
පසුගිය 09 වෙනිදා සිදු වූ මේ කැරැල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී; එය 09 වැනිදාට සිදුවූ අරගලයක් ලෙස ලඝු කොට සාකච්ඡා කළ නොහැකිය.එම කැරුල්ලට 1971 දක්වා දුර ඉතිහාසයක් වෙයි. එනම් 1971 චේගුවේරා ව්‍යාපාරයක් ලෙස හැඳින්වෙන 71 කැරැල්ලේ එනම් ඒ ව්‍යාපාරයේ දිගුවක් ජුලි 9 දා සිදුවූයේයැයි සඳහන් කළ හැකිය. 1988/89 වර්ෂවලත් ඇති වූයේ මේ හා සමගාමී කැරැල්ලක් ලෙස අර්ථ දැක්විය හැකිය. එම කැරලි ඉතිහාසය පිරික්සා බැලීමේදී මේ 09වැනිදා කැරැල්ලේ සමානකම් වෙයි. කෙසේ වුවත් 1987/88 පැවැති ආණ්ඩුව අප්‍රසාදයට පත්වී තිබිණි. එයට හේතුව උතුරු නැගෙනහිර පැවැති ගැටලු සහ පළාත් සභා පනත ගෙන ඒම සිදුවීම නිසා ජනතාව අතර අපේ රට ඉන්දියාවට සහ එල්ටීටීඊයට යටත්වීමක් සිදුවී ඇතැයි යන අප්‍රසාදයයි. ආණ්ඩුවට ඇති ඒ අප්‍රසාදය උපයෝගි කර ගනිමින් 1988/1989 වසරවල මේ කැරලි ඇතිවිය.
එසේම අතීතයේ සිදුවූ සිදුවීම්වලම දිගුවක් 09 වැනිදා සිදුවූයේ යැයි පැහැදිලි කළ හැකිය. ජනාධිපති ගෝඨාභයට චෝදනා නඟමින් එම අරගලය දියත් කරන ලදී. කොවිඩ්වලින් අනතුරුව මෙරට මුල්‍ය බිඳවැටීම, ආයතන බිඳවැටීම, රැකියා අහිමි වීම, වියදම් වැඩිවීම අධ්‍යපනික සෞඛ්‍ය යනාදීය සිදුවිය.පහුගිය වසර දෙක තුළ ආණ්ඩුව ක්‍රියා කළේ එවැනි අර්බුදයන් සමගයි; එම ආණ්ඩුව විශාල වශයෙන් ජනතාවගේ අපකීර්තියට පත් වන්නේද ඇතැම් අමනෝඥ තීන්දු නිසයි. පසුගිය 09වැනිදා කැරැල්ලක් සංවිධානය කිරීම එම අප්‍රසායට හේතු විය. මේ කැරැල්ලට ධනවතුන්; මාධ්‍යම පන්තිකයන් උගත් නූගත් පිරිස විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් වැනි සියලු පාර්ශ්වයන් විය. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම, පාර්ලිමේන්තුව වැටලීම,ජනාධිපති ලේකම් කාර්යාලය සිය භාරයට ගැනීම වැනිදේ මේ කැරැල්ලේ යටි අරමුණ විය.
මේවන විට රටේ අර්බුදය දෙයාකාර වෙයි. විදේශ විනිමය අඩුවීමත්, මුදල් අච්චු ගැසීම වැඩිවීම නිසා උද්දමනය වැඩිවීමත්, නිසා ආර්ථිකයේ අර්බුද වැඩිවිය. විදෙස් ආදායම් ලැබීම අපනයනය කිරීමෙන් හෝ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින් හෝ සංචාරක ව්‍යාපාරය යන ආකාරයට වෙයි ; ඒ ආදායමට වඩා වියදම වැඩිවෙයි. ඒ අනුව මේ වියදම් කරන මුදල් වෙනුවෙන් විදෙස් විනිමය ණය ලෙස ලබාගැනීම සිදුවී ඇත. ණය ගෙවා ගැනීමට නොහැකි වීමට හේතුව අපේ පරිභෝජනය වැඩිවීමයි. ණය ගෙවීමට තරම් ශේෂයක් ඉතිරී වී නොතිබීමයි; මේ අනුව කාලයක් ගතවෙද්දී සංචිත බිඳ වැටීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ගෑස්, පොහොර යනාදිය විශාල ආනයනික මිල ඉහළ යාමක් සිදුවිය. අයවැය අතර පරතරය විශාලතම ආර්ථීක ගැටලුවකි.
පසුගිය කාලයේදී මුදල් අච්චු ගැසීමෙන් වැටුප් ගෙවිම සිදුවිය. රාජ්‍ය සේවාවේ ලක්ෂ 15 - 16 ක් පමණ කටයුතු කරති. අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩියෙන් සේවකයින් බඳවා ගැනීම සිදුවිය. ඒ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා ආර්ථිකය පහුගිය වසර කිහිපය තුළ බිද වැටුණි. බදු කපා හැරීමෙන් බදු අදායමත් අහිමි විය. දේශීය ව්‍යාපාර බිඳවැටීම සිදුවිය. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස රජයේ අදායමට වඩා කිහිප ගුණයක් වැය වැඩිවිය. ඩොලර්වලින් ගණුදෙනු කරන බාහිර ආර්ථිකයේ බලපෑමත් නිසා; සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම බිඳවැටුණි. මුදල් අච්චුගැසීමෙන් සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩිවීම නිසා අධි උද්දමන මට්ටමක් සහ ගෙවුම්ශේෂ අර්බුදයක්ද මතුවී ඇත.
රටේ ජනතාවට ඇතිවී ඇති පීඩාව සමනය කර ගැනීමට හැකිවන්නේ මේ ගැටලුවලට විසඳුම් සෙවීමෙනි. ඉතා කෙටි කාලීනව ගත හැකි ක්‍රියාමාර්ග අතර විදෙස් ආර්ථිකයත් දේශීය ආර්ථිකයත් යන දෙකෙහි ඇති ගැටලු සමනය කර ගැනීම කළ යුතුමය. බාහිර ආර්ථික ගැටලු පියවා ගැනීමට නම් විදේශ ණය ලබා ගැනීමෙන් හැකි වනු ඇත. මෙහි වඩා බරපතළ අර්බුදය නම් දේශීය ආර්ථිකයේ මතුවී ඇති ගැටලුවයි. ඩොලර් උපයා ගැනීමට හැකිනම් මේ විදෙස් ගෙවුම් ශේෂ අර්බුදය සහ අපනයන සීමා කිරීම් සහ භාණ්ඩ මිල වැඩිවීම වැනි ගැටලු විසඳාගත හැකිවෙයි.
මේ ආර්ථික අර්බුදයන්ට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අනිවාර්යෙන් අවශ්‍ය වෙයි. කෙටි කාලීනව ණය IMF මඟින් හෝ වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට හැකි නම් මේ පවතින භාණ්ඩ හිඟයට අදාළ ගැටලු සමනය කර ගැනීමට හැකිවෙයි. එහෙත් දේශීය ආර්ථිකයේ ඇති ප්‍රශ්නය වඩා බරපතළ වෙයි. මේ දේශිය ආර්ථික ක්‍රියාවලිය ගොඩනගන්නේ කෙසේද යන්න ගැටලුවක් මතුවෙයි. පවතින අර්බුදය හමුවේ උද්දමනය පාලනය කිරීමට සිදු වෙනු ඇත. ඒ අනුව පොලී අනුපාතය වැඩි කිරීම බදු ක්‍රමවේදයන් වෙනස් කිරීම වැනි ක්‍රමවේදයන් වැඩි දියුණු කළ යුතුයි.
මෙ රටේ පවතින අර්බුදය හමුවේ රාජ්‍ය බලය ඇල්ලීමට පිරිසක් ගත් උත්සාහය රටේ මහජනතාව වෙනුවෙන් හෝ රට වෙනුවෙන් හෝ කරනු ලබන ක්‍රියාවලියක් නොවෙයි. රටේ ආර්ථිකය වෙනුවෙන් ක්‍රියා නොකරන පාර්ලිමේන්තුවෙන් පිටත සිටින දේශපාලන වශයෙන් බංකොළොත්භාවයට පත් පිරිසකගේ ආකල්පය වී ඇත්තේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා තමන් අතට බලය අල්ලා ගැනීමට සුදුසුම අවස්ථාව බව මෙය බවයි.
ඔවුන්ගේ අරමුණ ආණ්ඩුව ඉවත් කිරීමයි. ඒ සඳහා අරගල කිරීමට නම් වෘත්තිය සමිති සම්බන්ධ කර ගත යුතු බවත්, ලංකාව පුරා වැඩවර්ජන සංවිධානය කළ යුතු බවත්ය. මෙහි ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුවේ සුළුතරයක් වන පක්ෂ ඉන් පිටත අරගල සඳහා පිරිසක් මෙහෙයවයි. කිසිදු පාර්ලිමේන්තු නියෝජනයක් නැති පිරිසක් හඳුනා නොගත් පිරිස් ලවා අරගලයන් මෙහෙයවයි. එසේම නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් නව දේශපාලන ගමනක් ආරම්භ කළ පිරිසක්ද වෙයි. ඒ සියලු බල අරගලයන් බිඳ දමමින් මේවනවිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා රාමුව තුළ පාර්ලිමේන්තු බහුතරය ගෙන ජනාධිපතිවරයා බවට පත්වීම පසුගිය 20 දා සිදුවිය.
මේ අරගලය මා මුලින්ම සඳහන් කළ ආකාරයට චේ ගුවේරා ව්‍යාපාරයක එක් දිගුවක් වූ පිරිසට අවශ්‍ය වූයේ මිනිස්සු කලබලයට පත්කර විධායකයට ඉවත් කර ඉන් අනතුරුව ව්‍යවස්ථාදායකය අල්ලා ගැනීමේ උත්සහයක යෙදීමයි. ඒ සඳහා ඔවුන් ජනාධිපතිගේ නිල නිවස අල්ලා ගැනීම ජනාධීපති ලේකම් කාර්යාලය ඇතුළු වී සම්පුර්ණයෙන්ම විධායකය අල්ලා ගැනීම සිදුවිය. සම්පූර්ණ අරාජිකත්වයකට රට ඇදගෙන යාමේ යොමුවක් ඔවුන් තුළ විය. ජනාධිපති ඉවත්වූ වහාම අගමැතිවරයාද ඉවත් විය යුතු බව අරගලකරුවන්ගේ අදහස වීය. එවිට ආණ්ඩුවක් නැති අවස්ථාවක කෙසේද කැබිනට් තීරණ ගනු ලබන්නේ යන්න විශාල අර්බුදයකි. එසේ වූයේ නම් ඇඳිරි නීතියක් , හදිසි නීතියක් යෙදීමට නොහැකි තත්ත්වයක් මතුවෙයි. මන්ත්‍රීවරුන් 225ක් පාර්ලිමේන්තුවේ වූවත් ඒ අයට තීරණ ගැනිමේ හැකියාවක් නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබූ දූරදර්ශි බව නිසා සිදුවීමට ගිය ව්‍යසනයෙන් රට බේරාගැනීමට හැකිවිය. ප්‍රජාතන්ත්‍රික රටක ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය අත්‍යවශ්‍ය සාධකයන්ය. එසේ නම් පාර්ලිමේන්තුවත්, විධායකයත් නොමැති නම් අධිකරණය අකර්මන්‍ය වෙයි. එවැනි ඉතාමත් බිහිසුණු තැනකට මේ ක්‍රියාදාමය ගමන් කිරීමේ හැකියාවක් තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඉදිරි වසර දෙකකට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියකට පැමිණීම පිළිබඳව රටේ ජනතාව සැබැවින්ම සතුටු විය යුතුයි.
පාර්ලිමේන්තුවේ පිරිසත් පාර්ලිමේන්තුව ඇතුළේ මේ අරගල කිරීමක් සිදු කරනු ලබයි. ඒ අය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ පොහොට්ටුවට විරුද්ධව මහජනතාව අරගලයක් කළ නිසා ඉවත්විය යුතුයි යන අදහස දරයි. දේශපාලන වශයෙන් කොතරම් අදූරදර්ශී ද ඉන් පැහැදිලි වෙයි.මේ සියල්ල පටු දේශපාලනික අරමුණු වෙයි. රටේ ආර්ථීකය පිළීබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර මේ කිසිවෙකු ළඟ ආර්ථීක ප්‍රශ්න දෙකට විසඳුම් යෝජනා නොවෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අර්බුදයට මාස හයෙන් විසඳුම් දෙන බව පවසයි. සැබැවින්ම මේ සඳහා ක්ෂණික විසඳුම් සෙවීමට කිසිවෙකුට නොහැකිය. රට තවත් ව්‍යකුලත්වයකට ඇද දැමීම දේශපාලනික අස්ථාවරත්වයෙන් සිදුවෙයි. ව්‍යාපාර බිඳවැටි අපනයන ක්ෂේත්‍රය සහ සංචාරක කර්මාන්තය බිඳවැටිය හැක. පිළිතුරු සෙවිය යුත්තේ එතැනටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැනි ලිබරල්වාදී අදහස් දරන විදෙස් සම්බන්ධතා ඇති විදෙස් සාකච්ඡා සාර්ථකව ජය ගැනීමට හැකි අයෙක් ජනාධිපති වීම හොඳ අවස්ථාවකි. ව්‍යාපාරිකයන්ගේ විස්වාසය බිඳ නොවැටෙන ආර්ථක සැලසුම් ඇති නායකත්වයක් අත්‍යවශ්‍ය වෙයි.
රටේ ආර්ථිකය ගොඩගන්න වෙහෙස මහන්සි විය යුතුයි. එයට සියලු පාර්ශ්ව එක් සම්මුතියකට පැමිණිය යුතුයි. අවධානම තේරුම් ගෙන ඉදිරියට පියවරක් තැබීමට හැකි දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇතිවිය යුතුයි. අපනයන ආර්ථිකය දියුණු කිරීමට ව්‍යාපාරිකයින් අත්‍යවශ්‍යයි. ඒ සඳහා විශ්වසනිය වටපිටාවක් රට තුළ ගොඩනැඟිය යුතුයි. එසේ නොමැතිව මේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට කිසිසේත් නොහැකිය. මේ ගැටලුවට පිළිතුරු සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත බව ඇතැමුන්ගේ අදහසයි. එසේම පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මේ රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමක් දක්නට නැත. රටේ ආර්ථිකය ගොඩනැඟීම එක්වර කළ නොහැකිය. මේ සඳහා සියලු පාර්ශ්වයන් එකම සම්මුතියකට පැමිණීම ඉතා වැදගත් වෙයි.
ජනාධිපතිවරයාව පලවා හැරීම අගමැති පලවා හැරීමේ සංකල්ප කතා කරන පිරිස ඉන් අනතුරුව මේ සඳහා විකල්පය කුමක්ද යන ගැටලුට පිළීතුරු සපයන්නේ නැත. IMF යෝජනා අතර එය ප්‍රධානවන්නේ දේශපාලන ස්ථාවරත්වයයි. අරාබි වසන්තය විසින් ගිලගත් රටවල් අද විනාශ වී ඇති අයුරු අපි හොඳින් දන්නා කරුණකි. ඒ රටවල් එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයක නිරත විය.
මේ පිරිස් විසඳුම් සෙවීමට තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන් එපිට එනම් දියවන්නාවෙන් පිටත, ව්‍යවස්ථාවෙන් පිටත විසඳුම්ය. එසේ නම් මේ ව්‍යවස්ථාව අවලංගු වෙයි. එසේ අවලංගු වූ විට රටේ නීතිය පසිඳලීමට එනම් යුක්තිය පසිඳලීමට සුදුසු වටපිටාව අහිමි වෙයි. එවිට ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කිරීමත් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවීමත් කෙතරම් බරපතල තත්ත්වයක්ද? .ප්‍රජාත්න්ත්‍රිය රටක ව්‍යවස්ථාවක් නොමැතිව කටයුතු කළ හැක්කේ කෙසේද? ඒ අයගේ යෝජනා අනුව ව්‍යවස්ථාදායකයෙන් පිටත විසදුම් සොයා සම්පූර්ණයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවයි. මේ කිසිදු දෙයක් ප්‍රායෝගික විසඳුම්ද යන්න ගැටලු සහගතය. අපේ රටේ දේශපාලනඥයින් විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයින් මේ බරපතළ තත්ත්වය තේරුම් නොගැනීම භයානකයි. ව්‍යවස්ථාව ඉරා විසිකර ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුවක්, අධිකරණයත් නැතිකර චේ ගුවේරා ක්‍රියාවක් මේ අය නිර්මාණය කිරීමට උත්සාහ කරයි.
