ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති Komatsu පාරිභෝගික හමුවකදී වෛද්‍ය කිත්සිරි මංචනායක මහතා වෙත ලබා දෙන ලදී.
'200 න් 300 ක වැඩ යන තේමාව යටතේ DIMO මෙම නවතම හඳුුන්වා දීම වෙළෙඳපළට ඉදිරිපත් කරන ලදී .
Komatsu PC210-10M0 Excavator සහ PC200-8 යන මාදිලි ද්විත්වයම 200-පන්තිය (ටොන් 20) යටතේ ක්‍රියා කරන නමුත් Komatsu PC210-10M0 Excavator සතුව 300-පන්තියේ (ටොන් 30) යන්ත්‍රයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇති අතර PC200-8 මාදිලියට සාපේක්ෂව 40% වැඩි ඵලදායිතාවයක් ද ලබා දෙයි.
සුවිශේෂී ජපන් තාක්ෂණය මුසු කරමින් විශිෂ්ට කල්පැවැත්මක් සහතික කර ඇති මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඕනෑම වැඩබිමකට / පරිසර තත්ත්වයකට සුදුසු වන අතර එහි පරිසර හිතකාමී එන්ජිම කාබන් විමෝචනය අඩු කරයි.