කත­න්ද­ර­ව­ලට අසී­මිත ව පෙම් බඳින ලේඛ­කයා කැලුම් වැලි­ගම | සිළුමිණ

කත­න්ද­ර­ව­ලට අසී­මිත ව පෙම් බඳින ලේඛ­කයා කැලුම් වැලි­ගම

පාවුලෝ කොයියෝ කියන්නේ සිය­ලු‍ ­නි­ධාන පව­තින්නේ අප හද­වත් ඇතු­ළත බව ය. ඒ නිධාන මතු කර ගැන්මට තරම් සියුම් බවක්, අවදි බවක් අප හදවතෙහි නැති බව ය. ඔහු ඒ බැව් කිව්වේ ලෝක පූජිත “The Alchemist” කෘතිය ලිය­මිනි. මෙය චූලා­නන්ද සම­ර­නා­යක “සන්ති­යාගෝ නම් සැරි­ස­රන්නා” නමින් සිංහ­ලට නඟා තිබේ. අපේ ජීවි­තයේ මඟ හැරෙන දේ නිසා අපට කොත­රම් දේ අහිමි වෙන­වාද යන්න ගැන ලිය­වුණු මේ වැනි දෑ දකින විට තවත් බොහෝ දෑ සිහි­පත් වෙන්නේ ය.

පාවුලෝ කොයියෝ අපූරු තාලේ ලේඛ­ක­යෙකි. මේ ලතින් ඇම­රි­කානු ලේඛ­කයා දිගින් දිගට ම සිය කෘති මඟින් සියුම් ව ස්පර්ශ කරන්නේ මානව ජීවි­ත­යෙහි වන දැක නොදැක යන සියුම් චින්තා ය. පාවුලෝ කොයි­යෝට ගණි­කා­ව­කගේ වතෙන් ද ආලෝ­ක­යක් පෙනෙයි. මිනිත්තු එකො­ළහ ඇතැති ව බොහෝ දෑ දකි­න්නට පාර පෙන්වන ඔහු අනෙකා දෙස අව­බෝ­ධ­යෙන් බල­න්නට අපට ආරා­ධනා කරයි. එවිට මේ ලොව නරක මිනි­සුන් ඔබට හමු නොවනු ඇත. හේතුව ඒ සෑම නර­කක් පිටු­පස ම කත­න්ද­ර­යක් ඇති බැවිනි.

මේ සියල්ල ඔබට කිය­න්නට හිතුවේ හේතු කාර­ණා­වක් නිසා ය. හොඳ නරක කිය­න්නට ඉක්මන් නොවී හිත සසල කළ පොතක් ගැන කිය­න්නට මම වේදි­කා­වක් සොය­මින් සිටි­යෙමි. නිමැ­වු­මක පෙර­නි­මිති ඒ සිති­වි­ල්ලට මන­රම් ව පාර කැපුවේ ය. කෘතිය පර්සෝනා ය. කර්තෘ කැලුම් වැලි­ගම ය. ඔහු පර්සෝනා කෘතියේ එක්තැ­නක අපූරු කතා­වක් කියන්නේ ය.

‘ජීවි­තය කියන විලා­සිතා දැක්මෙදි ගැහැ­නි­කට දිනන්න අවශ්‍ය නම් ශරී­රයේ හැඩය 35%ක්, බුද්ධිය 30%ක්, පෞරු­ෂය 20%ක් සහ මුහුණේ ලස්සන 15%ක් යන අනු­පා­න­ය­න්ගෙන් සකස් වෙන්න ඕන කියලා සෙලීනා හිතුවා‘

ගැහැ­නිය ගැන අපූරු හා වෙනස් අයු­රෙන් කියවා ගත් කෘති­යක් ලෙස පර්සෝනා හැඳි­න්විය හැකි ය. කැලුම් දීර්ඝ කාල­යක් තිස්සේ සන්නාම හා අලෙවි ප්‍රව­ර්ධන ක්ෂේත්‍රයේ කරන ලද පර්යේ­ෂ­ණ­මය ක්‍රියා­දා­මයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස මේ නව­ක­තා­වට සවි­මත් හා වෙනස් පද­න­මක් නිර්මා­ණය කර තිබේ. කැලුම් පුද්ගල අභි­ප්‍රේ­රණ පර්යේ­ෂ­ක­යෙක් හා දේශ­ක­යෙක් ද වෙයි. මේ වන­විට ඔහු කෘති 15 කට ආසන්න ප්‍රමා­ණ­යක් විවිධ ක්ෂේත්‍ර අර­භයා රචනා කර තිබේ. කැලුම් ප්‍රබන්ධ කලාව දකින්නේ වෙනස් අයු­ර­කිනි. එය නිර්මිත වන්නේ විවිධ කතා­න්දර ඔස්සේ බව ඔහුගේ විශ්වා­ස­යයි.

