විදුලි බිල වැඩි කිරීම දූෂ­ිත­යන්ගේ බර ජන­තාව පිට පැට­වී­මක් | සිළුමිණ

විදුලි බිල වැඩි කිරීම දූෂ­ිත­යන්ගේ බර ජන­තාව පිට පැට­වී­මක්

විදුලි බිල නැවත වරක් වැඩි කිරීම ජනතාවට කරන විශාල අසාධාරණයක් වන අතර එය මහා පරිමාණ වංචා දූෂණ සිදු කර රට අගාධයට දැමූ අයගේ බර ජනතාව පිට පැටවීමේ උත්සාහයක් බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සිළුමිණට ඉකුත් 9වැනි සිකුරාදා කියා සිටියේය.

මහා පරිමාණ වංචාකාරයන්ගේ වැරැදි නිසා අඳුරේ සිටිය යුත්තේ ජනතාව නොවන බව   අවධාරණය කළ සජබ මන්ත්‍රිවරයා කියා සිටියේ මේ අනුව නිවෙසක එක විදුලි බල්බයක් දැල්වීම ද අද ගැටලුවක් වී ඇති බවය. විදුලි බිල වැඩි කිරීම එදා වේල සොයා ගන්නා මිනිසුන්ට සේම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සෘජුවම බලපාන බැවින් සමගි ජන බලවේගය විදුලි බිල වැඩි කිරීමට තරයේ විරුද්ධ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාතිලක වැඩිදුරටත් පවසා සිටියේය.

 

Comments