
ජිනීවා - ස්විට්සර්ලන්තය : 2022 සැප්තැම්බර් ගෝලීය සංක්‍රමණ පරිණාමන සමාගමක් වන Bahwan Cyber Tek (BCT) සහ Temenos (SIX : TEMN) අද දින ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානයේ Temenos මෙහෙයුම් කටයුතු ඉහළ ස්ථරයකට නංවාලීම සඳහා සුවිශේෂි මූලෝපායික එකඟතාවක් හෙවත් ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුණු බව අද නිවේදනය කළහ.
මෙම එකඟතා ගිවිසුමේ කොටසක් ලෙස BCT මෙම රටවල Temenos නිෂ්පාදන හා විසඳුම් අලෙවිකර ක්‍රියාවට නංවා සහය ලබාදීමට කටයුතු යොදනු ඇත.
මෙම ගිවිසුම සුවිශේෂීව අනන්‍ය සාධාරණ ලෙස වසර හතකට බලපවත්වනු ඇති අතර, කලාපයේ දීර්ඝකාලීන වර්ධනයට Temenos හි කැපවීම සලකුණ කරනු ඇත. සුවිශේෂී විකුණුම් හා භාරදීම් හවුල්කරුවෙකු ලෙස BCT විසින් Temenos හට, සිය වෙළඳපළ ආවරණය ව්‍යාප්ත කිරීමටත්, සිය දේශීය විශේෂඥතාවය ගැඹුරු කිරීමටත් BCT හි නිපැවුම් ඉංජිනේරු හා ඩිජිටල් සේවා සැපයුම් ක්‍රියාකාරීන් සහ උපදේශකවරුන් 4,000 ක ජාල පද්ධතියක් මගින් ඉඩකඩ ලැබෙනු ඇත.
මෙම භූගෝලීය කලාපවල මූල්‍ය ආයතනවලට BCT හි ගෝලීය වෘත්තීයවේදී සේවා සහ කලාපීය විශේෂඥතාව සහ Temenos හි ලෝක ව්‍යාප්ත මට්ටමේ බංකුකරණ වේදිකාව මගින් ප්‍රතිලාභ අත්වනු ඇත. BCT හි ශක්තිමත් පෘථුල කලාපීය ඥානය ගැඹුරු මූල්‍ය සේවා කර්මාන්ත විශේෂඥතාව සහ විස්තීර්ණ සේවා දක්ෂතා හා කුසලතා සමගින් ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය යන රටවල බැංකුවලට ස්වකීය කල්පැනගිය යල් පිනූ පරිගණක පද්ධතිවල සීමාරෝධක බාධාක වලින් මිදී Temenos හි නවීනතම විවෘත වේදිකාව වෙත සංයුක්ත බැංකුකරණයකට සංක්‍රමණය වීමට මග හදා ඇත. ඔවුන්හට, එමගින් කඩිනම් නවීකරණ කාලවේලාව වැඩි දියුණු කළ කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් කටයුතු ඉහළ තලයකට ගෙන යාම සහ විසල්ව වැඩි දියුණු කළ ගනුදෙනුකාර /පාරිභෝගික අත්දැකීම් පෙළකට මග පාදමින් ප්‍රතිලාභ අත්වනු ඇත.
S. දුර්ග ප්‍රසාද් (D.P) සම ආරම්භක අධ්‍යක්ෂක හා සමූහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) BCT, මෙසේ පැවසීය. Temenos සමග මෙම හවුල්කාරිත්වය ගොඩනගා ගැනීමට හැකි වීම ගැන අපි සතුටු වන අතර එය එමගින් අපගේ දෘශ්‍යතාව සහ බැංකුකරණ කර්මාන්තයේ අපගේ දැක්ම හා එළඹුම වැඩි වර්ධනය වීම ළඟාකර දෙනු ඇති බැවිනි. මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම් සහ අභියෝග රෙගුලාසි සහ කර්මාන්තයට පිවිසෙන නව ක්‍රීඩකයන්ගේ දෘඩ තරගකාරිත්වය මගින් දැඩි පීඩන තත්ත්වයන්ට මුහුණ පා සිටිති.
