
රාජා ජුවෙලර්ස් විසින් ඉකුත් දා Diamond Emporium නමින් ජාත්‍යන්තර මට්ටමේ ස්වර්ණාභරණ නිර්මාණය කරන අගනා දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් සමන්විත නවතම දියමන්ති ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළේය. බම්බලපිටියේ රාජා ජුවෙලර්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය තුළ පිහිටි මෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරය මඟින් පාරිභෝගිකයාට අවශ්‍ය මෝස්තර ඒ අයුරින්ම නිපදවා ගැනීමට අවස්ථාව සලසා ඇත. ශ්‍රී ලාංකේය අනන්‍යතාව ප්‍රකට කරමින් ගුණාත්මක සහ වටිනාකමින් ඉහළ ලෝක ප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත රාජා ජුවෙලර්ස්, දියමන්ති සහ ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසුරෙන් මෙම Diamond Emporium ප්‍රදර්නාගාරය ආරම්භ කළ බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර පැවසීය.