
- තත්ත්වය වඩා යහපත් අතට හැරෙන බව වැටහෙද්දි ජනතාව මේ තීරණ සමඟ එකඟ වේවි
- 2023 වසර අවසානයේ රට යහපත් අතට
- රට අර්බුදයෙන් ගොඩගැනීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකොනොමිස්ට් (The Economist) සඟරාව සමඟ ඉකුත් අගෝස්තු 14 වැනිදා කොළඹදී සම්මුඛ සාකඡාවක් පවත්වනු ලැබීය. ලොව ජනප්‍රියතම සඟරාවක් වෙන ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ මේ සාකච්ඡාව දෙස් විදෙස් බොහෝ දෙනා අතර අවධානයට ලක් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනංවන්නේ කෙසේද යන්න ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කරනු ලැබීය. මේ එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක සංක්ෂිප්ත පරිවර්තනයකි.
ප්‍රශ්නය - අපට කාලය ලබා දීම සම්බන්ධව ස්තුති කරනවා. වික්‍රමසිංහ මහතාණනි, සති තුනකට පෙර අප මෙහි පැමිණෙන විට මේ රට පැවතියේ අර්බුදයක. එහෙත් පසුගිය රාත්‍රියේ අප මෙහි ගොඩබසින විට වාතාවරණය බෙෙහවින් වෙනස් බව වැටහුණා. ගුවන් තොටුපළේ සිට පැමිණෙන විටත් මහා මාර්ගෙය්දීත් ඒ් බව පෙනී ගියා. ජූලි 21වැනිදායින් පසුව සිදුවූ මේ වෙනස්වීම්වලට හේතු සාධක වූයේ කුමක්ද?
පිළිතුර - ප්‍රථමෙයන්ම මා සිතුවේ ජනතාවට නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බවයි. ජනතාව ගොඩක් ගැටලුවලට මුහුණ දෙමින් සිටියා. සේවකයන්ට තමන්ගේ සේවා ස්ථාන වෙත යෑමට නොහැකි වූවා. ආණ්ඩුව සම්බන්ධව ඔවුන්ට පැමිණිලි තිබුණා. එහෙත් ජනාධිපති ගෝඨාභය ගේ ඉවත් වීමෙන් පසු ඔවුන් අපට තවත් අවස්ථාවක් ලබා දෙන්න කල්පනා කළා. ඒ් සමඟම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයත් පැවැත්වුවා. කැබිනට් මණ්ඩලයත් පත් කර ගනු ලැබුවා. දැන් අප සර්ව පාක්ෂික රජයක් සඳහා කැඳවුම් කර තිබෙනවා. අප අමාරු කාලයක් වෙත යමින් සිටින බව ජනතාව දන්නවා. එයින් හැකි ඉක්මනින් ඉවත් වීමට ඔවුන් අවශ්‍යයි. මැයි මස අවසානයේ සිට අරගලයට සහය දුන් අය පවා එයින් පීඩාවට පත්ව සිටියේ. ඔවුන් පවා 9 වැනිදා සහ 13 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා බලාපොරොත්තු වූයේ නැහැ.
ප්‍රශ්නය - දැන් රටේ ඉන්ධන පවතිනවා. QR ක්‍රමවේදය සාර්ථක බව පෙනෙනවා. ඉන්ධන පෝලිම් අතුරුදහන් වෙලා. මෝටර් රථ සහ ත්‍රීරෝද රථ මාර්ගයේ වැඩියෙන් දක්නට ලැබෙනවා. රටේ මුහුණුවර වෙනස් කිරීමට පසුගිය සති තුනේදී ගත් ක්‍රියාමාර්ග මොනවාද?
