
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උපාය මාර්ගික සහයෝගීතාවකට අනුව එම හෙද සේවා සංගමය වෙනුවෙන් සුවිශේෂී මෝටර් රථ රක්ෂණයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් කටයුතු කර ඇත.
රට පුරා පිහිටි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ඔස්සේ පහසුවෙන් ලබා ගත හැකි මෙම රක්ෂණාවරණය යටතේ විශේෂ වරප්‍රසාද ගණනාවක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ට පිරි නැමේ. අනතුරු හානියකදී අදාළ ස්ථානයටම පැමිණ රක්ෂණය සඳහා පරීක්ෂාවන් සිදු කිරීම, අනතුරකදී රක්ෂණ සමාගමේ පරීක්ෂකයකු පැමිණෙනතුරු රැඳී සිටීමකින් තොරව අනතුර සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් දැනුම් දී තමා පැමිණි ගමන යෑමට අවස්ථාව සැලසීම හෙවත් Call and Move පහසුකම, දිවයින පුරා සිටින නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලියාපදිංචි අලුත්වැඩියා ආයතන විසින් අතින් මුදල් නොගෙවා අලුත්වැඩියාවන් කර ගැනීමේ හැකියාව ආදිය මේ අතර වේ.