීක්ෂණ, වෛද්‍ය උපදෙස්, පෝෂණ සහ භෞත චිකිත්සක උපදෙස් ද ඇතුළත් විය.

Comments