පිළිතුර - ප්‍රථමයෙන්ම අපට තිබුණේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමයි. දෙවනුව අපට සියලුදෙනාට ගැළපෙන විසඳුමක් ලබාදීමට අවශ්‍ය වූවා. එහිදී සාමකාමී අරගලකරුවන්ට පවා අප අවස්ථාව ලබා දුන්නා. සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අදහස් ලබා ගැනීමට අප ජනතා සම්මේලනයක් ස්ථාපිත කිරීමට අදහස් කරනවා. තරුණ නියෝජිතයන් සිවුදෙනකු පත් කර ගැනීමට අදාළ කමිටු ස්ථාපිත කිරීම සම්බන්ධව නව ස්ථාවර නියෝග ගෙන ඒ්මට අදහස් කරනවා. සභාපතිවරයාගේ අවසරය මත ඔවුන්ට ප්‍රශ්න නැඟිය හැකියි. ඔවුන්ට වාර්තාව සම්පාදනය කළ නොහැකි වුවත් ඔවුන්ගේ අදහස් එහි අන්තර්ගත කළ හැකියි. සියලුම පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තුව තහවුරු කරනවා.
ප්‍රශ්නය - එවැනි අන්දමේ ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත් බව ඔබ පැවසූවා. ඇත්තෙන්ම එහි ඇති වැදගත්කම කුමක්ද?
පිළිතුර - මෙහි දරුණු අර්බුදයක් පවතිනවා. අප කොහොමද පක්ෂ වශයෙන් එක්ව කටයුතු කරන්නේ? මම නායකත්වය ගනිමින් සැමට අවශ්‍ය වූ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථාව ඉදිරියට ගෙන ඒමට (ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට යෝජිත ) කටයුතු කළා. අප එය ගෙන එනවා. එහිදී ඔබට නව ව්‍යවස්ථාවක් පිළිබඳව හැදෑරීමට හැකිවනු ඇති. මම එය තෝරාගත් කමිටුවක් සමඟ ගෙන ආවා. නව කමිටු ක්‍රමවේදයක් සමඟ නව ජාතික කවුන්සිලයක්. යුරෝපා කවුන්සිලයේ ආකෘතිය මත සකස් කෙරුණු යමක්. ඒ් වගේම අප පොදු අවම වැඩසටහනක් ගෙන එන්නට උත්සාහ කරනවා. එහිදී පක්ෂ සහය අපට හිමිවන බව ආණ්ඩුව දන්නවා. අනෙකුත් වැදගත් කරුණු නිතර සාකච්ඡා කළ යුතු වනවා. මසකට වරක් පක්ෂ නායකයන් සමඟ. එමෙන්ම අවශ්‍යතාව අනුව කමිටුවල සහය ලබා ගන්නවා.
ප්‍රශ්නය - සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ඇති බාධකය කුමක්ද?
පිළිතුර - අප තවමත් සාකච්ඡා මට්ටමේ ඉන්නේ. සියලුම පක්ෂ වෙනස් කණ්ඩායම්. එය කණ්ඩායම් සහ ඔවුන්ගේ දැක්මේ ගැටලුවක් මිස පක්ෂවල ගැටලුවක් නොවෙයි. අර්බුදයෙන් ගොඩ ඒ්මේ රටේ වගකීම බැඳී ඇත්තේ පාර්ලිමේන්තුව සමඟයි. අයිඒම්ඒෆ් යෝජනා පවා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කාටහරි මෙයට වඩා හොඳ යෝජනා පවතිනවා නම් අප ක්ෂණිකව ඔවුන් වෙතට අවධානය යොමු කරනවා. එසේ නැතිනම් අප සතුව පවතින දේ සමඟ අප ඉදිරියට යා යුතු වෙනවා.
ප්‍රශ්නය - ඉදිරියේදී කොතරම් අපහසුතා ඇති වීම සම්බන්ධව ඔබ පසුගිය සති කිහිපයේදී ඉතා අවංකව අදහස් ප්‍රකාශ කළා. එම අපහසුතා අවම කර ගනිමින් ප්‍රාථමික අවශ්‍යතා සම්පාදනය කර ගැනීමට කළ යුතු වන්නේ මොනවාද? ඒ් වගේම රාජ්‍ය ණය අවම කර ගැනීමට ගත යුතු පියවර මොනවද? නීතිමය සම්පාදන හෝ ආර්ථීක ප්‍රතිසංස්කරණ මේ අතරින් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ මොනවාද?
