පාවුලෝ කොයියෝ කියන්නේ සියලු නිධාන පවතින්නේ අප හදවත් ඇතුළත බව ය. ඒ නිධාන මතු කර ගැන්මට තරම් සියුම් බවක්, අවදි බවක් අප හදවතෙහි නැති බව ය. ඔහු ඒ බැව් කිව්වේ ලෝක පූජිත “The Alchemist” කෘතිය ලියමිනි. මෙය චූලානන්ද සමරනායක “සන්තියාගෝ නම් සැරිසරන්නා” නමින් සිංහලට නඟා තිබේ. අපේ ජීවිතයේ මඟ හැරෙන දේ නිසා අපට කොතරම් දේ අහිමි වෙනවාද යන්න ගැන ලියවුණු මේ වැනි දෑ දකින...