
නවලෝක රෝහල් සමූහය මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රෝගීන්ගේ යහපැවැත්මට ඇති වන බලපෑම අවම කිරීමේ උත්සාහයක් ලෙස OPD රෝගීන් නිවසේ සිට රෝහලට සහ නැවතත් නිවසට ප්‍රවාහනය කිරීම සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නොමිලේ ප්‍රවාහන සේවාවක් දියත් කරන බව මෑතකදී නිවේදනය කළේය.
මේ වන විට ප්‍රවාහනයේ දී පවතින අභියෝග නිසා මෙන්ම රට තුළ COVID රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ රෝගීන්ට තම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යාමට අපහසු තත්ත්වයක් උදා වී ඇත. මෙවැනි අවස්ථාවක මෙම මුලපිරීම ඉතාම කාලෝචිත වෙයි. තවද දිවයින පුරා සිටින ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය රෝගීන්ට ගිලන්රථ සේවාවක් ද නොමිලේ ලබාදීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කරයි.