පිළිතුර - අපට නව බදු සමඟ නව පොදු මූල්‍ය පනතක් අවශ්‍ය වනවා. මගේ බලාපොරාත්තුව වන්නේ ප්‍රබල කපා දැමීම් සහිත අපනයන මූලික කරගත් ආර්ථිකයක් ස්ථාපිත කිරීමයි. ඒ් වගේම 2024 වන විට මේ අර්බුදයෙන් ගොඩ ඒ්මට හැකියාව ලබා ගැනීමයි. ගැඹුරු කපාදැමීම් සමඟ අප ප්‍රතිසාධනය වන බව තහවුරු කර ගත යුතුයි.
ප්‍රශ්නය - ගැඹුරු කපාදැමීම් යනුවෙන් ඔබ අදහස් කරන්නේ මොනවාද?
පිළිතුර - ඒ් අප සිදු කළ යුතු වෙනස්කම්. ඒ්වා ගැඹුරෙන් කළ යුතුයි. කළ යුතු වෙනස්කම් සියල්ල කරමින් ඉදිරියට ආ යුතුයි. තායිලන්තය එය කළා. නමුත් තායිලන්තයට තිබුණේ බැංකු අර්බුදයක් පමණයි. ඔවුන්ට ණය අර්බුදයක් තිබුණේ නැහැ. අපට ඒ් දෙකම තිබෙනවා. එහෙත් මේ අර්බුදයෙන් ගොඩ යා හැකි වනු ඇතැයි මා තුළ විශ්වාසයක් තිබෙනවා.
ප්‍රශ්නය - තරගකාරී ආර්ථිකයක් සඳහා ව්‍යවස්ථාදායක ස්ථාපිත කිරීම අවශ්‍යයි යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
පිළිතුර - ප්‍රථමයෙන්ම අයවැය සම්බන්ධව. පොදු දේපළ සහ මුල්‍ය හිඟය පිරවිය යුතුයි. ඒ් සමඟම අතිශයින් අපනයන මත රැඳුණු තරගකාරී ආර්ථික රාමුවක් පිළිබඳව ව්‍යවස්ථාදායකව විමසිය යුතුයි. 1977දී මම කැබිනට් මණ්ඩලයේ සිටින විට අප එය සිදු කිරීමට සමත් වූවා. අප ආර්ථිකය විවෘත කිරීමට ව්‍යවස්ථායකය යොමු කළා.
ප්‍රශ්නය - ඔබට හැකියි අපට උදාහරණ කිහිපයක් ලබා දීමට. කෙටිකාලීනව, අයවැය සම්බන්ධව, ආදායම් බදු, වැට්?
පිළිතුර - බදු වැඩි කිරීමට සිදු වෙනවා. බදු මූලධනය, වත්කම්, බදු අයකර ගැනීම් වඩා වර්ධනය කර ගැනීමට සිදු වෙනවා. ඒමඟින් අහිමිවූ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. එසේ කළහොත් ලබන වසර වන විට අපට බදු සම්බන්ධව අප 2018දී සිටි තත්ත්වයට හෝ එතනින් එහාට ගිය ස්ථාවරයකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති.
ප්‍රශ්නය - ඔබ පවසා සිටියා ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් නොව වසර 25කින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත් විය යුතුයි කියලා. මෙය සිදු කිරීමට කළ යුතු වන්නේ මොනවාද?
