
මෙවර අයවැය පිළිබඳ සංවාදයකට ප්‍රථම මේ අය වැය ඉදිරිපත් කළ පසුබිම පිළිබඳ අපි සලකා බැලිය යුතුය. අය වැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට රටේ උද්ගත වී ඇත්තේ කුමනාකාර තත්ත්වයක්ද යන කාරණාව පිළිබඳ සඳහන් කළ යුතු වෙයි. එනම්, මේ අවස්ථාව විදෙස් ණය ගෙවීමට නොහැකිව බංකොළොත් රටක් ලෙස ලෝකය හඳුනා ගෙන ඇති වකවානුවකි. මහ බැංකු සංචිත ඉතා පහතට වැටී ඇති ආනයනික පාලනයක් ඇති පොදු උද්ධමනය 70%කි. ආහාර උද්ධමනය 80% ඉක්මවා ඇත. ජනගහනයෙන් 50% පමණ ආහාර අර්බුදයකට මුහුණ දී ඇත. ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පොලී අනුපාතය 30% තරම් ඉහළ ප්‍රතිශතයක පවතින අවස්ථාව වන මේ අය-වැය ඉදිරිපත් කිරීම සිදු විය.
රටක් ලෙස මේ අවස්ථාවේදී ලංකාවේ අර්ථිකය ගොඩනැඟීමට නම් කාරණා දෙකක් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එනම් ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය යන කරුණු දෙක පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. මේ කරුණු දෙක එකිනෙකට බද්ධ වූ කරුණු දෙකකි. ආර්ථිකය අස්ථාවර වූ විට දේශපාලන අස්ථාවරත්වය ඇති විය හැකිය. මේ නිසා අය වැය ඉදිරිපත් කිරීමේදී මේ රජය මේ අස්ථාවරත්වයන් දෙකම අවම කරගැනීමට කටයුතු කිරීමට අවශ්‍ය වේ. එනම්, අයවැය හිඟය අඩු කිරීම, උද්ධමනය, මුදල් අච්චු ගැසීම අඩු කර ගැනීම, ආර්ථීකයට ගැළපෙන ප්‍රමාණයට පමණක් සංසරණය වන මුදල් ප්‍රමාණයක් පවත්වා ගෙන යා යුතුය.
එසේම භාණ්ඩ හා නිෂ්පාදනය වැඩි වන අවධියකදී භාණ්ඩ හා නිෂ්පාදනය වැඩි වන ප්‍රතිශතයට සමාන්තරව භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමට අවශ්‍ය කරන කාසි හා නෝට්ටු තිබිය යුතුය. එහෙත් පසුගිය වසර එකහමාරක කාලයේදී ආර්ථිකය වර්ධනය නොවන තත්ත්වක් මත එනම්, රටේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යෑමක් සිදු නොවිණි. මේ භාණ්ඩ හා සේවා ඉහළ නොයන තත්ත්වයක් තුළ පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම සිදු විය. එය ආර්ථික විද්‍යාව අනුව සුළු භාණ්ඩ ප්‍රමාණයක් පිටුපස විශාල මුදල් ප්‍රමාණයක් හඹා යෑම ලෙස හැඳින්වෙයි. මේ තුළින් ආර්ථිකයේ උද්ධමනකාරී පීඩනයක් ඇති වෙයි. මේ අස්ථාවර භාවය නැති කරගතයුතු ලබන අතරම ආර්ථක වර්ධනය ඇති කර ගැනීමටත් අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුය.
මේ අය වැය ඉදිරිපත් කිරීම සිදු වූයේ මෙවැනි ප්‍රශ්න ගොන්නක් මතය. මේ අය වැය පවතින උග්‍ර ප්‍රශ්නවලට කෙටිකාලීන පිළිතුරු සපයන අය වැයක් ලෙස හැඳින් විය නොහැකිය. ඉතා ඉක්මනින් ළඟා කර ගත යුතු ප්‍රතිඵල අවම වේ.
