
බැංකු ක්ෂේත්‍රයේ 'ඔස්කාර්' සම්මානය ලෙස සැලකෙන එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සඟරාව විසින් පිරි නමන 'වසරේ බැංකුව'ට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගෙන ඇත.
කොමර්ෂල් බැංකුව විසින් මේ සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට අදාළ ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. ප්‍රතිලාභ ලබා දීමට, උපාය මාර්ගික වාසි ලබා ගැනීමට සහ වෙළෙඳපොළට සේවය කිරීමට බැංකුව සතු හැකියාව අගය කරමින් මෙම සම්මානය පිරි නමනු ලබයි.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පැවසුවේ,12 වරක් වර්ෂයේ බැංකුව ලෙස නම් කිරීම ඕනෑම ප්‍රමිතියකට අනුව කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.