පිළිතුර - එය ඔබ විවෘත විය යුතු අන්දම පිළිබඳව ප්‍රශ්නයක්. එයට පෙර අප මේ සම්පූර්ණ ප්‍රශ්නය බැංකු සමඟ විසඳා ගත යුතු වනවා. ඊට පෙර අප ඇතැම් රාජ්‍ය වත්කම් කළමනාකරණය කර ගැනීම කෙෙරහි අවධානය යොමු කර තිබෙනවා. එමඟින් අපට ඩොලර් බිලියන 2 -3 අතර ප්‍රමාණයක් ලබා ගත හැකි වනු ඇති. ඒ් බිම් මට්ටමේ කටයුතුයි. ඉන්පසු 2018 – 2019 කාලයේදී අප භාවිත කළ ඇතැම් වාර්තා ක්‍රියාවට නැංවීමට කටයුතු කළ හැකියි. ඒ් අතරම කලාපය සමඟ ඒ්කාබද්ධ විය යුතු වනවා. දකුණු ආසියා කලාපයේ ඒතරම් ඒ්කාබද්ධ වීමක් මා දකින්නේ නැහැ. ඒ් නිසාම අප ASEAN සහ RCEP යන සංවිධාන සමග වඩා සමීපව කටයුතු කළ යුතුයි.
ප්‍රශ්නය - ශ්‍රී ලංකන් ගුවන්සේවය හැර පෞද්ගලීකරණ කළ යුතු වෙනත් ආයතන මොනවාද?
පිළිතුර - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විකිණිය හැකියි. ශ්‍රී ලංකා ටෙලිකොම් තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයත් අප සතුව තිබෙනවා.
ප්‍රශ්නය - අනෙකුත් තරගකරුවන්ට ඛනිජ තෙල් වෙළෙඳපොළ විවෘත කරනවා?
පිළිතුර - ඔව්. අප ආයෝජකයන්ට විවෘත කරනවා. එහෙත් එහිදී අපට ඇතැම් ආයෝජකයන් සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. ඇතැමුන් වසර 40කට වඩා ක්ෂේත්‍රයේ සිටිනවා. එතෙර ආර්ථික කටයුතු සම්බන්ධව පවත්නා නීතියේද යම් යම් වෙනස්කම් කළ යුතු වෙනවා. ඒ් සම්බන්ධව අප ආකෘතියක් ලෙස අයර්ලන්තය දෙස බලනවා.
ප්‍රශ්නය - ඒ් සම්බන්ධව ආසන්නයේම ගෙන ඒ්මට බලාපොරොත්තු වන නව නීති මොනවාද?
පිළිතුර - ඒ් සම්බන්ධව ඇෙමරිකා එක්සත් ජනපදයේ බංකොළොත් ආයතන පිළිබඳ ‘චැප්ට්ර් 11’ නීතියට සමාන නීති ඉක්මනින්ම සම්පාදනය කිරීමට අදහස් කරනවා. සෙසු නීති ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සම්බන්ධවයි. ලබන වසර සඳහා අපට කිසියම් අතිරේක බලයක් අවශ්‍ය කරනවා. අර්ධයක් මේ තත්ත්වය පාලනය කිරීම සඳහායි.
ප්‍රශ්නය - ඔබ පවසා සිටියා යම් යම් නීති පාර්ලිමේන්තුවට ගෙන ඒ්මට අදහස් කරන බව. මා විමර්ශනය කරන්නේ ඒ් සමබන්ධවයි.
පිළිතුර - මේ වැඩපිළිවෙළ 2024 දක්වා දිව යනවා. සමාගම් නීතිය සංශෝධනය කළ යුතුයි. වාණිජ නීති සියල්ලමත්, අප ව්‍යාපාර කිරීම පහසු කළ යුතු වනවා. එයින් අදහස් වන්නේ බොහෝ රෙගුලාසි අහෝසි කර දැමීමයි. මම දැනටමත් ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා කර තිබෙනවා. අප රට තුළ ආයෝජන වර්ධනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය විමසා බැලීමට කටයුතු කරනවා. දැනට පවතින තත්ත්වය පිළිබඳව මා සෑහීමකට පත් වන්නේ නැහැ. මා එක් අතකින් මෙය ව්‍යසනයක් බව විශ්වාස කරනවා. අනික් අතට මෙය 1977 දී අප සිදු කළාක් මෙන් අලුත් යමක් නිර්මාණය කළ හැකි අවස්ථාවක් ලෙසත් මා දකිනවා.