අපි හැමදාම රටක් ලෙස අඩුවෙන් හම්බ කර වැඩියෙන් වියදම් කර ඇති බව පැහැදිලිය. ඒ අතර පරතරය ණය ලබාගෙන පියවා ගෙන ඉදිරියට පැමිණීම සිදුවිය. එහෙත් රටක් එසේ ගෙන යෑමට නොහැකිය. එවැනි අවස්ථාවලදී මුහුණ දීමට අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර නොමැති වීම ප්‍රධාන කරුණයි. මේ අය වැය මඟින් යෝජනා කරන කරුණක් නම්, අපනයන දිරි ගන්වන අපනයන මූලික කරගත් නිෂ්පාදනවලට තැනක් ලබා දී එනම්, අපනයනාභිමුඛ ආර්ථික සංවර්ධනයක් ඇති කළ යුතුය. මේ සංවර්ධනය ඇති කිරීම සඳහා මෙවර අය වැයෙන් සාධනීය යෝජනා වෙයි. එසේම 2025 පමණ වන විට අපි නවෝත්පාදන අපනයන හරහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් උපයා ගත යුතු බවට යෝජනා වෙයි. මේ දක්වා කරගෙන ආ සම්ප්‍රදායික අපනයන සඳහා 2022 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 12කට ආසන්න වේ. තවත් ඩොලර් බිලියන 3ක නවෝත්පාදන අපනයනය කළ යුතුය. ඒ සඳහා මේ අයවැයේ යෝජනා වෙයි.
අපනයන මූලික කර ගත් ආර්ථික කලාප ඇති කර ගැනීම ඒ අතරින් එකකි. රටට ඩොලර් වැඩි වශයෙන්ම ලැබුණු ක්ෂේත්‍රය වන්නේ ඇඟලුම් කර්මාන්ත අපනයනයන්ය. 1990 ගණන්වල හඳුන්වා දුන් මේ අපනයන කලාප එදා පිහිටුවීම නොකළා නම් අද වන විට විශාල අර්බුදයකට අපි මුහුණ දීම සිදු වෙයි. මේ යෝජනා කෙටිකාලීනයැයි කිව නොහැකිය.
මේ යෝජනාව මැදි හෝ දිගු යෝජනා වෙයි. මේ ආර්ථික කලාප හරහා අවශ්‍ය කරන යටිතල පහසුකම් භෞතික හෝ අභෞතික මූලික වශයෙන් ලබාදී ඉලක්ක කරා යෑමට හැකියාවක් ඇත. මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කළ යුතුය. මේ ඉලක්ක සපුරා ගැනීමට නම් මේ යෝජනා ක්‍රියාත්මක කළ යුතුය. අපේ නිෂ්පාදනවලට වෙළෙඳපොළක් අවශ්‍යයි. අපේ වෙළෙඳපොළ මිලියන පහක කුඩා වෙළෙඳපොළකි. අපේ භාණ්ඩ සඳහා වෙළෙඳපොළක් සොයා ගැනීමට මේ මිලියන පහ ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට අපිට පැමිණිය යුතුම වෙයි. අපි වෙළෙඳපොළේ පටු සීමා නැති කරගත යුතුය. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගතවීමෙන් වෙළෙඳපොළ පුළුල් වෙයි. ඕනෑම භාණ්ඩ නිෂ්පාදනයක තාක්ෂණය ලෝකයේ ඕනෑම රටකට ඉතා ඉක්මනින් ගත හැකි වෙයි. වේගයෙන් ගෝලීය කරණය වූ ලෝකයක ජීවත් වන බැවින් තවදුරටත් අපේ භාණ්ඩ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන තෙක් සිටිය යුතු නැත.
අපනයන වෙළෙඳපොළ අරමුණු කරගෙන කර්මාන්ත ආරම්භ කළ යුතුය. විදෙස් වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීම පුළුල් කළද දේශීය කර්මාන්ත බිඳ වැටීමේ තර්ජනයක් සිදු නොවේ. එසේ වන්නේ නම් අකාර්යක්ෂම කර්මාන්ත නඩත්තු කිරීමට රජය වියදම් කළ යුතු නැත. අවශ්‍ය කරන තාක්ෂණය ලෝකයේ ඕනෑම තැනකින් ලබාගත හැකිය. අකාර්යක්ෂම ව්‍යාපාර නඩත්තු කිරීමට යෑමෙන් රජයට මේ සා විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇත. මේ නිසා වචනවලට සීමා නොකර මේ යෝජනා ඉදිරියට ගෙන ගියහොත් මේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට හැකි අය වැයකි.