ඉදිරියේදී වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟිමේ අභියෝගය රටක් ලෙස අප සියලු දෙනා විසින් ජයගත යුතුය. නිෂ්පාදන අවස්ථා ධනය උපයන අවස්ථා මේ සියල්ලම ලැබෙන්නේ ලෝකයට විවෘත වීමේ ක්‍රමවේදයට අනුව ගමන් කළයුතු බවයි.
අපි නිදහස් අධ්‍යාපනයක් මෙ රටේ ලබාදීම සිදුකර ඇත්තේ ලෝකයේ වෙනස් වන මානයන් සොයයෑමටය, තාක්ෂණයක් සහ ලෝකය සමඟ යන ආර්ථීක ක්‍රමයක් අවශ්‍යයි. 1977 රටේ පැවැතියේ අපනයන ආර්ථිකයකි. අපි එතැනට යායුතු බව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසයි. එදා 1977 ආණ්ඩු එම ක්‍රම අඛණ්ඩව ගෙන ඒමට හැකියාව නොලැබිණි. අපනයනය ප්‍රවර්ධන නොවිණි. තව ආයතන රාශියක් 1977 ගොඩනැඟුණත් ඉන් අනතුරුව හොඳ ව්‍යසායකයින් ඇතිකර ගැනීමට හැකියාවක් නොලැබිණි. ව්‍යවසායකයන් නැති කාර්මික ව්‍යවසායකයන් නැති රටක් කිසිදු දිනක දියුණු නොවෙයි.
ගෝලිය ආර්ථීකයක් කරායෑමට 1977න් ආරම්භ ආර්ථීක ක්‍රමවේදයේ යහපත් ලක්ෂණ වසර 40 ගතවීමෙන් හෝ උකහා නොගැනීමට අපට නොහැකිවීම බරපතළ හානියකි. පසුකාලීන විදෙස් විනිමය සෙවීමට විදෙස් ශ්‍රමිකයන් පිටරටවලට යැවීම සිදුවිය.එහෙත් ශ්‍රමය අපනයනය කළත් කාර්මිකත්වය රටේ දියුණු නොවුණි. රටේ කාර්මිකත්වය දියුණුවීමට නම් කාර්මිකකරණය ඇති විය යුතුයි. රටේ පසුගිය කාලය පුරා කාර්මීකරණය දියුණු නොවුණි. සේවා ආර්ථිකය කරපින්නා ගෙන යාමට පෙර කාර්මික ආර්ථීකය දියුණුවද අවශ්‍යය. වර්තමානයේ සේවා ආර්ථිකයද බිඳවැටුණි. අද රටේ කාර්මික ආර්ථීකය දියුණු වි තිබුණේ නම් ඊට සමඟාමීව අපනයන ආර්ථීකය ශක්තිමත් කරගැනීමට හැකියාව ලැබෙයි.
අපි කාර්මීකරණය කරා කඩිනමින් යායුතුයි; කාර්මීකරණය වීමට දේශිය ව්‍යවසායකයා පමණක් නොව විදේශිය ව්‍යාවසායකයාටද වගකීම දිය හැකියි; මේ සඳහා අදාළ ආයතනයන්ට නිවැරදි පිරිස පත් කර ඉලක්ක ගත ක්‍රමවේදයකට සහ සැලසුම් වලට යායුතුයි; ඒ සඳහා නිවැරදි මාර්ග සිතියමක් එනම් නිවැරදි දිශානතියක් තිබිය යුතුයි; කෙසේ වුවත් අප විදෙස් විනිමය ඉපැයිය යුතු බවත් දේශිය ආර්ථීකය ගොඩනැඟිය යුතු බවත්; අදහස් ඉදිරිපත් කළද ඒ සඳහා ප්‍රායෝගික කිසිදු සැලසුමක් නැත . මේ මොහොතේ අපිට අවශ්‍ය වන්නේ විදෙස් විනිමය අවශ්‍ය ප්‍රමාණය සොයා ගැනීමයි. එසේම රජයේ ආදායම් වියදම් සැලසුම් කිරිමයි. මේ ක්‍රියාවලිය සඳහා විද්‍යාත්මක තාර්කික ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුමය. එසේ වුවහොත් අනෙක් සියලු ආර්ථීක ක්ෂේත්‍රයන් සැලසුම් වීම නිරායාසයෙන් සිදුවෙයි.