‘මම දැඩි ව විශ්වාස කරන දෙයක් තමයි විශ්වය බිහි­වුණේ පර­මා­ණු­ව­ලින් වුවත් ලෝකය බිහි­වුණේ කත­න්ද­ර­ව­ලින් කියන දේ. ඒ නිසා මිනිස් ලෝකය කත­න්ද­ර­ව­ලින් වෙනස් කරන්න; සුව­පත් කරන්න වගේම සම­හර කත­න්ද­ර­ව­ලින් මේ ලෝකය සිර­ක­රලා තබන්න වගේම විනාස කර­න්නත් අපට පුළු­වන්. සම­හ­ර­විට ඉති­හා­සය කිය­න්නෙම කත­න්ද­ර­යක්; සම­හර විට ආග­මක් කිය­න්නෙම කත­න්ද­ර­යක්. හැබැයි අපි විශ්වාස කරන කත­න්ද­ර­යෙන් අපි සීමා වෙනව ද; විශිෂ්ට වෙනව ද; වෙනස් වෙනව ද කියන දේ සම්බ­න්ධ­යෙන් අපි සැල­කි­ලි­මත් වෙනවා. මගේ කෘති ඔස්සේ මම උත්සාහ කරනවා සංස්කෘ­තිය පුළුල් කරන, ජිවි­තය පුළුල් කරන; සිති­විලි රටාව පුළුල් කරන කත­න්දර කලා­වක් හඳුන්වා දෙන්න‘

ලෝකය නිර්මිත වී ඇත්තේ විවිධ කතා එක­තු­ව­කිනි. සම­හර කතා­න්දර ශෝකාන්ත ය; සම­හර කතා සුඛාන්ත ය. මොනවා වුවත් මේ සියල්ල ම විවිධ ලෙස ජීවි­තය කියවා ගන්නා අනු­පාන ය. පර්සෝනා බිහි­වෙන්නේ කැලුම් සිටිනා මේ ආස්ථා­නයේ සිට බලද්දී මේ සියල්ලේ එක­තු­ව­කිනි; තවත් ලෙස­කින් කියවා ගන්නේ නම් කැලුම් දුටු සෙවූ ලෝකයේ කතා­න්දර මුතු­ප­ටක් සේ ඇමි­ණී­මෙනි.

කැලුම්ගේ කෘති දෙස විම­සි­ල්ලෙන් බල­න්න­කුට හසු­වන ප්‍රධාන කතා­වක් තිබේ. ඒ තැනින් තැන අහුලා ගත් විවිධ කතා­න්දර ජීවි­තයේ විවිධ අවස්ථා හා සුරු ව බද්ධ කිරීම ය. ඒ සඳහා ඔහු සරල බස් වහ­රක් යොදා ගන්නේ සියලු පාඨක කණ්ඩා­යම් නියෝ­ජ­නය වන ලෙසට ය. ඒ සිය­ල්ලට ගෝචර වෙන ආකා­ර­යට ය. ඔහු කිසිම පොතක කර්තෘ අයි­තිය පිළි­බඳ සට­හ­නක් ඇතු­ළත් නොක­රයි. මේ කතා එක­තු­වල ඇත්තේ ඔහුගේ කතා නොවන බවත් ඒවා ඔබේ කතා බවත් ඔහු පව­සයි. පර්සෝනා නව­ක­තා­වේදී පම­ණක් චරි­ත­වල විශ්ව­ස­නී­ය­ත්වය වෙනු­වෙන් නීති­මය ආර­ක්ෂාව පතා ඔහු අයි­තිය තහ­වුරු කරන්නේ එය නව­කතා ම ය සන්ද­ර්භ­යක පිහි­ටන නිසා ය. ඕනෑ ම පොතක තියෙන්නේ කර්තෘට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ වූ අත්දැ­කීම් ගොන්නකි. එබැ­වින් අයි­තිය ගැන ප්‍රශ්න කිරීම අයි­ති­යක් නැති ක්‍රියා­වක් සේ කැලුම් ලේඛ­කයා දකී.

