පොත් පුවත් | Page 2 | සිළුමිණ

පොත් පුවත්

කෝච්චි­යෙන් ගිය ගම­නක්



කෘතිය - කෝච්චි­යෙන් සවා­රි­යක්
කර්තෘ - චන්දන නන්ද­පාල
මිල - රුපි­යල් 400/= පිටු 138
විම­සීම් 035 2227643
කර්තෘ ප්‍රකා­ශ­න­යකි.

පොල්ග­හ­වෙල සිට මහ­නු­ව­රට දුම්රි­යෙන් යන ගම­නේදී දෙපස පරි­ස­රයේ මෙන්ම ඒ ගමන් මගේ ඇති ඓති­හා­සික ස්ථාන තේමා කර­ග­නි­මින් ලියැ­වුණ ‘කෝච්චි­යෙන් සවා­රි­යක්‘ යොවුන් නව­ක­තා­වකි. මෙම කෘතියේ විශේ­ෂ­ත්වය වන්නේ දරු­වන්ට මෙම ගමන් මගේ ඇති සුවි­ශේෂි ස්ථාන පිළි­බඳ ඓති­හාසික තොර­තුරු මෙන්ම සාමා­ජී­වය තොර­තු­රුත් ජන­කතා ආදි­යත් පද­නම් කොට ගනි­මින් විශේ­ෂිත අව­ධා­න­ය­කින් කියා­දී­මය.


ප්‍රේම­චන්ද්‍ර රූප­සිං­හ­ගෙන් අලුත් පොතක්



කෘතිය - අනේ මෙහෙම තණ්හා­වක්
කර්තෘ - ප්‍රේම­චන්ද්‍ර රූප­සිංහ
මිල - රුපි­යල් 300/= පිටු 88
විම­සීම් - 0712 729938
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

ප්‍රේම­චන්ද්‍ර රූප­සිං­හගේ අලුත්ම කෘතිය ‘අනේ මෙහෙම තණ්හා­වක්‘ නම් වු කෙටි කතා සංග්‍ර­හ­යයි. මේ කෘතියේ ලේඛ­කයා විසින් විවිධ අත්දැ­කීම් පාදක කොට ගනි­මින් ලියන ලද කෙටි කතා 12 අඩං­ගුය. පිරිමි සපත්තු ජෝඩුව, මුර­සේ­වයේ පුර­සා­රම්, චිත්‍ර පාඩම, ‘හා‘ කමි­සය, කුඹුක් ගහ, සාඳය, පීර­මී­ඩය, පොලේ රවු­මක්, පොල් ගෙඩිය, අනේ මෙහෙම තණ­හා­වක්, පොල් ගෙඩිය, අනේ මෙහෙම තණ්හා­වක්, අපූරු මිනි­සෙ­කුගේ නික්ම යෑම, මිත්‍යාව සහ විද්‍යාව ආදි වශ­යෙන් නම් කෙරු­කතා දොළ­හක් මෙම කෙටි කතා සංග්‍ර­හ­යට ඇතු­ළත්ය.


අද සැබෑ­වන බුදුන් දා කොසොල් රජු දුටු සිහින



කෘතිය - අද අපි දකින එදා කොසොල් රජ දුටු
සිහින දහ­සය
කර්තෘ - ධම්මික ජය­රං­ජන්
මිල රුපි­යල් 200/= පිටු 52
විම­සීම් 0719 898567
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

වර්ත­මාන සමා­ජයේ පව­තින යම් යම් අඩු­පාඩු දුර්ව­ලතා, මෙන්ම සමා­ජයේ සිදු­වන දුෂණ වංචා ආදි වූ දහ­ස­කුත් එකක් අඩු­පාඩු දකින්නේ පව­සන්නේ ‘දැන් කොසොල් රජුගේ සිහන සැබෑ වෙමින් පව­තින බවයි. සැබැ­වින්ම කුමක් ද මේ සිහින.
ක්‍රීස්තු පුර්ව හය­වන සිය­වසේ කොසොල් මහ රජු විසින් දකින ලද සිහින දහ­සය බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් විග්‍රහ කිරී­මත්, ඒ සිහි න දහ­සය සහ නුතන සමා­ජය සමඟ ගළ­ප­මින් කරන ලද විව­ර­ණ­යක් ලෙසින් මෙම කෘතිය ලියා තිබේ. මෙම කෘතියේ තවත් වි‍ශේෂ­ත්ව­යක් වන්නේ කොසොල් රජු දුටු සිහින දහ­සය සරල බස් වහ­ර­කින් ලියා තිබීම ද විශේ­ෂය.


තෙවැනි රැල්ලේ පෙම්ව­තිය සමඟ තවත් කතා කිහි­ප­යක්



කෘතිය - තෙවැනි රැල්ලේ පෙම්ව­තිය
කර්තෘ - ලක්ෂ්මන් කොඩි­තු­වක්කු
මිල රුපි­යල් 550/= පිටු 188
සර­සවි ප්‍රකා­ශ­න­යකි.

තෙවෙනි රැල්ලේ පෙම්ව­තිය ලක්ෂ්මන් කොඩි­තු­ව­ක්කුගේ හත­ර­වන කෙටි­කතා සංග්‍ර­හ­යයි. අලුත්ම අලුත් අත්දැ­කීම් අත්හදා බැලීම් සමඟ ලියැවී ඇති මෙම කෙටි කතා සංග්‍ර­හයේ කතා දහ­යක් ඇතු­ළත්ය. මින් පෙරද ඔහු විසින් එනම් 2009 වස­රේදී පර­මේ­ෂ්වරී සහ වෙනම රටක් කෙටි කතා සංග්‍ර­හය ලියා පළ­කර ඇත. ඉන්පසු 2013 වස­රේදී හුස්ම නමින් තවත් කෙටි කතා සංග්‍ර­හ­යක් පළ­කර ඇත. 2015 වස­රේදී විවිධ තේමා­වන් යටතේ ලියැවී ඇති මෙම කතා රසි­ක­යාට නව රස­යක් ගෙන එනු නොඅ­නු­මානය.

Comments