
සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම Singer RED Loyalty වැඩසටහන ඉකුත්දා ආරම්භ කළ අතර, මේ වැඩසටහන මඟින් පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම RED පොයින්ට්ස් හිමි වේ. මේ අවස්ථාව සියලු සිංගර් පාරිභෝගිකයන්ට විවෘතය. Singer RED Loyalty වැඩසටහන යටතේ ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන් වැය කරන සෑම රුපියල් 200ක් සඳහාම RED පොයින්ට් එකක් බැගින් හිමි වේ. මීට අමතරව සිංගර් එක්ස්ප්‍රස් ගෙවීම් කවුන්ටර හරහා උපයෝගිතා බිල්පත් සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමේදී ද RED පොයින්ට්ස් උපයාගත හැකිය. සෑම සාමාජික මට්ටමක් සඳහාම ප්‍රතිලාභ රැසක් ඇති අතර, SINGER RED Loyalty සාමාජිකයන්ට දිවයින පුරා පිහිටි ඕනෑම ප්‍රදර්ශනාගාරයකින් මිලදී ගැනීම් සිදු කිරීමේදී තම RED පොයින්ට්ස් භාවිත කළ හැකිය. singersl.com/loyalty වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.