ගිනි අවි තහනම් ජපානයේ හිටපු අගමැතිට වෙඩි තබා මරයි | Page 2 | සිළුමිණ

ගිනි අවි තහනම් ජපානයේ හිටපු අගමැතිට වෙඩි තබා මරයි

ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබෙ, වෙඩි ප්‍රහාර එල්ල කළ ගිනි අවිය බාහිරට නොපෙනෙන අන්දමට ආවරණය කර තිබූ අන්දම සහ හෙලිකොප්ටර් මගින් හිටපු අගමැතිවරයාව රෝහල් ගත කළ අවස්ථාව

ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබෙ පසුගිය සිකුරාදා උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් ජිවිතක්ෂයට පත් වූයේය. මෙය ජපානය පමණක් නොව මුළු ලොවම කලඹන සිදුවීමක් වූයේ දකුණු ආසියාතික හෝ ඇමරිකානු රටවල මෙන් නොව ජපානය යනු මෙවැනි ගිනි අවි ප්‍රහාර මගින් නායකයන් ඝාතනය කිරීම අවමයෙන් වාර්තා වන රටක් වන බැවිනි. ඒපමණක්ද නොව ජපානය යනු සිවිල් ජනතාව අතර ගිනි අවි භාවිතය ඉතා අවම වශයෙන් සිදුවන රටකි.

ජපානයේ සිවිල් ජනතාව අතර ගිනි අවි භාවිතය නීතියෙන් තහනම්ය. ඒහෙත් ඒම නීති ද අවශ්‍ය නොවන්නේ ඒරට ජනතාව තරයේ ගිනි අවි භාවිතය ප්‍රතික්ෂේප කරන බැවිනි. එමෙන්ම ජපාන ඉතිහාසයේ දේශපාලන නායකයන් ඝාතනය කිරීමද වාර්තා වන්නේ ඉතා අවමයෙනි. මීට පෙර ජපානයේ දේශපාලන නායකයකු ඝාතනය වී ඇත්තේ අදින් වසර 90කට ඉහතදීය‍.

කෙ‌සේ වුවද ජපානයට දිගු කාලයක් පුරා සාර්ථක දේශපාලන නායකත්වයක් ලබා දුන් ශින්සෝ අබේ පසුගිය සිකුරාදා තම පපුවටම ඒල්ල වූ වෙඩි උණ්ඩ දෙකක් හේතුවෙන් මෙලොව හැරදා ගියේය. මිය යන විට ඔහු සිටියේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයකු වූ අබෙ 2006 වසරේදී ප්‍රථම වරට ජපානයේ අගමැති ධූරයට පත් වූයේය. පසුව 2012 වසරේදී ද අගමැති ධූරයට පත් වූ ශින්සො අබේ ඒරට වැඩිම කාලයක් අගමැති ධූරය හෙබවූ පුද්ගලයා බවට පත් වූයේ 2020 වසරේදී අගමැති ධූරයෙන් පසු ගැනීමත් සමඟිනි. තම ධූරය ඉදිරියටත් දැරීමට හැතියාව තිබුණද ඔහු තම පක්ෂයේම යොෂිහිදේ සුගාට අගමැති ධූරය පවරමින් ධූරයෙන් සමුගෙන ගියේ පක්ෂයේ දෙවැනි පෙළට අත්දැකීම් ලබා ගැනීමට ඉඩකඩ සලසමිනි. කෙසේ වුවද ඔහු සමස්ත දේශපාලනයෙන් සමු නොගත්තේ අද ඒකම් ඉරිදා දිනයට නියමිතව තිබූ ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණය සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුවල යෙදී සිටියේය. ඔහු වෙඩි පහරට ලක් වී ඇත්තේ ඒම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදීය. වෙඩි ප්‍රහාරය ඒල්ල කළ පුද්ගලය 42හැවිරිදි පුද්ගලයකු වශයෙන් හඳුනාගෙන තිබේ. ඒහෙත් ඔහුගේ අනන්‍යතාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර නැත. මේ පුද්ගලයා හිටපු අගමැතිවරයා සමීපයේ සිට ඉලක්කය ගෙන වෙඩි ප්‍රහාර දෙකක් ඔහු වෙත ඒල්ල කර ඇතැයි ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ. හෙලිකොප්ටරයක් මාර්ගයෙන් අගමැතිවරයා රෝහල ගත කළ පසු ඔහුට හෘදය සැත්කම් කිහිපයක්ම සිදු කළ නමුත් තවදුරටත් ජීවත් වීමේ වාසනාව ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේට තිබී නොමැත.

මේ අන්දමින් හිටපු අගමැතිවරයා මරා දැමීමට හේතුව කුමක්ද යන්න තවමත් හෙළිදරව් වී නොමැත. ශින්සෝ අබේ හිටපු අගමැතිවරයා ජපානයේ ධනවත් මෙන්ම බලවත් පවුලකින් පැවත ඒන්නෙකි. ඔහුගේ පියා ජපානයේ විදේශ අමාත්‍ය ධූරය හොබවා ඇති අතර ඔහුගේ මාමා කෙනෙකු ඒරට අගමැති ධූරයද හොබවා තිබේ. මිය යන විට හිටපු අගමැතිවරයා 67වන වියේ පසුවී තිබේ.

Comments