ප්‍රශ්නය - පෙර අදහස් දැක්වූ පරිදි ආර්ථිකය වඩා තරගකාරී කිරීමේදී ණය කපා දැමීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීම වඩාත් වේදනාකාරී විය හැකියි. ඔබ කොහොමද මේ අපහසු කාලයේදී ශ්‍රී ලාංකිකයන් ඔබත් සමඟ දේශපාලන ගමනක් රැගෙන යන්නේ?
පිළිතුර - සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබ අවංක විය යුතුයි. අවදානම් සහගත මිනිසුන් වෙනුවෙන් ඔබ කොපමණ මුදල් වියදම් කළ යුතුද? එය වැදගත් නොවන බව ජනතාව වටහා ගනිමින් ඉන්නවා. ඔවුන්ට එම ක්‍රමයෙන් ඉවත් වීමට අවශ්‍ය කරනවා. ඔවුන්ට මේ ක්‍රමයෙන් ඉක්මනින් ඉවත් වීමට හැකි බවත්, කාලය අපහසු බවත් තේරුම් කර දිය යුතුයි. මේ තත්ත්වයෙන් ඉක්මනින් ඉවත් වීම තමයි අප කළ යුතු වන්නේ. ඒ් පිළිබඳව අපට බලාපොරොත්තුවක් තිබෙනවා.
ප්‍රශ්නය - තත්ත්වය වඩාත් බියකරු බව වටහා ගත් පසු ජනතාව විරෝධතාවන්ට එක් වූවා. යළිත් එවැනි විරෝධතා ඇති වුවහොත් ඔබ ඔවුන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?
පිළිතුර - මම විශේෂයෙන්ම කනගාටු වන්නේ ආහාර පිළිබඳව. ජනතාවට ආහාර අවශ්‍යයි. ඔවුන් කුසගින්නේ තබන්නට මට අවශ්‍ය නැහැ. මධ්‍යම පන්තිය වියදම් කරමින් සිටිනවා. අපට ඔවුන්ගේ වියදම් කපා හැරීමට අවශ්‍යයි. දරිද්‍රතාවයේ මායිමේ සිටි මිනිසුන් එයින් පහළට වැටෙමින් සිටිනවා. ඉතා කෙටි කලක් තුළ අපට ඔවුන්ට පහසුකම් ලබාදීමට සිදු වෙනවා.
ප්‍රශ්නය - එහෙත් එය දුෂ්කර පණිවිඩයක්. එහෙම නේද? ඉදිරියේදී ඔබට වඩාත් අපහසු කාලයක් ගත කරන්නට වෙයි කියන පණිවිඩය
පිළිතුර - ජනතාව එය දන්නවා. මම කරන්නේ අපට අපහසු කාලයක් ගත කිරීමට සිදු වන බවට ඇත්ත ඔවුන්ට පැවසීමයි.
ප්‍රශ්නය - මෙලෙස පැවසීමේ ඔබේ අත්දැකීම් මොනවාද?
පිළිතුර - මැතිවරණ කිහිපයක් පරාජයට පත්වීම.
ප්‍රශ්නය - රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධතා එල්ල විය හැකියි.?
පිළිතුර - මා වෘත්තිය සමිති පිළිබඳව කරදර වන්නේ නැහැ. මා කරදර වන්නේ ජනතාව පිළිබඳවයි. තත්ත්වය වඩා යහපත් අතට හැරෙන බව වැටහෙනවා නම් ජනතාව මේ තීරණ සමඟ එකඟ වේවි.
