යුනියන් ඇෂුවරන්ස් ජාත්‍යන්තර පිළිගැනීමට | සිළුමිණ

යුනියන් ඇෂුවරන්ස් ජාත්‍යන්තර පිළිගැනීමට

 

යුනියන් ඇෂුවරන්ස් ශී්‍ර ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නවොත්පාදකයා වශයෙන්, තම ප්‍රශංසනීය දිනුම් මාලාවට ඉමහත් කීර්තියක් එක් කරමින්, තවත් ගෝලීය සම්මාන 4 ක් දිනාගැනීමට සමත්ව ඇත. සමාගම විසින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද ප්‍රමුඛතම නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් World Economic Magazine විසින් මෙම සම්මාන පිරිනමා ඇත. ලොව පුරා පවතින කර්මාන්ත රාශියකින්, ගතික මෙන්ම නව්‍යතා උත්පාදනය කරන ආයතන සඳහා මෙම සම්මානයන් වාර්ෂිකව ප්‍රදානය කෙරේ.

යුනියන් ඇෂුවරන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, ලංකාවේ වඩාත්ම අගය කරන රක්ෂණ සමාගම ලෙසත්, ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සපයන්නා ලෙසත් සහ ලංකාවේ වඩාත්ම නව්‍ය බැංකු රක්ෂණ ත්‍යාග වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ ආයතනය ලෙසත් ගෞරව සම්මානයට පාත්‍ර විය.

යුනියන් ඇෂුවරන්ස් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝමස් පැවසූ පරිදි, මෙම සම්මාන ආයතනය අනුගමනය කළ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ගික වැඩපිළිවෙල සහ දූරදර්ශී ඉදිරි දැක්ම යන පියවරයන්හි සාර්ථකත්වය පිළිබඳ ව සාක්ෂි සපයන බවයි. අපි සෑමවිටම උත්සාහ කරන්නේ නවෝත්පාදන සහ ඩිජිටල්කරණය හරහා පාරිභෝගික අපේක්ෂාවන් අභිබවා යන හොඳම දේ ගනුදෙනුකරුට පිරිනැමීමට යි ප්‍රකාශ කළේය.

Comments