වර්ජන මඬින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි | සිළුමිණ

වර්ජන මඬින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහජන විරෝධතා මර්දනය කිරීමට එරට පොලිසියට අමතර බලය ලබා දීමට කටයුතු කර තිබේ.

පසුගියදා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය පොලිස් ප්‍රධානීන් හමු වී මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම පිළිබඳ වැඩි දුර උපදෙස් ලබා දී ඇත. අගමැති සුනක්ගේ මතය වී ඇත්තේ ‘ආත්මාර්ථකාමී උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල වීමට ඉඩ ලබා දිය නොහැකි බවය.

ඔක්තෝබර් මාසයේදී බලය ලබා ගත් විගස මහජන උද්ඝෝෂණ මර්දනය සහ පාලනය කිරීම කෙරෙහි අගමැති සුනක් ගේ අවධානය යොමු වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් මාධ්‍ය අගමැතිවරයාගේ මේ උත්සාහය වාර්තා කර තිබුණේ වැඩ කරන ජනතාවගෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් සඳහා අගමැතිවරයා කල් තබා සූදානම් වන බව පවසමිනි.

2015 වසරේ සිට බ්‍රිතාන්‍ය පුරා උද්ඝෝෂණ රැල්ලක් පැතිර ගිය අතර එක් අවස්ථාවකදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එරට ජනතාවට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය.

Comments