
ලාෆ් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන් හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහැරීම් කටයුතු සිදු කරන බව එම සමාගම සඳහන් කර සිටි.
පසුගිය සති කීහිපය පුරාම ප්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදු කරමින් දිවයින පුරා විසිරී සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටි.
එමෙන්ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය එල්.පී. ගෑස් තොග ද සමාගම සතුව ප්‍රමාණවත්ව ඇති අතර වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කෙරේ.
එම නිසා කිසිදු අයුරකින් ලාෆ් ගෑස් හිඟයක් පිළිබඳ බියක් පාරිභෝගිකයා ඇති නොකරගත යුතු බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. තමන්ට ආසන්නම ගෑස් සිලින්ඩර ඇති අලෙවි නියෝජිතවරයා
දැන ගැනීමට 1345 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ලාෆ් ගෑස් තම පාරිභෝගික භවතුන් වෙත දන්වා සිටි.