ප්‍රශ්නය - මීට පෙර සිටි රජය කළ එක් දෙයක් නම් තත්ත්වය අයහපත් නොවන බවට මවාපෑම. එහෙත් ජනතාව මෝඩයන් නොවෙයි. තත්ත්වය අයහපත් බව ඔවුන් දන්නවා. ඔවුන් පාරට පැමිණියා. ජනතාවට සත්‍ය පැවසීමෙන් ‘සිදුවන්නට යන්නේ මෙයයි. මම තත්ත්වය සමනය කිරීමට උත්සාහ දරනවා යනුවෙන් පැවසීමෙන් ‘ අර්බුද අවම වේ යැයි ඔබ සිතනවාද?
පිළිතුර - මා එසේ වේ යැයි බලාපොරොත්තු වෙනවා. ඒ් වගේම අප අනෙකුත් දේශපාලන ඉසවු කෙරෙහිත් අවධානය යොමු කරනවා. මේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඔවුන්ට අවශ්‍ය නම් ඒ් සම්බන්ධව සාකච්ඡා පවත්වමින් වඩා විවෘත දේශපාලන ක්‍රමවේදයක් ඇති කිරීමට උත්සාහ දරනවා.
ප්‍රශ්නය - ඔබ ආරක්ෂක අංශ සමඟ උණුසුම් සබඳතාවක් ආරම්භ කර තිබෙනවා. මීට පෙර ජනතාව ඔබෙන් එවැනි දෙයක් දුටුවේ නැහැ. මේ සම්බන්ධව ඔබට යමක් පැවසිය හැකිද?
පිළිතුර- මට ආරක්ෂක අංශ සමඟ උණුසුම් සබඳතාවක් නැහැ. ජනාධිපති සහ ආරක්ෂක ඇමති ලෙස මම උත්සව කිහිපයකට සහභාගී වූවා පමණයි. රාමුවෙන් පිට මම කළ එකම දේ නම් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කළ ආරක්ෂක අංශ ඇගැයීමට ලක් කිරීම පමණයි.
ප්‍රශ්නය - ආරක්ෂක අමාත්‍යාංශය ඔබ සතුව තබා ගැනීමට ඔබ අදහස් කළේ ඇයි?
පිළිතුර - ආරක්ෂක අමාත්‍යාංශය පැවතියේ ජනාධිපතිවරයා යටතේයි. මා එය ඒ ලෙසම තබා ගත්තා. එමඟින් නීතිය සහ සාමය පවත්වා ගැනීමට කටයුතු කළා. එහෙත් ආරක්ෂක ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් කළ යුතු බවයි මගේ අදහස. අප කතා කළ යුතු වන්නේ 2030 ආරක්ෂක අංශය පිළිබඳවයි. එයත් අප සිදු කිරීමට නියමිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ නූතනකරණය කිරීමේ වැඩපිළිවෙළේ එක් කොටසක්.
ප්‍රශ්නය - ආරක්ෂක අංශවලදී මුල්තැන දිය යුතු වන්නේ මොනවාටද?
පිළිතුර - ප්‍රථමයෙන්ම පොලීසියට සහය දැක්විය යුතුයි; සිවිල් නීතිය ස්ථාපිත කරමින් ආරක්ෂාව සහතික කිරීම සඳහා. දෙවනුව අප ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. එහෙත් අප තවදුරටත් ඉදිරිය බලනවා. මාලි හි දැනටමත් අපේ හමුදා සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව කටයුතු කරමින් සිටිනවා. එය වර්ධනය කරගත යුතුයි. එමෙන්ම අප ආරක්ෂක අංශ වැය ශීර්ෂය සම්බන්ධවද අවධානය යොමු කළ යුතුයි.
ප්‍රශ්නය - - ත්‍රස්තවාදය සම්බන්ධව සාකච්ඡා කළොත් ඔබ අගමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී පැවසූවා 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සෙවීමට බ්‍රිතාන්‍ය බුද්ධි අංශවල සහය ලබා ගන්නා බවට.
පිළිතුර - ඔව්. බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරුණු සෙවීමට දායක වූවා. එහි අවසන් ප්‍රතිඵලයක් සඳහා අප බ්‍රිතාන්‍යය බලධාරින් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා.