Elevation පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය ඇරඹෙයි | සිළුමිණ

Elevation පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය ඇරඹෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ මානව විභවතා සංවර්ධනය කිරීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සපිරි Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පසුගියදා කිරිඇල්ලේදී ආරම්භ කෙරිණ. කොළඹ සිට විනාඩි 90ක කාලයකින් ළඟා විය හැකි නිදහස් ස්වාභාවික පරිසරයක පිහිටි මෙය ආයතනික, අාධ්‍යාත්මික, Outbound සහ අධ්‍යාපනික පුහුණු වැඩසටහන් සඳහා භාවිත කළ හැකි, නවීන පහසුකම් සහිත දේශනශාලා, සංවාද මණ්ඩප, ක්‍රීඩාංගණ, ස්වාභාවික සහ කෘතිම පිහිනුම් තටාක, සුවපහසු කූඩාරම් හා කාමරවලින් මෙන්ම Outbound ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම්වලින් සමන්විතය. ජාතික මට්ටමේ වෘත්තීය පුහුණුකරුවන්ගෙන්, අභිප්‍රේරක දේශකයන්ගෙන් සහ Outbound පුහුණුකරුවන්ගෙන් සමන්විත මේ Elevation පුහුණු මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර 0719284186 දුරකතන අංකයෙන් සහ Elevation ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකිය.

 

Comments