‘පර්සෝනා ලියැ­වෙන්නේ 2015-16 වස­ර­වල. ඒ වෙද්දි මම පෞද්ග­ලික ආය­ත­න­යක සන්නාම හා අලෙ­වි­ක­ර­ණය සම්බන්ධ කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කළා. අද මම නිරත රැකි­යා­වට වඩා වෙනස් රැකි­යා­වක් ඒ කාලයේ කළේ. පොත නිකුත් වුණේ 2017 දී. ප්‍රබ­න්ධ­යක් කරද්දි ඒකට අදාළ චරිත, සිද්ධි හා අවස්ථා සාමාන්‍ය සමා­ජ­යෙන් තමයි ලේඛ­කයා උකහා ගන්නේ. අහුලා ගන්න සිද්ධි­යක හෝ චරි­ත­යක තියෙන දෙයක් තමයි පසු­කා­ලීන ව ලේඛ­කයා තමන්ගෙ නව­ක­තාව ඇතුළෙ චිත්‍ර­ණය කරන්නෙ. ලේඛ­කයා තමන් කැමැති ලෝක­යක්, තමන් එළි­යට කියන්න කැමැති ලෝක­යක් පොත ඇතුළෙ නිර්මා­ණය කළාට ඇත්ත­ටම මේ චරිත ඇතුළෙ සැබෑ අය නැහැ කියල කියන්න බැහැ. සම­හ­ර­විට මේ ඇත්ත චරිත ලේඛ­ක­යාට ඍජු ව මුණ ගැහිලා නැතිව ඇති. වෙන විදි­ව­ලට ඒවා ලිය­වි­ලත් ඇති.

පර්සෝනා ප්‍රධාන චරි­තය ගැන ගොඩක් අය මගෙන් අහ­නවා. සෙලීනා සමන්ති සින්ක්ලෙ­යාර් කියන කාන්තාව ටිකක් වෙනස් විදියෙ චරි­ත­යක්. වෙනස් විදියේ ප්‍රේම­යක් බලා­පො­රොත්තු වෙන, වෙනස් විදියේ ලිංගික නැමි­යා­වක් තියෙන, වෙනස් චින්ත­න­යක් තියෙන කෙනෙක් කියලා ඇය ගැන බොහෝ අය කිය­නවා. ඇය අල්ෆා විදියේ කාන්තා­වක්. ගොඩක් අය මගෙන් අහ­නවා මේ විදියේ කාන්තා­වක් හමු­වෙලා තියෙ­න­වද, ඇසුරු කරලා තියෙ­න­වද කියලා. මට නැහැ කියලා කියන්න බැහැ. ඒවැනි හිත­ව­ත්කම් තිබිලා තියෙ­නවා. ඒ හිත­ව­ත්ක­ම්වල තිබුණු දේවල් මේ කතා­වට යම් යම් ආකා­ර­ව­ලට බල­පෑම් කරලා තියෙ­නවා. මගෙන් අහලා තියෙ­නවා ලක්ෂ 50ක ඔර­ලෝ­සු­වක් බඳින කෙනෙක් ඔබට හමු වෙලා තියෙ­න­වද කියලා. ඇත්තට ම මට හමු වෙලා තියෙ­නවා සහ ඒවගේ අය ලංකාවේ ඉන්නවා. අනිත් දේව­ලුත් එහෙ­මයි.‘

ලේඛ­කයෝ බහු­ත­ර­යක් තමාගේ අත්දැ­කීම් ලියති. අනුන්ගේ අත්දැ­කීම් ද ලියති. වෙන­යම් ප්‍රවේ­ශ­ය­කින් අත්දැ­කීම් ලබා­ගත්තේ වුව ලියද්දී තමාගේ අත්දැ­කීම් ඊට එකතු වීම වැළැ­ක්විය නොහැකි ය. එය සිතා මතා එකතු වෙන්නක් නොවිය හැකිය. නමුත් ඒ එබි­කම් කිරීම වැළැ­ක්වීම අසීරු ය. තමා මුළු­ම­නින් ම ඉවත් වී යමෙක් ලියන්නේ යැයි කීවොත් එය අර්ධ­මය සත්‍ය­යක් යැයි කෙන­කුට සිතු­ණොත් එය පුදු­ම­යක් නොවේ.

