
ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන 'DIMO Academy for Technical Skills (DATS)' හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත.
මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගිය දා සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි. එහි දී මෝටර් රථ ආශ්‍රිත පාඨමාලා සඳහා Hybrid හා CVT ඇතුළු ගියර් පද්ධතිය ආශ්‍රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. DATS විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණයන් පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර් ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීම ද DATS ආයතනය මඟිින් ම සිදු කිරීම විශේෂිතය.