එසේම ඕනෑම රටක බදු අය නොකර රජයේ වියදම් පියවා ගැනීමට නොහැකිය. ජනතාව මත බර නොදී තමන්ගේ ආදායම් සොයා ගන්නා පොදු පහසුකම්, යටිතල පහසුකම්, සන්නිවේදන, අධ්‍යාපන, ආරක්ෂක, සෞඛ්‍ය වැනි සමස්ත සමාජය වෙනුවෙන් කරන වියදම් වෙනුවෙන් පැහැදිලිවම රජය අදායම් ලැබිය යුතුය. බදු සහ බදු නොවන ආදායම් රජය ලබන අතර එම බදු ඍජු සහ වක්‍ර බදු ලෙස වෙයි. එසේම අපේ රටේ ඉතා විවේචනයට බදුන් වූ බදු සහනයක් පසුගිය කාලයේ ලබා දුන් අතර ඒ 2019 ජනාධිපතිවරයෙන් පසුවයි. එය අතාර්කික බදු ක්‍රමයකි. එමඟින් ක්ෂණිකව රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 500කි. ආසන්න වශයෙන් එය රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් පමණ වෙයි. රජයට අනෙක් වියදම් දරා ගැනීමට එමඟින් නොහැකි විය. මේ අතාර්කික බදු කපා හැරීමෙන් සාමාන්‍ය පොදු ජනතාවට සහනයක් නොලැබිණි. කිසිම කර්මාන්තයක් අලුතින් බිහි වීමක් හෝ පැවැති කර්මාන්ත දියුණු වීමක් ද නොවිණි. මේ බදු කපා හැරීමෙන් මෙහි තාර්කිකකරණය කළේ මේ බදු කපා හැරීමෙන් භාණ්ඩ මිල අඩුවෙතැයි යන උපකල්පනය මත සිටයි. බදු කපා හැරීමෙන් ආදාමය අඩු වුණත් සමස්ත වියදම ඒ අකාරයෙන්ම දරාගත යුතුය. මේ අය වැය ලේඛනයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 3130කි. වැටුප් හා වේතන බිලියන 1,002ක් සහ සහනාධාර පැවරුම් බිලියන 1,114ක ප්‍රතිශතයකි. බදු ආදායම 70%ක් පමණ වෙයි. මේ කාර්යන් අත්‍යවශ්‍යයෙන් කළ යුතුය. සහනාධාර ලෙස රුපියල් බිලියන 43,000ක් වැය කර ඇත. මේ අය වැයේ සඳහන් වන ආකාරයට මෙතෙක් පවත්වාගෙන ආ සහනාධාර සහ සහ සුබ සාධන කාර්යන් නතර නොකරන බව ද සඳහන් වෙයි.
මේ අවස්ථාවේදී රජයේ අවශ්‍යතා විශාල වෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ල ඉතිරි සියයට 30ට ආසන්න ප්‍රමාණයකින් කළ නොහැකිය. එබැවින් ජනතාවට කිසියම් බදු බරක් දැරිය යුතුම වෙයි. ලංකාවේ ඍජු බදු පදනම ඉතා කෙටිය. ඍජු බදු ලෙස ලැබෙන්නේ ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන රුපියල් බිලියන 912ක් වැනි ප්‍රමාණයකි. භාණ්ඩ හා සේවා මත බිලියන 1,763ක් වෙයි. මේ භාණ්ඩ හා සේවා මත බදු අය කළ විට ඒවායේ මිල ඉහළ යයි. මේ අනුපාතයට අවම සියයට හැට හෝ හතළිහ දිශාව දක්වා වෙනස් විය යුතුය. බදු සහන දුන් පමණින් ආයෝජන ඉහළ යනු ඇතැයි සිතිය නොහැකිය. දැනට ඇති පහසුම කාර්ය වක්‍රබදු අය කිරීමයි. බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීම සඳහා බදුකරණ කොමිෂන් සභාවක් මේ අයවැයෙන් යෝජනා කර ඇත. ඉතාම නිවැරැදිව තොරතුරු එකතු කර විද්‍යාත්මක පදනමින්, රටේ බදු ගෙවන්නන් හඳුනා ගෙන බදු පදනම විද්‍යාත්මකව පුළුල් කළ යුතුය.
ලෝක වෙළෙඳපොළ සමඟ අපි ඉදිරියට යා යුතුය. එසේ නම් ජාත්‍යන්තර වෙළෙඳපොළත් සමඟ ඕනෑම රටක් සම්බන්ධ විය යුතුය. අපි වෙළෙදපොළ ප්‍රවේශය වැඩි කර ගත යුතුය. ඒ නිසා අපිට වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි කර ගත යුතුම වේ. වෙළෙඳ ගිවිසුම්වලට යා යුතු අතර, ගිවිසුම් ගත වන අවස්ථාවලදී පාර්ශ්ව දෙකම එකඟතාවයෙන් මෙය කළ යුතුය. දෙපාර්ශ්වයන්ටම සුදුසු ලෙස ගිවිසුම්ගත විය යුතුය. ගෝලීය වෙළෙඳපොළ ජාලයත් සමඟ සම්බන්ධ වීම අනිවාර්ය වෙයි. වෙළෙඳපොළ පුළුල් වු පසුව නවෝත්පාදනවලට යා යුතුය. එසේම හැකියාව සහ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩි දියුණු කර භාණ්ඩ හා සේවා නිෂ්පාදන කළ යුතුය.
කාර්යක්ෂම නොවූ විට අපේ භාණ්ඩවල මිල වැඩි වේ. ලෝකයේ අනෙක් තරගකරුවන් සමඟ බලන විට අපිට තරඟකාරීත්වයට යෑමට නොහැකි වී ඇත. එමෙන්ම ගුණාත්මක භාවය වැඩි නොවුණහොත් ප්‍රතික්ෂේප වීම සිදු වෙයි. ඒ නිසා කාර්යක්ෂම සහ ගුණාත්මක භාවයෙන් යුතු විය යුතුය. තාක්ෂණය ගෝලීයකරණය සහ සන්නිවේදනයත් සමඟ ඕනෑම භාණ්ඩයක් ලෝකයට විවෘත වෙයි. එය සැකසිය යුත්තේ කෙසේද යන කරුණේදී නිෂ්පාදකයා භාණ්ඩයක් නිෂ්පාදනය කළ යුත්තේ කිනම් ආකාරයකින්ද කුමන ගුණාත්මකභාවයකින්ද යන්න හඳුනා ගෙන ඇත.
මේ රටේ භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් නීති මඟින් රැකවරණය, ආයතනික ව්‍යුහය ක්‍රමවත් වීම කළ යුතුය. ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධය වීම අනිවාර්ය වෙයි. ඒ හරහා අපිට අපනයනවලින් යම්කිසි වැඩි ප්‍රමාණයක් ලබාගත හැකිය. 1978 වසරේ අපි ආර්ථිකය විවෘත කළ අතර ඒ ක්‍රමවේදයේ අසමත්කම් ඇති බැවින් ඒ ක්‍රමවේද ප්‍රතිසංවිධාන සකස් කර ගනිමින් ඉදිරියට යෑමට අවශ්‍යයි.