‘පර්සෝනා පොතේ තියෙන බොහෝ චරිත මා ඇසුරු කළ, හමු වුණු චරිත. මේ සම­හර චරිත මම ළඟින් නිරී­ක්ෂ­ණය කරලා තියෙ­නවා; සම­හර චරිත දුරින් නිරී­ක්ෂ­ණය කරලා තියෙ­නවා. ඒ වගේම මම ඉගෙන ගත් විෂ­යය අලෙ­වි­ක­ර­ණය හා සන්නා­ම­ක­ර­ණය මට මේ කෘති­යට බල­පෑවා. ඒ වගේ ම රටේ ඒ කාලයේ තිබුණු දේශ­පා­ලන වාතා­ව­ර­ණ­යත් යම් බල­පෑ­මක් කළා. මනු­ෂ්‍ය­යෙක් විදි­යට මගේ හොඳ නරක සහ මා දිහා හැරී බැලී­ම­කුත් මෙහි තිබෙ­නවා‘

ප්‍රබ­න්ධ­යක් කියන්නේ ඇත්තක් පෙන්වන බොරු­වකි. චරිත, සිද්ධි, ස්ථාන ප්‍රබන්ධ විය හැකිය; නමුත් ප්‍රබ­න්ධයේ කතාව ඇත්තකි. ඒවාට මුහුණ දෙන මිනිස්සු යම් යම් මට්ට­ම්ව­ලින් සිය නැණ පම­ණින් ඊට මුහුණ දෙති. මේ සියල්ල ඇත්තකි. නමුත් ඒ වෙනු­වෙන් ගොඩ­න­ඟන කතා වින්‍යා­සය වෙනස් විය හැකිය.

‘විලා­සිතා ලෝකය සහ ව්‍යාපාර ලෝකය අතර ඇති සම්බ­න්ධය මෙහි ප්‍රධාන කොට­සක්. සෙලීනා නිර්මා­ණය කර­නවා සුවඳ විල­වුන් වර්ග­යක් ලිංගික කට­යු­තු­ව­ලදී භාවිත කරන. මේවා ගැන එච්චර දැනු­මක් නොති­බුණු යුග­යක වුණත් මට හිතුණා මේ වගේ දේවල් ඇති කියලා. අද මේවා ජන­ප්‍රි­යයි. ලේඛ­ක­යෙක් හොඳ නරක කියන මායි­මෙන් එහාට ගිය චින්ත­න­යක් පාඨ­ක­යාට ඇති කළ යුතුයි කිය­ලයි මම හිතන්නෙ. හරි වැරැ­ද්දෙන් එහා ගිය සීමාවේ සිට ජීවි­තය දෙස බලන්න කිය­ලයි මම ආරා­ධනා කරන්නේ. සෙලීනා වගේ කාන්තා­වන් ලංකා­වෙත් ඉන්නවා. ඒ චරිත හරි ද වැරදි ද කියන කාර­ණය වැද­ගත් නැහැ. ව්‍යාපා­රික ලෝකයේ ඒ වගේ කාන්තා­වන් මට මුණ ගැහිලා තියෙ­නවා. සම­හරු අතී­තයේ තමන්ට වූ අඩු­පා­ඩු­කම් ආව­ර­ණය කර­ග­න්නත් මේ වැනි දේ කර­නවා. හැම වීර­යෙක් පිටු­පස ම ඛේද­වා­ච­ක­යක් තියෙ­නවා‘

