
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වන වගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරාවට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් විය. එහෙත් පසු කාලයකදී එම ප්‍රදේශය නිසි රැකවරණයක් නොමැති වීම හේතුවෙන් පරිහානියට පත්විය. මෙම සුවිශාල වනවදුල අලි ඇතුන්ට, දිවියන්ට, මුවන්ට සහ ඉත්තෑවන්ටද තම දිවිය ගතකිරීම සඳහා සරුසාර බිම්කඩක් විය. තවද මෙම වනාන්තර බිම්කඩ දේශගුණික තත්ත්වයෙන්ද සුවිශේෂී ප්‍රදේශයක් විය.