Microsoft 2023 Imagine Cup Southeast Asia New Markets ඇරඹෙයි | සිළුමිණ

Microsoft 2023 Imagine Cup Southeast Asia New Markets ඇරඹෙයි

Microsoft විසින් සංවිධානය කරනු ලබන 2023 Imagine Cup Southeast Asia New Markets (SEANM) කලාපීය තරගාවලියේ සමාරම්භක අවස්ථාව ප්‍රකාශයට පත්කොට ඇති අතර, මෙවර එය පැවැත්වෙන්නේ 21 වැනි වරටය. ලොව පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලියේදී තරගකරුවන්ට ව්‍යවසායකත්ව ආකල්ප මුල් කරගනිමින් තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව හිමිවේ.

Microsoft SEANM හි සාමාන්‍යාධිකාරී Sook Hoon Cheah පැවසුවේ, Imagine Cup යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලොව ප්‍රධානතම සමාජ, පාරිසරික සහ සෞඛ්‍ය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සිය පරිකල්පනය මෙහෙය වීමට, හැකියාවන් ගවේෂණය කිරීමට සහ නව සොයාගැනීම් සිදු කිරීමට හැකිවන පරිදි ඔවුන් සවිබල ගැන්වීමට මේ තරගය කදිම අවස්ථාවක් වන බවයි. 2023 ජනවාරි 20 දින හෝ ඊට පෙර imaginecup.microsoft.com/SEANM වෙත පිවිසීමෙන් 2023 Imagine Cup තරගාවලියේ Southeast Asia New Markets කාණ්ඩය සඳහා ලියාපදිංචි විය හැකිය.

 

Comments