කැලුම් වැලි­ගම විවිධ කතා­න්දර ඔස්සේ ජීවි­තයේ විවිධ මනෝ­භාව විශ්ලේ­ෂ­ණයේ ලා නිමග්න වෙන්නේ කලක පටන් ය. ඔහුගේ ලෝකයේ සිටින පාඨ­ක­යන් වෙනස් වීමට කැමැති, වෙනස් සිති­විලි ඇත්තන් වීම හේ නිර­න්ත­ර­යෙන් අපේක්ෂා කරයි. කැලුම් නිර්මා­ණ­ක­ර­ණයේ යෙදෙන්නේ ම ඒ වෙනු­වෙනි. ඔහු ඒ සඳහා පාඨක මනස සැක­සීමේ විවිධ උප­ක්‍රම භාවිත කරයි. ‘ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහො­මද‘ එකී වෙනස් නිරී­ක්ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යකි. අලෙ­වි­ක­ර­ණය පිළි­බඳ විශ්ව­වි­ද්‍යාල මට්ට­මෙන් හා ඉන් බාහි­රව න්‍යායික හා ප්‍රායෝ­ගික භාවි­තයේ නිපුන් ඔහු නිරී­ක්ෂ­ණයේ වැද­ග­ත්කම මැන­වින් දනියි. මේ ක්ෂේත්‍ර­ව­ලට අම­තර ව ලේඛ­ක­යකු වීමෙන් ඔහු ලද පරි­ච­යත්, පුද්ගල සංව­ර්ධන වැඩ­මු­ළුත් ඔහුගේ භාවි­තය වඩාත් සුඛ­නම්‍ය කර ඔප­ම­ට්ටම් කළේ ය.

‘මම වැඩි­යෙන්ම මහන්සි වුණු පොත මොකද්ද කියලා කවු­රු­හරු ඇහු­වොත් ඒ තමයි ‘ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහො­මද‘කියන පොත. ෂර්ලොක් හෝම්ස් ලෝකය පුරා ජන­ප්‍රිය චරි­ත­යක්. මේක ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ චරි­තය පාදක කර­ගෙන ලංකාවේ බිහි­වුණු ප්‍රථම ප්‍රබන්ධ නොවන කෘතිය. වෙන රට­වල බිහි­වුණා. මේක රස­වත් අත්හදා බැලී­මක්. මේක කිසි­සේත්ම පරි­ව­ර්ත­න­යක් නොවෙයි. මිනිස්සු එක්ක ආශ්‍රය කරද්දි දැනුණු දෙයක් තමයි මිනිස්සු වෙනස් කරන්නෙ, මිනිස්සු කවුද කියලා තීර­ණය කරන්නෙ ඒ මනු­ස්සයා හිතන විදිය විසි­නුයි කියන දේ. හිතන විදිය අති­ශය වැද­ගත්. අපි හිතන විදිය වර්ධ­නය කරන, වෙනස් කරන දෙයක් මට ලියන්න ඕන වුණා. හිතන විදිය කියන්නෙ අධ්‍යා­ප­න­යෙන් ගත යුතු දෙයක්. විශ්ලේ­ෂ­ණා­ත්මක සිතී­මක් අව­ශ්‍ය­යයි. මේ වගේ චරිත මට ව්‍යාපාර ලෝක­යේදී හමු වුණා. ඒ අය හිතන විදිය නැවුම් සහ වර්ධි­තයි‘

කැලුම් දැඩි සේ විශ්වාස කරන දෙයක් තිබේ. ඒ කත­න්දර ඔස්සේ මිනිස් ආධ්‍යා­ත්මය සුව­පත් කළ හැකිය යන්න ය. ඔහු තම ජීවි­තයේ වඩාත් ම කැමැති දේ කුමක් දැයි කෙනෙක් ප්‍රශ්න කළ­හොත් ඒ කත­න්දර එකතු කිරීම යැයි කිය­න්නට පැකි­ළෙන්නේ නැත.

‘තර­ගයේ වීරයා කෘතිය බොහෝ පාඨ­ක­යන් සෙනෙ­හ­සින් වැලඳ ගත් කෘති­යක්. මේ පොත ලියන්න මම කාල­යක් තිස්සේ ව්‍යාපාර මාධ්‍ය­වේ­දි­යෙක් ලෙස වැඩ කිරීම බල­පෑවා. ලංකාවේ වගේම වෙනත් රට­වල ප්‍රමුඛ පෙළේ ව්‍යාපා­රි­ක­යන් ඇසුරු කර­න්නට මට අව­ස්ථාව ලැබුණා. ඒ වගේම මම විදේ­ශීය පොත් බොහෝ පරි­ශී­ල­නය කළා. මිනි­සුන්ගේ පුද්ගල සංව­ර්ධ­න­යට කතා­නු­සා­ර­යෙන් යමක් ඉදි­රි­පත් කළ යුතු ය කියන සිති­විල්ල මට ආවා. එයට හොඳ ම ක්‍රමය ලෙසයි මා මේ කෘතිය රචනා කළේ. පුද්ගල සංව­ර්ධ­නයේ දී නිර­න්තර කතා වෙන දෙයක් තමයි ධනා­ත්මක චින්ත­නය හා අභි­ප්‍රේ­ර­ණය.

