ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ විකුණුම් බළකාය විශිෂ්ටතා ඇගයුමට | සිළුමිණ

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ විකුණුම් බළකාය විශිෂ්ටතා ඇගයුමට

මෙරට පුරෝගාමී රක්ෂණකරු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) විසින් පවත්වනු ලබන වසරේ දැවැන්තම SLIC උත්සවය වන Star Awards - 2021 උලෙළේදී සමාගමේ විකුණුම් බළකායේ විශිෂ්ටතා ඇගයීමට ලක් විය. ඒ අනුව 2021 වසරේදී විශිෂ්ටතම ජයග්‍රහණ හිමි කර ගත් අලෙවි නියෝජිතයන් ජීවිත,රථ වාහන සහ රථ වාහන නොවන යන කාණ්ඩ නියෝජනය කරන 400කට අධික ජයග්‍රාහකයන් පිරිසක් ඒ ඒ ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම විකුණුම්කරුවන්, කණ්ඩ­ායම් නායකයන්, සමූහ නායකයන් සහ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ විශිෂ්ටතම රක්ෂණ උපදේශකයන් ඇගැයුමට ලක් විය.

මෙම උලෙළ සඳහා සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමුඛ කළමනාකාරීත්වය ඇතුළු SLIC සේවක මණ්ඩලයේ 450කට අධික පිරිසක් සහභාගී විය. මෙහිදී Achiever’s club, Platinum Star club සහ Platinum Club හි සාමාජිකයන්ට ද උපහාර පිරිනැමුණු අතර MDRT (Million Dollar Round Table) සඳහා තේරුණු සාමාජිකයන් 182ක් සඳහා ද සම්මාන හිමි විය.

Comments