අයගම මහජන බැංකුවට ස්වයං බැංකුකරණ ඒකකයක් | සිළුමිණ

අයගම මහජන බැංකුවට ස්වයං බැංකුකරණ ඒකකයක්

මහජන බැංකුවේ අයගම සේවා මධ්‍යස්ථානය සඳහා CRM (Cash Recycle Machine) යන්ත්‍රය සහිත ස්වයං බැංකුකරණ ඒකකයක් පසුගියදා විවෘත කෙරුණු අතර, එහි ඇති CRM යන්ත්‍රයෙන් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) ගංගා සේනානායක, රත්නපුර ප්‍රාදේශීය කළමනාකාර එච්.එම්.යු.එච්. හේරත්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන් වන ඩබ්ලිව්.ඒ.පී.එස්. රත්නසිරි, පී.ජී.සී චන්ද්‍රමාලි, කිරිඇල්ල ශාඛා කළමනාකාර චරිත් මලලසේකර, හිටපු කළමනාකාර කේ.ඒ.ඩී.එස්. කුරුප්පුආරච්චි, අයගම සේවා මධ්‍යස්ථාන කළමනාකාර ඩබ්ලිව්.ඒ.සී.එස්. වනසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් රැසක් සහභාගි විය.

Comments