
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදනයේ පුරෝගාමී SLT-MOBITEL නවතම All-in-one Work, Learn & Play Non-Stop පැකේජයක් හඳුන්වා දී ඇත. රාජකාරී කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවා සම්බන්ධයෙන් ඉහළ යමින් තිබෙන දැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මේ නව පැකේජ හඳුන්වා දී තිබේ.
ඒ අනුව එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, Teams,Office 365, Google Meet, YouTube, Facebook, WhatsApp, TikTok සහ Instagram යන ජංගම යෙදුම් රාශියක් භාවිත කිරීමට අවස්ථාව ලැබෙන අතර තමන්ට කැමති පරිදි සංගීතයට ද සවන් දිය හැකි ආකාරයේ Spotify ද ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. අන්තර්ජාලය භාවිත කිරීමට 4G anytime 1GB බෝනස් ඩේටා ප්‍රමාණයක් හිමිවෙන අතර, SLT-MOBITEL Selfcare App එක භාවිතයෙන්, #170# අංකයට ඇමතීමෙන් හෝ රුපියල් 280ක් රීලෝඩ් කිරීමෙන් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සතියක කාල සීමාවක් සඳහා මේ පැකේජය සක්‍රිය කරගත හැකිය. පෙරගෙවුම් පාරිභෝගිකයන් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම රුපියල් 990ක පැකේජය ලබාගත හැකි අතර, එය දින 30ක කාලයක් සඳහා වලංගු වේ.