
කෝච්චියෙන් ගිය ගමනක්
කෘතිය - කෝච්චියෙන් සවාරියක්
කර්තෘ - චන්දන නන්දපාල
මිල - රුපියල් 400/= පිටු 138
විමසීම් 035 2227643
කර්තෘ ප්රකාශනයකි.
පොල්ගහවෙල සිට මහනුවරට දුම්රියෙන් යන ගමනේදී දෙපස පරිසරයේ මෙන්ම ඒ ගමන් මගේ ඇති ඓතිහාසික ස්ථාන තේමා කරගනිමින් ලියැවුණ ‘කෝච්චියෙන් සවාරියක්‘ යොවුන් නවකතාවකි. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ දරුවන්ට මෙම ගමන් මගේ ඇති සුවිශේෂි ස්ථාන පිළිබඳ ඓතිහාසික තොරතුරු මෙන්ම සාමාජීවය තොරතුරුත් ජනකතා ආදියත් පදනම් කොට ගනිමින් විශේෂිත අවධානයකින් කියාදීමය.
ප්‍රේමචන්ද්‍ර රූපසිංහගෙන් අලුත් පොතක්
කෘතිය - අනේ මෙහෙම තණ්හාවක්
කර්තෘ - ප්‍රේමචන්ද්‍ර රූපසිංහ
මිල - රුපියල් 300/= පිටු 88
විමසීම් - 0712 729938
කර්තෘ ප්රකාශනයකි
ප්‍රේමචන්ද්‍ර රූපසිංහගේ අලුත්ම කෘතිය ‘අනේ මෙහෙම තණ්හාවක්‘ නම් වු කෙටි කතා සංග්‍රහයයි. මේ කෘතියේ ලේඛකයා විසින් විවිධ අත්දැකීම් පාදක කොට ගනිමින් ලියන ලද කෙටි කතා 12 අඩංගුය. පිරිමි සපත්තු ජෝඩුව, මුරසේවයේ පුරසාරම්, චිත්‍ර පාඩම, ‘හා‘ කමිසය, කුඹුක් ගහ, සාඳය, පීරමීඩය, පොලේ රවුමක්, පොල් ගෙඩිය, අනේ මෙහෙම තණහාවක්, පොල් ගෙඩිය, අනේ මෙහෙම තණ්හාවක්, අපූරු මිනිසෙකුගේ නික්ම යෑම, මිත්‍යාව සහ විද්‍යාව ආදි වශයෙන් නම් කෙරුකතා දොළහක් මෙම කෙටි කතා සංග්‍රහයට ඇතුළත්ය.
අද සැබෑවන බුදුන් දා කොසොල් රජු දුටු සිහින
කෘතිය - අද අපි දකින එදා කොසොල් රජ දුටු
සිහින දහසය
කර්තෘ - ධම්මික ජයරංජන්
මිල රුපියල් 200/= පිටු 52
විමසීම් 0719 898567
කර්තෘ ප්රකාශනයකි
වර්තමාන සමාජයේ පවතින යම් යම් අඩුපාඩු දුර්වලතා, මෙන්ම සමාජයේ සිදුවන දුෂණ වංචා ආදි වූ දහසකුත් එකක් අඩුපාඩු දකින්නේ පවසන්නේ ‘දැන් කොසොල් රජුගේ සිහන සැබෑ වෙමින් පවතින බවයි. සැබැවින්ම කුමක් ද මේ සිහින.
ක්රීස්තු පුර්ව හයවන සියවසේ කොසොල් මහ රජු විසින් දකින ලද සිහින දහසය බුදුරජාණන් වහන්සේ විසින් විග්රහ කිරීමත්, ඒ සිහි න දහසය සහ නුතන සමාජය සමඟ ගළපමින් කරන ලද විවරණයක් ලෙසින් මෙම කෘතිය ලියා තිබේ. මෙම කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ කොසොල් රජු දුටු සිහින දහසය සරල බස් වහරකින් ලියා තිබීම ද විශේෂය.
තෙවැනි රැල්ලේ පෙම්වතිය සමඟ තවත් කතා කිහිපයක්
කෘතිය - තෙවැනි රැල්ලේ පෙම්වතිය
කර්තෘ - ලක්ෂ්මන් කොඩිතුවක්කු
මිල රුපියල් 550/= පිටු 188
සරසවි ප්රකාශනයකි.
තෙවෙනි රැල්ලේ පෙම්වතිය ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ හතරවන කෙටිකතා සංග්‍රහයයි. අලුත්ම අලුත් අත්දැකීම් අත්හදා බැලීම් සමඟ ලියැවී ඇති මෙම කෙටි කතා සංග්‍රහයේ කතා දහයක් ඇතුළත්ය. මින් පෙරද ඔහු විසින් එනම් 2009 වසරේදී පරමේෂ්වරී සහ වෙනම රටක් කෙටි කතා සංග්‍රහය ලියා පළකර ඇත. ඉන්පසු 2013 වසරේදී හුස්ම නමින් තවත් කෙටි කතා සංග්‍රහයක් පළකර ඇත. 2015 වසරේදී විවිධ තේමාවන් යටතේ ලියැවී ඇති මෙම කතා රසිකයාට නව රසයක් ගෙන එනු නොඅනුමානය.