ජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය මත පදනම් වූ ආණ්ඩුක්‍රම පවතින රටවල ස්ථිර වශයෙන් හෝ යම්කිසි හදිසි අවස්ථාවලදී සභාග ආණ්ඩු බිහි විය හැකියි. ජාතික ව්‍යසනයකදී, යුද්ධයකදී, ජාතික වියවුල්කාරී අවස්ථාවකදි සහ අභ්‍යන්තර දේශපාලන ගැටුම් පවතින සහ ශක්තිමත් ද්වී පක්ෂ ක්‍රමයක් නොමැති රටවල සභාග ආණ්ඩු පිහිටුවයි; ලංකාවේ පමණක් නොව ලෝකයේ බටහිර ප්‍රබල රටවල සහ බටහිර නොවන රටවලද මේ තත්ත්වය දක්නට ලැබෙයි. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ 1931 සිට 1942 කන්සර්වේටිව් පක්ෂය සහ ලිබරල් පක්ෂය සමඟ සභාග ආණ්ඩු ඇති විය. මෙලෙස සභාග ආණ්ඩු ඇතිවීමට හේතුවන්නේ ආණ්ඩු බලය පවත්වා ගැනීමට මැතිවරණ සහයෝගය ලබා ගැනීම සහ පාර්ලිමේන්තු සහයෝගිතාව ඇති කර ගැනීම සඳහායි.
ලංකාවේ 1948 සිට සභාග ආණ්ඩු දක්නට ලැබෙයි. 1948ට පෙර ලංකාවේ පක්ෂ දෙකක් විය. ඊ. ඒ. ගුණසිංහගේ කම්කරු පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂ යනු ඒ දෙකයි. මැතිවරණය සඳහා එජාප ගොඩනැඟුණේ සභාගයක් ලෙසයි. සංවිධාන කීපයක් එකතු වී වමේ පක්ෂවලට එරෙහිව මෙය පිහිටු විය. එම පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණ අතර ආසන 42ක් පමණක් හිමි කර ගන්නා ලදී. එනිසා ආණ්ඩුවක් වශයෙන් පිහිටුවීමට ස්වාධීන මන්ත්‍රීවරු එකතු විය. එය ආණ්ඩුවක් වශයෙනුත් සභාගයක් විය. එම ආණ්ඩුව ක්‍රියාත්මක වීමේදී විවිධ දේශපාලනඥයන් අතර විවිධ පරස්පර විරෝධතා මතුවිය. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සාර්ථක වීමට සාමුහික වගකීම යන සංකල්පය ක්‍රියාත්මක විය යුතුයි. 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටු වන ලදී. නමුත් ඩී.එස්. සේනානායක අගමැති හදිස්සියේ මියයාමෙන් පසු ඩඩ්ලි සේනානායක යටතේ කෙටිකාලීන ආණ්ඩුවක් සකස් විය. 1952 මැතිවරණයෙදි එම පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි නොවුණි. ඒ නිසා 1952 සිට 1956 ආණ්ඩුවේ සභාගයක ස්වරූපයක් නොවුණි; මේ වකවානුව තුළ ලංකාවේ ඒක පක්ෂය ආධිපත්‍යයක් විය. එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළ හැකි පක්ෂයක් තනි පක්ෂයක් ඒ කාලය තුළ නොතිබිණි. එය ඒක පක්ෂ ආධිපත්‍යයක් ලෙස හඳුනාගත හැකියි. එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළ හැකි තනි පක්ෂයක් ඒ කාලයේ නොතිබුණි. එනිසා 1952 සිට 1956 දක්වා තනි පක්ෂයේ ආණ්ඩුවක් තිබුණි. රටේ පැවතුණ තත්ත්වය හේතු කොටගෙන අර්බුද ඇති විය. එනම් 1953 හර්තාලය ඇති විය. ඒ හර්තාලය නිසා ඩඩ්ලි සේනානායක අගමැති ඉල්ලා අස්විය. සර් ජෝන් කොතාලවල අගමැති ලෙස පත්විය. ඒ කාලයේ කැබිනට් මණ්ඩලයේ ඔහුගේ පක්ෂයෙන් ඇමතිවරු මන්ත්‍රීවරු විවිධ හේතු මත ඉවත් විය.
සභාග ආණ්ඩු මූලික වශයෙන්ම 1956 සිට ඇරැඹිණි. 1956 මැතිවරණය ලංකාවේ මැතිවරණ දේශපාලනයේ සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. ඉන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජපක්ෂය නිතරග ගිවිසුම් යටතේ තරග කරන ලදී. එයත් සභාග ආණ්ඩුවල ලක්ෂණයකි. 1956දීත් මැතිවරණයට ඉදිරිපත් වීමේදී ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට පක්ෂය නිතරග ගිවිසුම් යටතේ තරග කරන ලදී; එයද එක්තරා සභාග ආණ්ඩුවල ලක්ෂණයකි; එම මැතිවරණයේදී එජාප පක්ෂයට ආසන 8ක් මහජන එක්සත් පෙරමුණට ආසන 101 න් 56 හිමි විය; සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පත් කළ මන්ත්‍රීවරුන් 6ද විය. එහිදී බිහිවූ සභාගය තුළ විවිධ ගැටලු මතු විය. පිලිප් ගුණවර්ධන ඇමැතිගේ කුඹුරු පනතට ගැටලු මතු විය. 1959 වන විට පිලිප් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් 13 ඉවත් විය.
එවක නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පැවැතුණද අගමැති බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසුව අගමැතිධූරයට දහනායක මහතාට හිමි වුවත් ආණ්ඩුව පවත්වා ගෙනයාමේ හැකියාවක් නොලැබිණි. 1960 මාර්තු මැතිවරණයේදි කිසිදු ආණ්ඩුවකට තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට ශක්තියක් නොවිය.
එජාපයේ ආසන 95න් බහුතරය ආසන 50ක්ද ශ්‍රීලනිප ආසන 46ක්ද ලබා ගන්නා ලදී. ඒ ආණ්ඩුවත් රාජාසන කතා විවාදයෙන් පසුව පරාජය පත්වී මසකින් බිඳ වැටිණි. 1960 ජූලි මැතිවරණයක් පැවැත්විණි. එය මෙහෙයවන ලද්දේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. නමුත් ඇය ආසනයකට තරග නොකරන ලදී. ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසුව 1960 සමසාමාජය පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් සමඟ නිතරග ගිවිසුම් ඇති කර ගන්නා ලදි; ආසන 95 න් 75 ද එහිදී එජාප ආසන 30 හිමිකරගන්නා ලදී; එම මැතිවරණයේදී තනිපක්ෂයේ ආණ්ඩුවක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පිහිටුවීමට හැකි විය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය බවට පත් විය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාත්මක වූ බලවේග නිසා එම ආණ්ඩුව ශක්තිමත්ව නොවීය. ඒ සමඟ වාමාශික පක්ෂ විසින් වාමාංශික එක්සත් පෙරමුණ ලෙස සංවිධාන වී ආණ්ඩුවෙන් පිටත එනම්; පාර්ලිමේන්තුවෙන් පිටත විශාල ජනබලයක් ගොඩනඟන ලදී. ශ්‍රීලනිපය එම පක්ෂවලට ආරාධනා කරනු ලැබිණි. නැවත 1965 පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ අතර එජාප බලයට පත් විය. එම අවස්ථාවේදී එජාපයට ප්‍රථම වතාවට බහුතර ආසන සංඛාවක් 66 දිනා ගැනීමට හැකිවිය. ශ්‍රිලනිපයට හිමිවුණේ ආසන 41කි. ජාතික ආණ්ඩුවක් ලෙස කැබිනට් මණ්ඩලය සකස් විය. ශ්‍රිලනිප ඇතුළු පක්ෂ එයට විරුද්ධ විය. එජාපයේ ජාතික ආණ්ඩුවට බොහෝ දෙනා එකතු විය. ඩඩ්ලි සේනානායක අගමැති විය. 1953 හර්තාලයකින් පසුව දේශපාලනිකව ඉවත්ව සිටියත් බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව එජාපය මෙහෙය වන ලද්දේ ඔහු විසිනි. ඉන් අනතුරුව ඩඩ්ලි සේනානායක තුන්වැනිවරට අග්‍රමාත්‍යධූරයට පත් විය. විරුද්ධ පක්ෂය හවුල් වශයෙන් කටයුතු කළ අතර ඒ ජාතික ආණ්ඩුව හත්හවුල ලෙස හැදින්විය.
එවක රහසිගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජවිපෙ ක්‍රියාත්මක වෙමින් පැවැති අතර එය චේගුවේරා කල්ලිය නමින් හැඳින්විය, ඉන් අනතුරුව පැවැති 1970 මැතිවරණයේදී එය සභාග ස්වරූපයෙකින් තරග කරන ලදී. පිලිප් ගුණවර්ධන පරාජයට පත්විය. 1970දී එජාපට ආසන 17ක්ද සමඟි පෙරමුණට 116 හිමිවිය. එවක පාර්ලිමේන්තු ආසන සංඛාව 151දක්වා වර්ධනය වි තිබිණි. එහි බහුතරය ශ්‍රිලනිප හිමි විය. එම ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් විය. එය ඉතිහාසයේ හොඳ කැබිනට මණ්ඩලයක් යැයි කිව හැකිය. එය පරිණත සහ බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් බවට සාක්ෂි දරන්නේ කොල්වින් ආර් ද සිල්වා, රොනිද මැල්, ප්‍රින්ස් ගුණසේකර, හිටපු හමුදාපතිවරයෙක් වන රිචඩ් උඩුගම එහි වීමය. ඒ අතරවාරයේ 1971 කැරැල්ල ඇතිවිය; එවක විරුද්ධ පක්ෂ දුර්වල සහ ආණ්ඩු පක්ෂය ප්‍රබල විය. විපක්ෂය දුර්වල වූ ප්‍රජාතාන්ත්‍රික රටක කිසිසේත් සාර්ථක ආණ්ඩුවක් නොපවතී. එවැනි ආණ්ඩුවවලට පාර්ලිමේන්තුවෙන් පරිබාහිර විරෝධතා විශාල ලෙස ගොඩනැගිණි. ලංකාවේ දේශපාලනයේ ඇති විසන්ධිතාවයක් සහ ප්‍රතිවිරෝධතාවක් ලෙස එය දැක්විය හැකියි.
සිරගතව සිටි ජවිපෙ නායක රෝහණ විජේවීර සිරගෙදරින් නිදහස් වී සිටි අතර පසුව සංවිධානය වී සමාජවාදී ධාරාවේ ගමන් කරන ලදී. 1971 සභාගය දුර්වලවීමට හේතුවූයේ සාගත සහ තෙල්මිල ඉහළ යාමත් ආහාර අර්බුදයක් ඇතිවිය.
ඒ අතරතුර 1975 සමසමජ පක්ෂය සභාග රජයෙන් ඉවත් වීමක් සිදුවිය. කොමියුනිස්ට් පක්ෂය මැතිවරණයට පෙරම ඉවත් විය. 1977 දි 1956 ප්‍රතිඵලය අනික් පිටට පෙරලීම සිදුවිය. රොනි ඩි. මෙල් එජාපයට එකතු විය. එජාපට 5/6 බලයක් ලැබි ආසන සංඛ්‍යාව 68 ලෙස වර්ධනය විය. ශ්‍රීලනිපයට ලැබුණේ ආසන 8කි. ශ්‍රීලනිපය නායිකාවට ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂ දුර්වල විය.
එජාප සභාග ස්වරූපයක් තිබුණද එම ආණ්ඩුව සභාගයකි. ඒකිය ස්වරූපය වඩාත් ඉස්මතුවිය. 1982 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය. එතෙක් පැවැතුණ අගමැති මණ්ඩලය වෙනුවට ප්‍රංශය ව්‍යවස්ථා ප්‍රමුඛ ක්‍රමවේදය අනුව ජනාධිපති විධායකයක් බවට පත්විය. 1978 දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් විය. එය 1972 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙස තහවුරු විය. සංවර්ධනය ඇති කිරීම උදෙසා පකිස්ථානයේ අල්ක් අයිඩ් ඛාන් පන්නයේ ශක්තිමත් විධායකයක් අවශ්‍ය බව ජේ.ආර්. ආර් ජයවර්ධන හිටපු ජනධිපතිවරයා අවධාරණය කරන ලදී.
1975 ආණ්ඩුව නියමිත කාලය දක්වාම පවත්වා ගෙනයාමට හැකියාව පැවැතිණි. 1977 මැතිවරණයේදී තාවකාලිකව අගමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති බවට පත්වීමත් සමඟ අගමැති ධූරයට ආර්. ප්‍රේමදාස පත් විය. 1982 ජනාධිපති මැතිවරණයක් මඟින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිධූරයට පත්විය. එහිදි ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුවයි ඉදිරිපත් විය; 1977එම මැතිවරණයයේදි ජනාධිපතිවරයා ලෙස ජේ. ආර්. ජයවර්ධන 50% වඩා ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිධූරයට පත්විම එනම්; 1982දි ජනාධිපති මැතිවරණයේදි 53% ලබාගන්නා ලදී. එහිදීද පාර්ලිමේන්තුවෙන් පිටත ජාතිවාදි කෝලාහාලය එමෙන්ම උතුරේ ත්‍රස්තවාදි කටයුතු සහ පාර්ලිමේන්තුවෙන් පිටත වියවුල්කාරි තත්තවයක් පැවැතිණි.
1988 දෙසැම්බර් 19 වැනිදා ජනාධිපති මැතිවරණය පවත්වනු ලැබිණි; එතෙක් ඉවත්ව සිටි සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝ මැතිනියට සහය පළ කළ අතර එජාප ඉදිරිපත් වුණේ ආර්. ප්‍රේමදාස නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් විය. ආර්. ප්‍රේමදාස 50% සීමාව ලබාගත් අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් 1989 සමූහාණ්ඩු ව්‍යවස්ථාව යටතේ පැවැති ප්‍රථම මැතිවරණයයි.
එයට පෙර 1982 ජනාධිපති මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැතිය යුතු වුවත් ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵල අනුව සැලකිමේදි; මැතිවරණයේ දි 2/3 බලය අහිමි වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබූ නිසා ඒ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් පැවැත්විණි. එය සාමාන්‍ය ලාප්පු කලගෙඩි සෙල්ලම යනුවෙන් ප්‍රකට විය; 1989 පැවැති මැතිවරණය ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 125ක ජයග්‍රහණය කළ අතර ආසන 67 ශ්‍රීලනිප ලබාගන්නා ලදී; එහිදි ප්‍රේමදාස ජනාධිපති වීමත් සමඟ අගමැති ඩී.බි. විජේතුංග විය. උතුරේ ත්‍රස්තවාදි කලබල දකුණෙ ජවිපෙ කැරල්ල ක්‍රියාත්මක විය. 1971 කැරැල්ලට වඩා වෙනස් පන්නයේ ත්‍රස්තවාදි කටයුත්තක් ලෙස එය ක්‍රියාත්මක විය. එය අවසන් වීම රෝහණ විජේවිරගේ මරණයක් සමඟයි.
ත්‍රස්තවාදි කටයුතු නිසා 1993 මැයි පළමු වැනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය විය. ඉන් අතරතුර ඩී. බී. අගමැති ලෙස ජනාධිපති බවට පත්විය. 1994දි පාර්ලිමේන්තුව විසිදුරුවා හැර මැතිවරණය පැවැත්විණි. මේ වනවිට ශ්‍රීලනිප සභාගය නැවත පොදු පෙරමුණ නමින් එකතු විය. ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 105 හිමි විය. ආසන 112ක් එයට එකතුවී ඉන්පසුව මන්ත්‍රීවරයෙක් කඳුරට ජනතා පෙරමුණින් ආණ්ඩුවට එකතුවී සභාග රජයක් පිහිටුවිමට හැකි විය. ඉන් අනතුරුව පැවැති ජනාධිපති මැතිවරණයේදී 62% ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන හිටපු අගමැති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තෙවනවරට අගමැතිධූරයට පත්විය. නමුත් ජනාධිපති ශක්තිමත්භාවයක් ලැබුණට කැබිනට් මණ්ඩලය සභාග ස්වරූපයකින් පත්වීම නිසා එය ශක්තිමත්ව පවත්වා ගැනීමේ හැකියාවක් නොලැබිණි. චන්ද්‍රිකා ජනාධිපතිනිය නැවත 1999 ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන ලදී. එම මැතිවරණය ජයග්‍රහණය කළද ඉන්පසු පැවති 2000 පාර්ලිමේන්තු මැතිවරණයෙදී ලබා ගැනීමට හැකි වූයේ ආසන 160 ක් පමණයි. එක්සත් ජාතික පක්ෂයට 89ක් ලැබුණි. ජවිපෙ ආසන 10ක් පමණ හිමිවිය. කොන්දේසි සහිතව ආණ්ඩුවට සහයෝගය ලබාදීමක් සිදුවිය. එනිසා පරිවාස ආණ්ඩුවක් ඇතිවිය.
ජවිපෙ කොන්දේසියක් ලෙස කැබිනට් සාමාජික ගණන 20ක් වියයුතු බව සඳහන් කරන ලදී. එහිදී සන්ධානයෙන්ම 14ක් පමණ ඉවත් විය. එනිසා ඊට පසු පැවතුණු 2001 මැතිවරණයෙදී එජාපයට බහුතර ආසන ගණනක් හිමිවිය. එජාපයත් එක්සත් ජාතික පෙරමුණ නමින් ඉදිරිපත් විය. එතැනදී පොදු පෙරමුණට 67ක් හිමිවිය. ජවිපෙ එතැනදී ආසන 16 ක් බවට පත්විය; 2001දි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති විය. එය වසර 2ක් පමණ පැවැතුණ අතර 2003 එය විසුරුවා හැරීමට සිදුවිය. 2004 අප්‍රේල් නැවත මැතිවරණය පැවැතිණී. එවිට නව සන්ධානයක් ලෙස නැවතත් එජනිස බිහිවිය. මෙයට ජවිපෙ සම්බන්ධ විය.එවර ආසන 225න් 105ක් ලබාගැනීමට හැකිවිය. ජවිපෙට ආසන 39 ක් හිමිවිය. එජාපයට ලැබුණේ ආසන 82යි.
2005 පැවති ජනාධිපති මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එජනිස යටතේ ජයග්‍රහණය කරන ලදී. ඊළගට උතුරේ යුද ජයග්‍රහණයෙන් පසු 2010 දෙවැනි ජනාධිපති මැතිවරණය පැවතිණි. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණේ විරුද්ධ හිටපු හමුදාපති සරත් ෆොන්සේකායි. එහිදී ජනාපතිධූරයට මහින්ද රාජපක්ෂ තේරීපත් විය. රත්නසිරි වික්‍රමනායක අගමැති බවට පත්විය. ජනපති මහින්ද 2015 දි තුන්වෙනි වතාවටත් ජනාධිපතිධුරයට තරග කළත් ඔහු පරාජයට පත්විය.
2015 ඇතිවුණේ සම්මුති ආණ්ඩුවකි. එහි ජනාධිපති මැතිවරණය සභාග ස්වරූපයෙන් ඉදිරිපත් විය. එජනිසප නායකයාට විරුද්ධව එම ආණ්ඩුවේම සිටි ඇමැතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්විය. යහපාලන ආණ්ඩුව ලෙසින් ප්‍රසිද්ධ විය. ඒ සභාගයේ අගමැති ජනාධිපති අතර සහ කැබිනට් මණ්ඩලය අතර ගැටුම් ඇතිවිය. 19 වැනි සංශෝධනය ඇතිවුවද ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැකි විණි. ආසන්නතම හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයටයි.
ඉන්පසුව පොදු ජන එක්සත් පෙරමුණ ගොඩනැඟුණු අතර එම 2020 සභාග පක්ෂයක් ලෙස පොදු ජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ඇතිවිය. කොරොනා වසංගතය නිසා රටේ ආර්ථීක ගැටලු උත්සන්න විය. ආණ්ඩුවට විරුද්ධ විරෝධාවයන් මතුවිය. පාර්ලිමේන්තුවෙන් පිටත ජනප්‍රියතාව පවත්වාගෙන යෑමට නොහැකි විය. සභාගය බිඳවැටුණු අතර අද වනවිට ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදුවිය. නව ජනාධිපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත්වූ අතර පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරයෙකුව සිටි දිනේෂ් ගුණවර්ධන අගමැතිධූරයට පත්විය.
මෙහිදී පැහැදිලිවන අදහස නම් මැතිවරණයකින් ප්‍රකාශිත බහුතර මහජන කැමැත්ත ආණ්ඩු ක්‍රමය තුළ නිරූපණය නොවන තත්ත්වයක් මත ආණ්ඩු බිඳවැටීම සිදුවීමයි.