සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

ජය­සේ­කර මල­වි­ආ­රච්චි

කෘතිය - උඩ­ප්පර 
කර්තෘ - ජය­සේ­කර මල­වි­ආ­රච්චි 
මිල රුපි­යල් 300/= පිටු 67 
විම­සීම් 071 1381619 
සර­සවි ප්‍රකා­ශ­න­යකි


‘උඩ­ප්පර‘ ජය­සේ­කර මල­වි­ආ­රච්චි කවි­යාගේ නව­තම කාව්‍ය සංග්‍ර­හ­යයි. ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍ර­හය වූ ගිරි­හිස සහ අහස නිකුත් වන්නේ 2009 වස­රේ­දීය. ඔහු කවි ලිය­න්නට පටන් ගන්නේ පාසල් වියේ සිටය. එසේ ලියූ ඔහු විසින් මෙතෙක් ලියා පළ­කර ඇති කවි පොත් ගණන හයකි.
කවි­යට පෙම්බැදි ඔහු විවිධ විරිත් අනුව සිය අත්දැ­කී­මට ගැළ­පෙන අයු­රින් කවි ලියා ඇත. උඩ­ප්පර කාව්‍ය සංග්‍ර­හ­යේදී ඔහු ලියා ඇති කවි හරි අපූ­රුය. ඔහුගේ කවි බස ද අපූ­රුය.
මේ කවියේ කත­කයා යන්නේ සිය පෙම්ව­තිය හෝ එහෙ­මත් නැත්නම් තමන් හිත ගත් කෙනෙකු හමු­වී­ම­ටය. ඈ හා කතා­ක­ර­මින් සිටි­න්නට ඔහු බොහෝ ප්‍රියය .
නමුදු ඒ යන මඟ අතර මඟදි කුරු­ල්ලන් සිටින දෙවැට පාරේදී ඔහු ඒ පරි­ස­ර­යට පෙම්බ­දි­න්නට පටන් ගනී. ඔහුට ඒ පරි­ස­රයේ රැදෙ­න්නට හිතක් පහළ වේ. අද මිනිසා පරි­ස­රය විදි­නවා බොහෝ අඩුය. නමු­දු­ඔහු පරි­ස­රය හා රැදෙ­න්නට බොහෝ ආසා ඇත්තෙකු බව ඒ කව අපට මනාව පැහැ­දිලි කරයි. මාතෘ­කාව වෙනත් දව­සක එන්නම්.

“තාර පාර මඟ ඇරලා
කැලෑව මැද්දෙන්
අඩි­පාර දිගේ එන­කොට
ගහක අත්තෙන් අත්තට පැන පැන
කුරු­ල්ලන් කෑ ගානවා
සින්දු කිය­නවා
ඒ දිහා බලා හිටියා හුඟක් වෙලා
එතැ­නින් එන්න හිතුණෙ ම නෑ
දැන් ඉතිං ඩිංගක් වෙලා ඉන්නම්
වෙනත් දව­සක එන්නම්...“

කවියා පරි­ස­ර­යට පෙම්බ­ඳි­න්නෙකි. ඔහුගේ සෑම කවි­යක්ම වාගේ එති ඇත්තේ පරි­ස­රය වටාය. අද අපට නැත්තේ ද සොබා­ද­හ­මට පෙම්බ­දි­න්නන්ය. මහ ගස් වල සෙවණ ලබා පෝෂ­ණය වන කුඩා පැළ ගැන ඔහු අපට කියන්නේ පොඩි දෙයකි. නමුදු ඒ වටා අපට සිත­න්නට බොහෝ දේ සිතට එකතු වෙයි.
‘කෝපි පැළ යාය සහ මහා ලොකු ගස්‘ මාතෘකා ව වී ඒ වටා ගෙතෙන කවි­යයි මේ.

මොර පලු වීර රඹු­ටන්
කැට කෑල ලුණු­ව­රණ
මේත­රම් ලොකු ගස්
දිගු කර දසත අතු ඉති
සතුරු උව­දුරු නසා
මෙබිම රකිනු දැක
පුදු­ම­යක් දැල්වෙයි සිත...
සොබා දහමේ වුවද
නොවිය යුතු දෙය සිදු වෙයි
පුදුම නම් එයයි..

ජය­සේ­කර ලියූ ‘මැණිකේ එන්න‘ කවිය කිය­වන විට කව­රෙ­කුට වුවත් සිය බාල විය සිහි­යට නැගෙනු ඇත. විශේ­ෂ­යෙන් සිය ගම්බද ජීවි­තය මතක් වන අැත.
ඔහු අතී­ත­යට පෙම්බ­දි­න්නෙකු යැයි අපට සිතෙන්නේ ඔහු අපේ පරි­ස­රයේ එදා තත්වය ගැන විවිධ අයු­රින් රස­වත්ව ලිය­නක හෙයිනි. ‘මැණිකේ එන්න ‘ කත­ක­යාගේ සහ­කා­රිය මුල්ව ලියැවි ඇතැයි හැගේ. ඇතැම් විට ඇය නාග­රික පරි­ස­ර­යෙන් පැමි­ණියා විය යුතුය.

ඇය හා ගැමි පර­ස­රයේ ඇවි­දින ඔහු කියන්නේ අද නැති එදා තිබු පරි­ස­රය ගැනයි. පරි­ස­ර­යට සිදුව ඇති ව්‍යස­නය ගැනයි. නමුදු ඔහු කිසි­වෙ­කුට දොස් නොකි­යයි. අතී­තය , බාල වියේ තම් දුව­පැන නටපු වෙල් එළියේ , දිය­ක­ඩිති වල සිටි පුංචි මාළු­වන් ගැන සිහි­පත් වන ඔහුට ඇත්තේ යම් කන­ගා­ටු­වන් යැයි හැඟේ. නමුත් නග­ර­යෙන් ගෙනා අලුත් මනා­ලි­යගේ හිත නොරි­දවා ඔහු ද සිත නොරි­දා­ගෙන එදා දුටු පරි­ස­රය ගැන සිහි­ක­රයි. තමන් ඒ පරි­ස­රය වින්ද අපූ­රුව ගැන ඔහු ඇයට කියයි. සිතට දැනෙන හැඟෙන දේ කවි බසින් ලිය­න්නට ඔහු උත්සාහ දරයි.

“එන්න මැණිකේ
සෙමෙන් එන්න...
ඉස්සර නම් මල­වදේ නේ
නියරෙ උඩින් යන්නම බෑ
ගෙම්බන් බක බක ගානවා
කකුල් දෙකේ හැපෙ­නවා තව
නිය­රෙන් පනි­නවා ලියැ­ද්දට
ජබෝහ්...
එක නොවෙයි
මැණි­කෙගෙ මුදු දෙපා­ව­ලට
වෙලේ වතුර හරි අගු­ණයි...
ගෙදර තියෙන
පයි­ප්ප­වල
වතුර වලින් සෑහෙමු අපි...
කවියා මේ උත්සාහ දරන්නේ තමන් එද­වස හැදි වැඩුන ගැමි පරි­ස­රය ගැන කිය­න්න­ටය. ඔහු ඒ පරි­ස­රය ගැන ලිව්මේදී භාෂා භාවි­ත­යේදී බොහෝ පරි­ස්සම් වේ යැයි හැඟේ.
ඔහු අර­ග­ල­කා­ර­යකු නොවී සියුම්ව පරි­ස­රය වින්ද­නය කර­මින් සිය නිර්මාණ පාඨ­ක­යාට දෙන්නට උත්සාහ දරයි.

Comments