නවෝත්පාදන වැඩි කර ගැනීම සිදු වුව හොත් එහි ප්‍රතිඵල අති මහත් වෙයි. සමාජ ආර්ථිකයක් ගොඩනැඟීමට නම් සමාජ ආරක්ෂණයක් සමඟ ඉදිරියට යා හැකිය. මේ රටේ පහසුවෙන්ම විදෙස් විනියම උපායා ගැනීමට හැකි වන්නේ සංචාරක ව්‍යාපරය හරහායි. පසුගිය කාලයේදීම සංචාරකයන් පැමිණීම සම්බන්ධයෙන් කිසිම සාධනීය වැඩපිළිවෙළක් නොතිබිණි. යල්පැනගිය සාම්ප්‍රදායික දේවල්වලින් පමණක් යැපීම තවදුරටත් නොවිය යුතු වෙයි. කොවිඩ් අවස්ථාවේදී රජයට නොයෙක් පාර්ශ්වයන්ගෙන් ලැබුණ පීඩාව නිසා සංචාරකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි. නමුත් ඇතැම් රටවල් ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද ඇති කර ගනිමින් සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩාළ වීම වළක්වා ගැනීම නොකළ බව අපි දනිමු. නමුත් මෙරට රට අඟුළු දැමීම සහ සහමුලින්ම ගුවන්තොටුපොළ වසා දැමීම් සිදු විය. නමුත් අද වන විට එහි අනිසි විපාක අපි අත්විඳිමු. මිනිස් ජීවිත රැකුණත් අද ජනතාවගෙන් අඩක් පමණ අර්ධ කුසගින්නේ සිටින තත්ත්වයකට රට පත්ව ඇත. මහජනතාව සමඟ ගැවසීමට ඇති සිමා අවම කරමින් මාලදිවයින කොවිඩ් කාලයේදී පවා සංචාරක ක්ෂේත්‍රය පවත්වා ගෙන ගිය බව අපි දනිමු. මේ අය වැයෙන් සංචාරක කර්මාන්තය වෙනුවෙන් මිලියන 50 ක් වෙන්කර ඇත.
මෙවර අය වැයේදී අධ්‍යපනය ක්ෂේත්‍රයට යොමු කර ඇති අවධානය පිළිබඳ සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම අය වැය ලේඛනයේ සඳහන් වන කරුණක් නම් අධ්‍යපනයට මිලියන 200ක් වෙන් කිරීමයි.
ජාතික ඵලදායිතා කොමිසමක් පත් කිරීමේ යෝජනා වැදගත් වෙයි. මේ ක්‍රමවේදයන් විද්‍යාත්මකව සැකසිය යුතුය. රජයට වියදම දරාගැනීමට නොහැකිව ඇතැම් ආයතන වැසි යා හැකිය. එසේම වියදම පිරිමසා ගැනීමට නොහැකිව සේවක සේවක ඉවත් කිරීමට සිදු වෙයි. එහිදී මෙවැනි කරුණු පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය කරන තොරතුරු ලබා ගත යුතුයි. විද්‍යාත්මක පදනමකින් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව නිසි ආකාරව ක්‍රියාත්මක වුවහොත් දිගුකාලීන ප්‍රතිඵල ළඟා කර ගත හැකි වෙයි. තොරතුරු මත ගොඩනැඟෙන රජයට උපදෙස් දීම සඳහා දේශපාලනීකරණයකින් තොරව ප්‍රාමාණික ස්වාධීන බුද්ධිමතුන් මේ සඳහා යොමු කළ යුතුය. ඒ අනුව දැනට ඇති නීතිරිති අධ්‍යයනය කර සංශෝධන කළ යුතුය.
ස්වාධීනව නිසි දත්ත පදනමක් අධ්‍යයනය කර ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සම්බන්ධයෙන් රජයට උපදෙස් දිය යුතුය. මේ අය වැය සුන්දර වචනවලින් සැරසුණ අය වැයක් නොවෙයි. එහෙත් සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි හොඳ යෝජනා සමූහයක් මෙහි වෙයි. මේ පෙර ඉදිරිපත් කළ අය වැය මෙන් කොළවලට පමණක් සීමා නොකළ යුතුයි. එසේ සීමා වුවහොත් එළැඹෙන 78 අයවැයේදීත් මේ ආකාරයටම රටේ ඉදිරි අනාගතය පිළිබඳ සංවාදයන් විවෘත කළ යුතු වෙයි. ඉතිහාසය පුරා අපිට වැරදුණ තැන් පිළිබඳව වඩා සැලකිලිමත් වෙමින් රට නිවැරැදි දිශානතියකට හැර විය යුතුය. එය සියලු පාර්ශ්වයන්ගේ ජාතික වගකීමකි.