අපගේ ශක්තිමත් මූල්‍ය සේවා අර්පණ ගැඹුරු කලාපීය විශිෂ්ට විශේෂඥතාවය සහ සේවා දක්ෂතාවය Temenos හි ප්‍රකට හා නියමු බැංකුකරණ වේදිකාව හා සම්බන්ධ වූ විට බැංකු සහ මූල්‍ය ආයතන වලට ඩිජිටල් පරිණාමනය කරා ගෙන යන ශක්තිමත් ස්ථාවරත්වයක් ලබාදෙනු ඇත.
Erich Gerber සභාපති සහ ප්‍රධාන ආදායම් නිලධාරි Temenos මෙසේ පැවැසීය. "මෙම භූගෝලීය කලාපයේ නව ව්‍යාපාරික අවස්ථාවන් ජනනය කිරීම තුළින් අපගේ වැඩි වර්ධනය වේගවත් හා කඩිනම් කරන සහ අපගේ ආමන්ත්‍රික හා ඉලක්කගත වෙළඳපළ විවෘත කළ BCT සමග මෙම සුවිශේෂී එකඟතා ගිවිසුම පිළිබඳව නිවේදනය කිරීමට අපට හැකි වීම අපට මහත් ප්‍රීතියකි.
බැංකුවලට අපගේ සුවිශේෂි පර්යේෂණ හා සංවර්ධන (R&D) ආයෝජනය සහ නවෝත්පාදක මාර්ග සිතියම මගින් ප්‍රතිලාභ අත්වනු ඇති අතර BCT මගින් ලෝක මට්ටමේ ඉහළ වෘත්තීයවේදී සේවාවන් සහ අනුපූරක තාක්ෂණවේදීය පෘථුල පෙළක් ගෙන ඒම මගින් වඩාත් සිය නව්‍ය උත්පාදනයන් මෙම වෙළඳ පොළවල්වලට වඩා පුළුල් එළඹුමක් සහ සංයුක්ත බැංකුකරණය සඳහා විවෘත වේදිකාවක් වේගයෙන් අත්පත් කර ගැනීම සඳහා මග සලසනු ඇත. BCT සමග එක්ව බලමුළු ගැන්වීම මගින් අපගේ සේවාදායකයින් හා අනුග්‍රාහකයින් නව ව්‍යාපාරික මොඩලයක් ගොඩනැගීම නව බැංකුකරණ සේවාවන් සහ සුවිශිෂ්ට ගනුදෙනුකාර අත්දැකීම් රැසක් පිරිනැමීම මගින් බලසම්පන්න කරනු ඇත."
BCT යනු පුරෝකථන (අනාගත වැකි) විශ්ලේෂණය ඩිජිටල් සැපයුම්දාම කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ ඩිජිටල් අත්දැකීම් විශ්ලේෂණය මගින් සීඝ්‍ර පරිවර්තනය වඩාත් අනගි ගනුදෙනුකාර සහභාගිත්වය සහ නවතම හා නවීනතම අවදානම් තත්ත්ව කළමනාකරණය සාක්ෂාත් කරන ක්ෂේත්‍රයන්හි විසඳුම් සංවර්ධනය අලෙවිකරණය ක්‍රියාවේ යෙදවීම සහ සහය දැක්වීම සිදුකරන ගෝලීය ආයතනයකි.
Temenos යනු නවතම ගනුදෙනුකාර අත්දැකීම් සඳහා නව බැංකුකරණ සේවා වර්ධනය ඉහළ නැංවීම සහ ගොඩනැංවීම සඳහා සහය දක්වමින් රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක මූල්‍ය ආයතන 3,000 කට අධික රැසක් සඳහා සේවය කරමින් සංයුක්ත බැංකුකරණය සඳහා වන ලෝකය තුළ ප්‍රධාන පෙළේ විවෘත වේදිකාව වේ.
වැඩිදුර විස්තර සඳහා කරුණාකර විමසන්න. www.bahwancybertek.com / www.temenos.com