නමුත් මට ඕන වුණා මේ දෙකෙන් එහාට ගිහින් ජීවි­තයේ වැඩ කරන්නෙ කොහො­මද කියල කියන්න. උප­ක්‍රම, විධි­ක්‍රම හා චින්තන රටාව අන්ත­ර්ගත පොතක් ලිවීම එයට හොඳම පිළි­යම ලෙස මා සිතුවා. පොත ලියද්දි මාවත් සංව­ර්ධ­නය වුණා; වෙනස් වුණා. වරක් එඩ්මන්ඩ් හිල­රි­ගෙන් මාධ්‍ය­වේ­දි­යකු අහ­නවා එව­රස්ට් තර­ණය කරලා ඉවර වුණාට පස්සෙ මොකද්ද ඔබට දැනුණෙ කියලා. ඔහු කිය­නවා මම තර­ණය කළේ කන්දක් නොවෙයි මාව­මයි කියලා. ඉතින් පොතක් එක්ක අපි තර­ණය කරන්නේ අපි­ව­මයි. මේ පොතේදී මාව වෙනස් වුණා. මේ දේවල් දිහා පුළුල් දැක්ම­කින් බලන්න පුළු­වන් විදියේ මාන­සික තත්ත්ව­යක් මට නිර්මා­ණය වුණා. මට ඇත්ත අත්දැ­කීම ලැබුණේ මට ඇසුරු කර­න්නට ලැබුණු විවිධ මට්ටමේ ව්‍යාපා­රි­ක­යන්ගේ ජීවන අත්දැ­කීම් ඇසු­රෙන්‘

ලේඛ­ක­යාට ඔබ වෙනු­වෙන් සට­හන් කර­න්නට ඔබේ සිත් කියවා ගන්නට අව­කාශ විවර වන්නේ කෙලෙස ද? එය නිශ්චිත ව මෙතැ­නින් මේ ලෙස­ටයි ලෙස වර්ග කර පැව­සිය නොහැක්කේ ලේඛ­කයා ලියන කියන දෑ හමු­වන තැන ලේඛ­ක­යා­වත් නොදන්නා බැවිනි. එබැ­විනි සිතන, පතන, පය තබන, නික්ම යන ඕනෑ ම තැනක නිර්මා­ණ­ක­රු­වාට වස්තු­බීජ තිබිය හැකි යැයි පැව­සෙන්නේ. මේ වස්තු­බීජ හමු­වන්නේ ලේඛ­ක­යන්ට පම­ණක් නොවේ; ඔබට මට අප සැම­දෙ­නාට ම මේ සිදු­වීම්, මේ හැඟීම් පහළ වීම නිය­ති­යකි. එකම දෙය අප බොහෝ­දෙනා මේවා නොදැ­කම, නොදැ­නීම නික්ම යෑම ය. සියුම් දෑ අත­රත් සියුම් දෑ හමු­වන්නේ ඉසි­යුම් මන­ස­කට, ඉසි­යුම් දෙනෙ­ත­කට පමණි. ඔබේ මගේ පයේ හැපුණ ද, අත­ටම ගෙනැ­විත් දුන්න ද සම­හර දෑ අපෙන් මඟ හැරෙන්නේ ඒ නිසා ය. ඒ සියුම් දෑ එක්කාසු කර ලියන දෑ කියවා හමාර වූ විට අපට දැනෙන සංවේ­ද­නාව තාන්තු­වා­වක් වැනි හැඟී­මක් ය. ඔබ එය අත්විඳ ඇතු­වාට සැක නැත.

කැලුම් වැලි­ගම ලේඛ­කයා ලියන්නේ ද ඔහු ඇසුරේ තිබුණු සමා­ජීය කියැ­වීම් ය. ඒවායේ ඇති කත­න්දර ය. නැති­නම් ඔහුගේ සිත සියුම් කළ කල්පනා ය. ඒ වෙන­සක්, දියු­ණු­වක් හා වර්ධ­න­යක් අවැසි පාඨක ප්‍රජා­වක් වෙනු­වෙනි.

Comments